මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහාය දැක්වීමට ආණ්ඩුවට ගිය තමා ඌව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතාට සහාය දක්වන බවත්, ඔහු මහ ඇමැති වනවාට කැමති බවත් ඌව පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කියයි.
ඔහු අද ඌව ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා හමුවී හරීන් ප්‍රනාන්දුට සහාය දැක්වීමට කැමැත්ත ප්‍රකාශ කළේය.
තමා හිටපු ජනපතිට සහාය දැක්වීමට ගියත් එජාපයෙන් ඉවත් නොවූ බව ද කුට්ටිආරච්චි මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් අනිත් පැත්තට පැන්නා.දැන් නැවතත් රිවස් ගියර් එක දැම්මා.ඒ පැත්තෙන් ගත් දේවල් ගැන අහන්නේ දැන් කාගෙන්ද මහත්තයෝ....? (නි)
මෙහෙමත් දේශපාලකයන්, මට නම් වමනෙට එනවා. (නදී)
මේ අයට ඡන්දය දෙන්න හොඳ නැහැ..(හේ)
එතෙර සිටින හරකාට මෙතෙර කොළ පාටයි කියලා දෙමල කියමනක් තියෙනවා .(හේ)
ඇඳුම් ගලවල අාවා නම් තමයි හොඳ.(හේ)
මේ වගේ දෙපිටකට්ටුවෝ නම් ගන්නම හොඳ නැහැ. රනිල් අගමැතිතුමනි, හරීන් මැතිතුමනි, මහින්ද මහත්තයා දිනුවානම් මූ ඔය ටික කියයිද? (හේ)
වැල යන පැත්තට මැස්ස ගහන මෙවැනි දෙපිටකාට්ටුවන් සමග නම් යහපාලනයකට යනවා බොරු. (හේ)
ඇඳුමක් ඇඳන්ද මේ ආපසු එන්නේ මෙයා ? (හේ)
සමන්, ඔබ තුමා හරි .(හේ)
මේ වගේ තව පිනුම් බලාපොරොත්තු විය හැකියි ඉදිරියට.(හේ)
දැන් හරීන්ට පුළුවන් දේශපාලන බැලයන්ට පාඩමක් උගන්වන්න (බ)
දින 100 වැඩ සඳහා පක්ෂ මාරුවකදී මන්ත්‍රීකම අහිමි වන පරිදි නීතියක් පනවන්න. (බ)
මෙවන් හොරු ගන්න නම් එපා. (ස)
අපිට දැනෙන,හොඳට ලියන අදහස් දැන් දැන් එසැනේ පලවෙන්නේ නැහැ. එත් සමන් ගේ අදහස හරි ඇති. එත් ඒ බාසා රටාව එසැන විසින් මෙහි පළකර තිබෙනවා. ඒ ගැන මට පුදුමයි. මේක වෙබ් නිව්ස් එකක් උනත් මෙය ලංකාදීප පත්‍රයයි. (ස)
ශ්රී ලංකාවේ දේශපාලනයේ යම් පමණකට හෝ වැදගත් කමක් තිබුන නම් ඒක විනාශ කලේ මෙවැනි දේශපාලුවන් තමයි . මෙයාලව නැවත ගත්තොත් කලින් ආණ්ඩුවට වූ දේම මේ ආණ්ඩුවටත් සිදුවේවි. (ස)
පැනිල්ලෙන් පසුව තිබුන කුට්ටියත් නැති වුන බව තේරෙන්න ඇති. (ස)
රෙදි ඇදගෙනද දන්නෑ ඉන්නේ. (ස)
මන්ත්‍රීලාගේ ඔළුගෙඩි එහා මෙහා කරලා බලය ඇල්ලීම පිළිගත නොහැක. මහින්ද කලෙත් ඕකම තමා. බලය ගත යුත්තේ මැතිවරණවලින්. (ස)
මේ පුද්ගලයෝ අයිමත් ගත්තොත් මේ ආණ්ඩුව දිනවපු අපිට ඉක්මනටම එපා වේවි...(ස)
අාවොත් හොඳයි නාවොතින් වැඩිය හොඳයි.(හේ)
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කියන්නේ ඕකට තමයි.(හේ)
ලැජ්ජාවක් කියන දෙයක් ගැවීලාවත් නැද්ද කොහෙද?(හේ)
මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ අපේ රටේ.අනේ මන්දා තේරුම් ගන්න බෑ.(හේ)
ඡන්දේ දෙන අපිට ලැජ්ජයි.(හේ)
ලැජ්ජ නැතුවද අනිත් පැත්තට ආයේ ගියේ.(හේ)
මොහු හරින් එක්ක වැඩකරන්න බැහැ කියලනේ සන්ධානයට එකුතු වුනේ ,දැන් කොහොමද දන්නේ නැහැ හරින් හොද වුනේ අනේ මන්ද අපිටද පිස්සු නැත්නම් මේ දේශපාලකයන්ටද කියලා.(හේ)
අනේ මෙහෙමත් දේශපාලනයක් (දිල්)
මෙතරම් පුදුම වේගයකින් එහා මෙහා පනින දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වූයේද මහින්ද ජනපති යුගයේය. කෙසේ වුවද මොවුන්ගේ සහය ගැනීම වරදක් කොට නොදකිමි. එහෙත් ඔවුන්ට කිසිදු තනතුරක් නොදීමට වග බලා ගත යුතුය. මහින්ද මහත්තයාට වැරදුනේ පනින්වුන් ගත් නිසා නොව තමන්ට හයිය දුන් අය පසෙක සිටියදී, ජයගත් පසුව පැනපු අයට ලොකු තනතුරු දීම නිසාය.(දිල්)
දේශපාලන අඳබාලයෝ මෙහෙම කරද්දි ජනතාවට අබ සරණයි (බ)
මේකට කියන්නේ තුන් පිම්ම කියලා......(බ)
මෙයා අද හරින්ට සපෝර්ට් කරන්න ආවේ ඇඳුම් නැතුවද? (බ)
අනේ මන්දා ජනතාව හැමදාමත් පරාදයි දේශපාලකයො හැමදාම දිනුම් මේවා නිසා ජාතියක් විදියට අපි පහළට වැටෙනවා (බ)
අවස්ථාවාදී දේශපාලනය. (ස)
කටුස්සෝ වගේ ,,,,,,,,,,,,,,,,, ජනමාධ්‍යයට කියපුවා මතකද? ඇඳුම් ගලවල අාවා නම් තමයි හොඳ. (ස)
මහේෂ් ඔබතුමාගේ කියමනට මාත් හිස නමමි. (ස)
දේශපාලන නපුංසකයින් කොහොමටවත් ගන්න එපා (නදී)
පැනපු තැනම ඉන්න කියනවා මිස මෙහෙම උදවිය ආපසු ගන්න එක අතිශයින් භයානකයි. කවුද දන්නේ ආපසු එන්නේ කාගේ හරි කොන්ත්රාත්තුවකටද කියලා.(හේ)
ලැජ්ජ නැතුවද අනිත් පැත්තට ආයේ ගියේ ලොකු තනතුරු දීම නිසාය අනේ මෙහෙමත් දේශපාලනයක් (බ)
දැන් ඉතින් ගියපු අය ඔක්කොම එන්න පටන් ගනීවී පුදුම වෙන්න දෙයක් නෑ (දිල්)
පනින්න පෙර සිතා බලනු! (දිල්)
මෙය හරියට කටුස්ස වගේ.(හේ)
මේ වගේ අයව නොගන ඉන්න පක්ෂය වග බලා ගත යුතුයි.(හේ)