(මනෝප‍්‍රිය ගුණසේකර)
බලපත‍්‍රයක් නොමැතිව අලි පැටවකු ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව අධිකරණයට බාරවීමෙන් පසු වැඩතහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතාට ඇප ලබාදීමේදී මසකට වරක් රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස පනවා තිබු ඇප කොන්දේසිය ලිහිල් කළ කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා මාස දෙකකට වරක් රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස අද (23) නියම කළේය.
හිටපු අතිරේක මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසිය හමුවේ වාර්තා කිරීමට යන අවස්ථාවලදී ඔහු අතිරේක මහෙස්ත‍්‍රාත්වරයකු ලෙස සේවය කරන සමයේදී ඇප ලබාදුන් සැකකරුවන්ද ඇප කොන්දේසින්ට අනුව රහස් පොලිසිය හමුවේ වාර්තා කිරීමට පැමිණෙන බව දැනුම් දෙමින් නීතීඥ අජිත් පතිරණ මහතා කළ ඉල්ලීමක් සළකා බැලූ විනිසුරුවරයා එලෙස ඇප කොන්දේසි ලිහිල් කළේය.
කොළඹ හිටපු අතිරේක මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතාගේ ඇප කොන්දේසි ලිහිල් කළ දෙවැනි අවස්ථාව මෙය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමකාලීනයෝ හැටියට සැළකෙයි කියලා පොඩි ලැජ්ජාවක් දැනිල වෙන්න ඇති. මොනවා කරන්නද ඉතින්, එහෙම දේවල් කරපු අයට මෙතුමාත් ඔහොම දේවල් කරන්න ඇතිනේ නේද? ඒකනේ මෙහෙම දේවල් සිද්ධ වෙන්නේ. දැන් යාලුවෝ මුණගැසෙන්නේ මාස දෙකකට වරක්නේ?
ඒක නම් එතකොට එහෙමයි. එ්ත් අර අලි කේස් එකට පටලැවුණු මහා සංඝයාට මොකද වුනේ?