IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අපේ මුහුද ගැන බලන්න අපේම පරීක්ෂණ කණ්ඩායමක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව  අවට මුහුදේ පරීක්ෂණ කටයුතු සඳහා ලාංකික විශේෂඥ පර්යේෂණ කණ්ඩායමක් ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතාට දැනුම් දුන්නේය.

අදාළ පර්යේෂණ කණ්ඩායම සඳහා යම් පහසුකම් අවශ්‍ය වුවහොත් ඒවා ලබා ගැනීමට සහය වන ලෙසද රත්නායක මහතා ඇමරිකා සහකාර රාජ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.

සාගල රත්නායක මහතා සහ ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා අතර කොළඹදී පැවති හමුවකදී මෙම ඉල්ලීම සිදු කෙරිණි.

එම පරීක්ෂණ කණ්ඩායම පිහිටුවීමෙන් පසුව විදෙස් නෞකා වලට ශ්‍රී ලාංකික මුහුදු තීරයට පැමිණ පරීක්ෂණ කටයුතු කිරීමට අවශ්‍ය නොවන අතර ඔවුන්ට අවශ්‍ය දත්ත පිළිබඳව දැනුම් දුන් පසු ලාංකික පර්යේෂණ කණ්ඩායම හරහා ඒවා ලබාදීමට හැකියාව ලැබෙන බවද රත්නායක මහතා දැනුම් දුන්නේය.

ජපානය,ඕස්ට්‍රේලියාව වැනි රටවල්ද මේ කාර්යය සඳහා සහාය ලබා දෙන බව කී සාගල රත්නායක මහතා ලාංකික පර්යේෂණ කණ්ඩායම විසින් ලංකාවට අයත් ඉන්දියන් සාගර කලාපයේ ලබාගන්නා දත්ත අවශ්‍ය නම් විදෙස් රටවලට ලබාදීමට හැකියාව තිබෙන බව සඳහන් කළේය.

එමෙන්ම මේ වනවිට ලාංකික හමුදා නවීකරණය කිරීම සඳහා සමාලෝචනයක් සිදුකරමින් සිටින බවද සාගල රත්නායක මහතා කීය.

මෙහිදී ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා සඳහන් කර ඇත්තේ අදාල කටයුතු සඳහා ආධාර සහ දැනුම ලබාදීමට හැකියාව පවතින බවයි.



අදහස් (0)

අපේ මුහුද ගැන බලන්න අපේම පරීක්ෂණ කණ්ඩායමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 172 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 977 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site