ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී කාන්තා කේවළ ඉසව්වේ මුලික වටයේ දෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා තිළිණි ජයසිංහ පරාජය වුවාය. ඒ අනුව තිළිණි සහභාගි වු තරග දෙකම පරාජය ලබා තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. පෘතුගාලයේ ටෙල්මා සන්තොෂ් සහ තිළිණි අතර අද (30) පැවැති මිනිත්තු 19 ක කාලයක් ගත වු තරගයෙන් 21/9, 21/11 ක් ලෙස තිළිණි පරාජය විය. තිළිණි 28 වැනිදා සහභාගි වු පළමු තරගයෙන් තායිලන්ත ක‍්‍රීඩිකා රට්චනොක් ඉන්ටනොන් හමුවේ පරාජය වුවාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම තමයි. කවුරු ලන්ඩන් ගියත් අන්තිමට දිනන්නේ දක්ෂයන් විතරයි. (නි)
කතාව තරමට වැඩ නෑ.....(නු)
තිලිනිට නායකකම දෙන්න තිබුනේ .... එහෙනම් රන් පදක්කම ගේනවා ... !(නු)
කමක් නැහැ දුක් වෙන්න එපා (දී)
නටන්න බැරි මිනිහට පොළව ඇදයිලු.(වි)
කමක් නැහැ කමක් නැහැ.. ඔලිම්පික් තරගවලට ගිහිං තරග කරන්න හරි යන්න හැමෝටම බැහැනෙ... සුභ පතනවා..!!(නු)
කතාව තරමට වැඩ නෑ (ස)
දක්ෂතාවයෙන්ම නෙමෙයිනේ ගියේ .......... (ස)
ඔලිම්පික් කණ්ඩායමේ නායකත්වය දුන්නනම් මෙයාට මෙයා අනිවාර්යයෙන්ම දිනනවා.. නිලුකත් නායකත්වයේ වගකීම ඉටුකරමින් ඉන්නවා සුභ පැතුම්..!! (නු)
ලංකාවේ නම රකින්න (දී)
මෙයා යන්න තේරුනේ කොහොමද ??(ස)
තිළිණි, ඔබ හොඳට දක්ෂකම් පෙන්වන්න, එතකොට ඔබේ බලාපොරොත්තුවෙන හැම දෙයක්ම ඉබේම ළඟාවෙවි. සුභ පතමි (අ)
ජයා, එහෙනම් ඔයා යන්නකෝ...(ස)
පළවෙනි වතාවේ කීවේ "හුළං පහර තමන්ට අවාසි වුණා" කියලා. බලමු මේ වතාවේ හේතුව මොකක්ද කියලා. (නි)
ඇයි මේ අහිංසක කෙල්ලන්ට අනම් මනම් කතා කියන්නේ..(ස)
ඔයාගේ කතාව වගේ වැඩ නැනේ .පන්දමට නේද ගියේ ??? (දී)
කමක් නැහැ. තරග වැදීමත් දිනුමක් තමයි (දී)
කමක් නැහැ අපි තරහ නැහැ (දී)
ඔයාලට ඔලිම්පික් යන්න ලැබුණු එකත් ලොකු දෙයක් .ඔයා හොඳ තරඟයක් දුන්නා....ඔයා ලෝකේම දක්ෂයෝ එක්ක තරඟ කරේ....ලෝකෙට ඔයා පරාද උනත් අපිට ඔයා දිනුම්....(ස)
කට වගේ වැඩ නෑ....(ස)
සහභාගි වීමයි වැදගත් වෙන්නේ. (නි)
තිලිනි බලාපොරොත්තු උන නායකත්වය ලැබුණානම් අනිවාර්යයෙන්ම දිනනවා .මේක නායකත්වයේ ප්‍රශ්නයක් එයා අදක්ෂ නැ (දී)
කමක් නැහැ පැරදුනාට. අඩුගාණේ ලන්ඩන් වත් යන්න පුලුවන් වුණානේ. (නි)