IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


තාක්ෂණික අවුලෙන් අයදුම්කරුවන් 10,000කට අවුලක්

(යොහාන් භාසුර)

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි වර අයදුම්කරුවෝ 10,000 කට අධික සංඛ්‍යාවකට අයදුම් නොකළ විෂයක් ඇතුලත් විභාග ප්‍රවේශපත් ලැබීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ තාක්ෂණික කරුණක් හේතුවෙන් මෙම ගැටලුව ඇතිවී ඇති බවත් මේ වන විට ගැටලුව විසඳා ඇති බවය.

එම ගැටලුව සම්බන්ධයෙන් අදාළ පාසල්වලට දැනුම් දී ඇති බව කී විභාග කොමසාරිස්වරයා අයදුම්කරුවන් විභාගයට පෙනී නොසිටියේ යැයි විභාගයෙන් පසුව කිසිවිටෙකත් සලකුණු නොවන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය වසරට අදාල අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන 6 වැනිදා ආරම්භවීමට නියමිතය.

ඊට අයැඳුම් කරුවන් 452979ක් සුදුසුකම් ලබා ඇති අතර ඉන් 65,331ක් පෞද්ගලික අයැඳුම්කරුවන් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 



අදහස් (2)

තාක්ෂණික අවුලෙන් අයදුම්කරුවන් 10,000කට අවුලක්

විහංගා Saturday, 04 May 2024 01:23 PM

වර්තමානයේ තාක්ෂණික පහසුකම් ඉහළින් තිබුණත් ඉන් පෙර කාලයේ වුණත් ඔහොම දේවල් වෙලා තියෙනවා. සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් ඉදිරිපත් කර විභාගයට නොගිය කෙනෙක් එක විෂයක් සමත්වෙලා කියලා ප්‍රතිඵල ලැයිස්තුවේ තිබුණා. ඒ අතර එක් හාමුදුරුවන් කෙනෙක් ගෘහ විද්‍යා විෂය සමත්වෙලා තිබුණා...

:       0       0

shantha Saturday, 04 May 2024 05:31 PM

විභාගවලදීම තාක්ෂණික ප්‍රශ්න වෙන්නේ කොහොමද? එහෙම වෙනවා නම් සිදුවෙන්නේ තාක්ෂණය ගැන නොදන්නා අය අතින්... නැතිනම් කාගෙන් හරි ජරාවක් කාපු හොරෙක්ගේ අතින්. එහෙම වැඩ "අප්සෙට්" කරන පුද්ගලයාව හොයාගෙන, මිනිහාව ඒ අංශයෙන් වෙන තැනකට "නැවත කවදාවත් උසස්වීමක් නොලැබෙන" ආකාරයට මාරුකරන්න බැරිද? එහෙම වැරැදිකාරයාව හොයාගන්න බැරි නම් ඒ අංශයේ ඉන්න ඔක්කෝම කට්ටියව ඩිමොට් කරලා කොහේට හරි මාරුකරලා අලුතෙන්ම කණ්ඩායමක් අරගන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේ මුහුද ගැන බලන්න අපේම පරීක්ෂණ කණ්ඩායමක්
2024 මැයි මස 18 0 0

ශ්‍රී ලංකාව අවට මුහුදේ පරීක්ෂණ කටයුතු සඳහා ලාංකික විශේෂඥ පර්යේෂණ කණ්ඩායමක් ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක සාගල රත්නායක ම


ජාතික විගණය බාල බෙහෙත් සිද්ධියේ වැරදිකරු පෙන්නයි
2024 මැයි මස 18 387 0

ගුණාත්මකභාවය පරීක්ෂා කෙරෙන අවම ක්‍රමවේදයකින් හෝ තොරව ඖෂධ මෙරටට ගෙන්වා රෝගී ජනතාව අවදානමට ලක් ලක්කර ඇති හෙයින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි ප


දේශපාලන රැස්වීම්වලට ග්‍රාමසේවකලා නැතිලු
2024 මැයි මස 18 182 1

දේශපාලනඥයන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.


නාවික හමුදාවේ 3,146කට උසස්වීම්
2024 මැයි මස 18 125 1

කොටි ත්‍රස්තවාදය පැරදවා වසර 15 ක් සම්පූර්ණ වීම වෙනුවෙන් සංවිධානය කරන 15 වැනි රණවිරු සමරුවට සමගාමීව නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3,146 කට උසස්ව


උසස් පෙළ පන්ති පැවැත්වෙන්නේ මෙහෙමයි
2024 මැයි මස 18 1034 5

පසුගියදා (15) අවසන්වූ 2023/2024 අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සඳහා ජුනි 04 දින උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සම්බන්ධ චක්‍රලේඛය අධ්‍යාපන අමාත


මත් කුඩු කිලෝ 450ක් අද වනසයි
2024 මැයි මස 18 578 0

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 450 කට අධික තොගයක් විනාශ කිරීම අද (18) පස්වරු 5.00 ට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පති දේශබන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 773 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2319 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1985 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site