අයි. පී. එල්. තරගාවලියේ තෙවැනි තරගයේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් පූනේ වොරියර්ස් පිලට එරෙහිව ලකුණු 22 ක ජයක් ලබාගැනීමට කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල සමත්විය.
ලකුණු 19 කට කඩුලූ 3 ක් දවාගත් අමීත් මිශ්රා තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබීය.
තිසර පෙරේරා පන්දු 18 කට පමණක් මුහුන දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් වේගවත් ලකුණු 30 රැස්කළ අතර ලකුණු 29 කට කඩුලූ 2 ක් දවාගැනීමට ද සමත්විය.
රාහුල් ශාර්මා යැවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් දැවීයන විට කුමාර් සංගක්කාර ලබාසිටියේ ලකුණු 15 ක් පමණි.
18 වැනි ඕවරයේදී එක් ලකුණකට කඩුලූ 3 ක් දවාගත් ඬේල් ස්ටේන් තම පිලේ ජයග‍්‍රහණය තහවුරු කළේය.
සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල ඕවර 20 තළදී කඩුලූ 6 ක් දැවී ලකුණු 126
(අක්ෂත් රෙඞ්ඩි 27, පාර්තිව් පටේල් 19, කුමාර් සංගක්කාර 15, තිසර පෙරේරා 30, අශොක් ඩින්ඩා 29/2)
පූනේ වොරියර්ස් පිල ඕවර 18.5 ක් තුළදී සියලූදෙනා දැවී ලකුණු 104
(රොබින් උක්තාපා 24, මනීෂ් පාන්ඬේ 15, රොස් ටේලර් 19, අභිශේක් නායර් 19, ඬේල් ස්ටේන් 11/3, අමීත් මිශ්රා 19/3, තිසර පෙරේරා 20/2)
(**)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි (නි)
නායකයෝ දෙන්නම ලංකාවේ හින්දා කණ්ඩායම් දෙකටම සුභ පැතුම් !(ස)
අපේ කොල්ලන්ගේ දස්කම් වලට සුබ පතමු..(ස)
යේ යේ. අපේ සංගා කොහොමත් දක්ෂයනේ. ලෝකේ ඉන්න ඇති විශිෂ්ටම නායකයෙක්. සංගා ඔබ කොහේ සෙල්ලන් කරත් ඔබ අපිට වටිනවා. සංගා තිස් ඔබ දෙපලටම සුබ පැතුම්. ඉදිරි තරගත් ජය ගන්න.(නදී)
අපේ වීරයෝ හැමෝටම සුබ පැතුම් . සංගා ඇතුළු හැම වීරයෙක්ටම.(නදී)
සංගක්කාරට සුබපැතුම්.(නදී)
අති විශිෂ්ට නායකයෙක්. (නි)