
(ප්රසාද් රුක්මල් )
හාලිඇල , නෙලුව හරහා බණ්ඩාරවෙල මාර්ගයේ ශාන්ත ජේම්ස් ප්රදේශයේදි අද (4) අලුයම එකම පවුලේ පිරිසක් ගමන්ගත් ත්රිරෝදරථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 450 ක පමණ ප්රපාතයකට පෙරලීයාමෙන් පියා මියගොස් කුඩා පුතුන් දෙදෙනා සමග ත්රිරෝදරථ රියැදුරු බරපතළ තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුලත් කළ බව ඇටම්පිටිය පොලිසිය පවසයි .
බණ්ඩාරවෙල චෙල්සිවත්තේ පහලකොටස පදිංචි ව සිටි සම්සුදින් ජවුෆර් (41) නැමත්තා අනතුරින් මියගොස් ඇතයි පොලිසිය කීය .
මෙම පියා සිය පුතුන් දෙදෙනා සමඟ ත්රිරෝදරථයකින් පස්සර ප්රදේශයේ පල්ලියක පැවති ආගමික වැඩසටහනකට සහභාගි වී ආපසු රාත්රි බණ්ඩාරවෙල චෙල්සිවත්තේ සිය නිවස කරා යමින් සිටියදී මෙසේ ත්රිරෝදරථය ප්රපාතයට පෙරලී ගොස් ඇතයි පොලිසිය සදහන් කලේය .රියැදුරුට නින්දයාමෙන් මෙම අනතුර සිදුවෙන්නට ඇති බවට පොලිසිය සැකකරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd