IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තිස්ස - අනුරාධි මැරතන් තරග දිනති

ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ මැරතන් (පිරිමි) තරගයේ රන් පදක්කම බස්නාහිර පළාත නියෝජනය කළ තිස්ස ගුණසේකර විසින් දිනා ගන්නා ලදී. ඔහු මෙම මැරතන් තරගය ජය ගත් පළමු අවස්ථාව මෙය වේ.

තිස්නවවැනි වරටත් පැවැත්වෙන ජාතික මහ කී‍්‍රඩා උළෙලේ මැරතන් තරගය අද (30 වැනිදා) කතරගමදී පැවැත්විණි.

මෙවර තරගමාලාවේ මැරතන් කාන්තා රන් පදක්කම දිනා ගත්තේ මධ්‍යම පළාතේ ක‍්‍රීඩිකාවක් වන අනුරාධි බෝගහවත්තය. ඇය වසර 2010 දීත් මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

කාන්තා මැරතන් තරගයේදී තෙවැනි ස්ථානය ලබමින් ලෝකඩ පදක්කමට හිමිකම් කී මධ්‍යම පළාතේ ක‍්‍රීඩිකාවක් වන වී. ක‍්‍රිෂාන්තිනිගේ ජයග‍්‍රහණය අවලංගු කිරීමට තීරක මඩුල්ල පියවර ගත්තේය. ඊට හේතු වූයේ ඇය තරග නීති රීති උල්ලංඝණය කරමින්, ශක්තිජනක පානයක් ලබා ධාවනයේ යෙදුණ බව හෙළිදරව් වීමයි. ඒ පිළිබඳව විභාග කළ තීරක මණ්ඩලය කි‍්‍රෂාන්තිනී තරගයෙන් ඉවත් කරමින් සිව් වැනි ස්ථානයට පැමිණි බස්නාහිර පළාතේ සුජානි පියුමිකාට ලෝකඩ පදක්කම ප‍්‍රදානය කිරීමට තීරණය කළේය.

මැරතන් (පිරිමි) රන් පදක්කම 10 වතාවක් දිනා සිටින ප‍්‍රවීණතම මැරතන් ධාවකයෙකු වන අජිත් බණ්ඩාර කිලෝමීටර් 32 ක් පමණ ධාවනයේ යෙදීමෙන් පසු තරගයෙන් ඉවත් විය. කොන්දේ ආබාධයක් හේතුවෙන් තමන් තරගයෙන් ඉවත් වූ බව ඔහු ලංකාදීපය කළ විමසුමක දී පැවසීය.

අජිත් බණ්ඩාර පසුගිය වසර දෙකේදීත් මැරතන් තරගයේ රන් පදක්කම දිනා ගත් ක‍්‍රීඩකයාය.

මෙවර මැරතන් තරග දෙකේදී පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථානය ලබාගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හය දෙනාට වසරක කාලයක් සඳහා රුපියල් 10,000 ක්, රුපියල් 7,500 ක් සහ රුපියල් 5,000ක් බැගින් මාස්පතා ගෙවීමට නෙස්ලේ ලංකා සමාගම ඉදිරිපත් විය.

මෙවර මැරතන් තරගයේ රන් පදක්කම් දිනා ගත් ක‍්‍රීඩකයා හා ක‍්‍රීඩිකාවගේද පුහුණුකරුවා වන්නේ කපිතාන් ඞී. එම්. ඞී. දිසානායක මහතාය. මැරතන් ක‍්‍රීඩිකා ක‍්‍රිෂාන්තිට ලෝකඩ පදක්කම අහිමි වීම සම්බන්ධයෙන් ඔහුගේ පුහුණුකරු එස්. බී. විතාන මහතා සිය දැඩි කණස්සල්ල පළ කළේය. ඇයට සෘජුවම දඬුවම් කිරීමට ගත් තීරණය අසාධාරණ බවත් ලෝකඩ පදක්කම හිමිවූ කී‍්‍රඩිකාවගේ පුහුණුකරු තරග තීරක මණ්ඩලයේ කටයුතු කිරීම ප‍්‍රශ්නකාරී බවත් විතාන මහතා පැවසීය.

තරග ප‍්‍රතිඵල

පිරිමි තරගය
1. තිස්ස ගුණසේකර (බස්නාහිර - පැය 2 විනාඩි 26.39)
2. අජිත් රත්නායක (වයඹ - 2.28.50)
3. චතුරංග ප‍්‍රනාන්දු (වයඹ - 2.29.56)
4. කේ.ඒ.එස්. රත්නායක (සබරගමුව - 2.31.15)
5. ලක්ෂිත සිරිමාන (බස්නාහිර - 2.31.57)
6. ආර්.ඒ.පී.ඞී. අරුණසිරි (උතුරුමැද - 2.32.39)
7. ඩබ්.ජී. ජයරත්න (උතුරුමැද - 2.32.39)
8. ඊ.එම්.සී.කේ. ඒකනායක (මධ්‍යම - 2.33.22)
9. යුක්ති තිරංග (ඌව - 2.35.39)
10. පී. විග්නේෂ්වරන් (මධ්‍යම - 2.35.49)

කාන්තා තරගය
1. අනුරාධි බෝගහවත්ත (මධ්‍යම - පැය 2 විනාඩි 58.03)
2. ඞී.ඒ. ඉනෝකා (මධ්‍යම - 2.58.42)
3. සුජානි පියුමිකා (බස්නාහිර - 3.01.36)
4. රුවිනා දීපානි (දකුණ - 3.06.43)
5. කේ.එම්.එස්.එම්. වික‍්‍රමසූරිය (මධ්‍යම - 3.09.35)
6. එල්.අයි.එම්. ලෝරන්ස් (උතුරුමැද - 3.13.26)
7. දිස්නා මල්කාන්ති (උතුරුමැද - 3.14.41)
8. එම්.ජී.ඞී. විජයපතිරණ (උතුරුමැද - 3.14.42)
9. එම්.ඒ.එම්.කේ. ප‍්‍රනාන්දු (බස්නාහිර - 3.19.33)
10. පී.ඞී.ජී. දර්ෂිකා (සබරගමුව - 3.19.59)

 

 



අදහස් (0)

තිස්ස - අනුරාධි මැරතන් තරග දිනති

නිල්මිණි Monday, 01 July 2013 01:12 PM

හොද වැඩක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site