තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මහා පරිමාණ පුවරු ප්‍රදර්ශනය කිරිමට උත්සහ කළ ඉන්දියාවේ තිරුචි නගරයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේන බව ඩෙකෑන් ක්‍රොනිකල් පත වෙබ් අඩවිය අද (25) පවසයි.
“නාම් තමිලර් කච්චි” නැමැති දේශපාලන පක්ෂයේ සමුළුවක් වෙනුවෙන් නගරයේ තැන තැන පුවරු ප්‍රදර්ශනය කර තිබු බව වාර්තා වෙයි.
පොලිසිය නීති විරෝධී පුවරු ඉවත්කිරිමට යාමේදී පිරිසක් විරෝධය පෑහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙස් විදෙස් එකම අරමුණකට එකතුවෙන හැඩ (බ)
ඉන්දියාවේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ. අපි එහෙම හිතාගෙන ඉදිමු. (ම)
අපිටත් ඉතින් දැන් රටක් නැහැනේ.මේක බහුජාතිකයි කියලනේ දැන් අපේ අය අපිට කියන්නේ (නි)
අන්ධානුභාවයෙන් අදහස් දාන අපේ උදවියට මේ ජාතික පක්ෂය පෙනෙන්නේ නැහැ නුවන් මහතාණෙනි. එයාලට ඕනෑ බෙදුම්වාදය පරාජය කරන්න නොවේ. මේ ආණ්ඩුව ඉදිරියට ගෙනයන්න. රට උකසට තබා ලබන දියුණුව මොකටද? රට බෙදුම්වාදීන්ට බන්දේසියක තබා ලබාදී ලබන විදේශීය හොඳ හිත මොකටද? ලබන ඇඟලුම් වලට ජිඑස්පි සහනය මොකටද? ලබාගත් නිදහස පාවා දී යුරෝපා මාළු අපනයන තහනම ඉවත්කර මොකටද? දැන් අර වෙනස් නම් වලින් අදහස් දාන පුද්ගලයෝ ටික මේකටත් මහින්දටම දොස් කියාවි. (නි)
මේ ආණ්ඩුව ආපු ගමන් පහුගිය ආණ්ඩුවෙන් බ්ලොක් කරලා තිබුණු ටැමිල්නෙට් එකේ බ්ලොක් එක අයින් කළා. තවදුරත් උන්ගේ අදහස් වලට තහනමක් නෑනේ. දකුණු ඉන්දියාවේ සරණාගතයෝ එවනවා ලංකාවට. තව ටික කාලයක් ගිහාම ඉන්දියන් අය ඊළමක් ඉල්ලයි ලංකාවෙන්. දැනටම ඉල්ලනවනේ. චන්දෙ දවස්වල නම් කිව්වේ ජාත්‍යන්තර වශයෙන් කොටි සංවිධානය තහනම් කරලා නැති කරන්න පියවර ගන්නවා කියලා. ඔක්කොටම කලින් අල්ලපු රටේ කොටි සංවිධානයට තහනමක් ඇති කරගන්න බැලුවොත් මොකද. දැන් ජනාදිපති බෙදී වෙන්වෙලා තිබුණු ජාත්‍යන්තරය එක්සේසත් කළානේ. මෝදිත් ආවේ මෙහේ. කතා කළා නම් තහනමක් ගන්න බැරි වෙන එකක් නෑ. (නදී)
ජාත්‍යන්තරය එක්සේසත් වුනේ එයාලට ඕනෑ විදියට මේ රජය කටයුතු කරන හින්දයි. මෙතන ජාත්‍යන්තරය කියන්නේ ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල්, ඒ රටවල් අපට ත්‍රස්තවාදය නැති කරන්න උදව් කළේ නෑ.වැඩි කල් නොගොස් කිලිංග්ස් ෆීල්ස් චැනල් 4 චිත්‍රපටිය ලංකාවේ පෙන්නවයි. දැන් ඩයස්පෝරාව වැඩ පටන් අරන්. (බ)