පෞද්ගලික ගමනක් යමින් සිටි රජයේ වෛද්‍යවරයකු වටවල බස් අනතුර දැක තුවාලකරුවනට ප්‍රතිකාර කිරීම මහාපාරේ දීම අරැඹීය. දික්ඔය රෝහලේ රවින්ද්‍ර කුමාර් සුදර්ශන් නම් මේ වෛද්‍යවරයා කළ මෙහෙය අගය කරන බව වටවල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අයේෂා වෙත්තසිංහ මහත්මිය කියන්නීය. තුවාලකරුවන් සමග වටවල රෝහලට ගිය දොස්තර සුදර්ශන් එහි වෛද්‍යවරුන් සමග එක් වී ප්‍රතිකාර කෙළේය. එහි සිටි සියලු දෙනාම මේ වෛද්‍යවරයාගේ සේවය අගය කළහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පළාතට ආවොත් පාවඩ දාල පිළිගන්නවා (ස)
ඔබතුමාට මුලුමහත් ලක්වැසියන්ගේම ආචාරය හිමිවේවා! (නි)
අවංකයි කියලා කියන්න පුලුවන් කෙනෙක් හොයාගන්න අමාරු අද ලංකාවේ එවැනි කෙනෙක් දුටුවිට මිනිසුන් හදවතින්ම ප්‍රශංශා කරනවා. (නි)
ජාති ජාතිත් ඔබතුමාට පින් සිදු වේවා (ස)
ජාතිවාදී ඩයස්පෝරාවට හොද කණේ පාරක්... (නි)
ඔබට නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා! (නි)
අපේ රටේ හොඳ හදවත් තියෙන මිනිස්සු ඉන්නවා...ඔබට තෙරුවන් සරණයි (ස)
ජයමිපති, ජාතිවාදය තිබෙන බව ඔබේ ප්‍රතිචාරයෙන්ම පෙනෙනවා. (නි)
බුද්ධදාස රජතුමාව මතක් වුණා. (නි)
නොමිනිසුන් පිරුණු ලෝකයේ ඔබ උත්තම පුද්ගලයෙකි. (නි)
පුදුමයි. හරිම හොදයි. (නි)
එක පුන් සඳෙන් දුරුවෙයි ලොව ගණ අදුරු . නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු (ස)
ඔබ තුමාට අපි සුබ පතනවා (ස)
අනේ වාසනාවන් මේ දොස්තර මහත්තයා ..ඔබ නියම දොස්තර මහත්තයෙක් (ස)
උතුම් මිනිසෙක්. (නි)
වන සිව්පාවන් වැනි මිනිසුන් මැද ...දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත......(ස)
මෙන්න නියම මිනිස්සු .සල්ලි පස්සේ දුවන අයට හොඳ ආදර්ශයක් ..ඔබට ජය වේවා (ස)
"තිලක් 2012-10-22 14:03:44 ඉතින් මේකට විරුද්ධව අනිත් වෛද්‍යවරු ස්ට්‍රයික් කරන්නේ නැද්ද?" මනුස්සකම ගැන කලාතුරකින්වත් සතුටක් ඇතිව කතාබස් කරන තැනක තිරිසනෙක් වෙන්න හදන්න එපා. (නි)
නොමිනිසුන්ගෙන් පිරුණ අදවන් කාලෙක ඔබ වැනි ජීවකයන් ගමටත් රටටත් මහා භාග්‍යයක්..අපේ තුතිමල් (ස)
ඔබ තුමාගේ අවංක සේවයට අපගේ සුබ පැතුම්..බුදු සරණයි (ස)
අන්න නියම වැඩසටහනක් (ස)
ඔන්න මනුශ්‍යයෝ.(ස)
නම අනුවනම් මොහු දෙමළ වෛද්‍යවරයෙක් විය යුතුයි. එලෙස නම් මේ කල දේ තවත් අනර්ගයි.හැමෝටම හොඳ ආදර්ශයක් (ස)
ඉතින් අපේම උදවිය දොස්තරලට ගහන එක බනිනඑක වැරදියි නේද ?(ස)
මේ වැනි උතුම් මිනිසුන් සිරි ලක ඉන්න තිස් තුන් කෝටියක් දෙවියනි රැක දෙන්න (ස)
ගොඩක් හොඳයි (ස)
මේ වගේ විශිෂ්ට දෙමළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් 1983 ජුලි වල වර්ගවාදි මිලේච්ච මිනිස්සු අමානුෂික විදිහට පණ පිටින් අතපය කපල මරල දැම්ම කිරිබත්ගොඩදි. ඒ හෙණේ තමා අපේ රටට ගැහුවෙ. (ස)
දොස්තරවරයෙක් කියන්නේ මිහිපිට ඉන්න දෙවියෙක්...නමුත් මුදලට සේවය කරලා ලෙඩුන් බිල්ලට තියන වෛද්‍ය වරුන්ට මෙය හොඳ පාඩමක් (ස)
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත. ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනු ලෝ තලයේ වාසනාවන් (ස)
ඔබේ මහත්මාකමින් දිවි ඇතිතුරා ඔබටත්, ඔබේ පවුලේ අයටත් කිසිදු දුකක් කරදරයක් නොවේවා! (නි)
වන සිව්පාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත (ස)
වන සිව්පාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.(ස)
හිල්මි, අපි දන්නවා ඔයාලගේ අය මොනවගේද කියලා (ස)
දොස්තර කම බබලවන්නේ මනුස්සකම කියල හැම දොස්තර කෙනෙක්ම දැනගන්න ඕන . මේ වගේ දොස්තරලා අද ඉතාම විරලයි.(ස)
මම දකින මිහිපිට දෙවිවරු (ස)
වෛද්‍යාචාර්‍ය තුමනි ඔබට ජයෙන් ජයම ලැබේවා (අ)
ජාතිය වැඩක් තියෙනවද ???? බලන්න කොයිතරම් ආදරශයක්ද කියලා අනිත් හැමෝටම (ස)
තරහා වෙන්න කිසිම දොසක් නැති රත්තරන් මහත්තයෙක් (අ)
ලලිත්, ඔබත් එක්ක සියයට සියයක් ම එකඟයි. වෛද්‍යචාරය තුමනි ඔබ ඉතා උසස් මහත්තයෙක් (අ)
හැම වෙලාවෙම ඔලුව නරක්කරන හිතට වද දෙන පුවත් බලන අපිට මේ පුවත හරිම සැනසීමක් . දොස්තර මහත්තයෝ ඔබ රටට වාසනාවක් (ස)
හිපෝක්ක්‍රටිස් ගේ( වෛද්‍ය විද්‍යාවේ පියා) දරුවෙක් .(ස)
අනික් දොස්තරලට හොද ආදර්ශයක් (ස)
මුදල් පසුපස යන අයට හොඳ ආදර්ශයක් (ස)
අනේ වාසනාවන් ඔබට පින් (ස)
බොහෝ දොස්තරලා මුදල් පසුපස දුවන බව අපි දනිමු ඔබ ජීවමාන දෙවියෙකි (ස)
ඉතින් මේකට විරුද්ධව අනිත් වෛද්‍යවරු ස්ට්‍රයික් කරන්නේ නැද්ද? (ස)
ඔබගේ මිනිසත් කමට මාගේ ප්‍රණාමය (ස)
අන්න නියම දොස්තර කෙනෙක් . මනුස්සුකම දන්න හොඳ මහත්මයෙක් (ස)
වෛද්‍යාචාර්යතුමනි, ඔබට මගේ ආචාරය! (නි)
අගය කල යුතු වැඩක් . මාධ්‍ය මඟින් මෙවැනි දේ වැඩි වැඩියෙන් ජනතාව අතරට ගෙනයන්න ඕනි..එතකොට තමයි මිනිස්සුන්ගේ ආකල්ප වෙනස්වෙන්නේ (ස)
නොමිනිසුන්ගෙන් පිරුණ අදවන් කාලෙක ඔබ වැනි ජීවකයන් ගමටත් රටටත් මහා භාග්‍යයක්. අපේ තුතිමල් (නි)
ඔබ තුමාගේ අවංක සේවයට අපගේ සුබ පැතුම්. (ස)
ඔබ උතුම් මිනිසෙක්. ඔබට දීර්ඝායු වේවා ...(ස)
දොස්තර මහත්තයෝ ඔබට ජය (ස)
දැන් අනිත් දොස්තරල වර්ජනය කරයිද දන්නෙ නෑ අයිති නැති දොස්තර කෙනෙක් බෙහෙත් කලා කියලා. (ස)
ඔබතුමා දොස්තර කෙනෙක් විදියට වෙන්න ඕන යුතුකම් පාර කියලා හිතන්නේ නැතුව කලාට බොහොම පින් (ස)
ඔබට දෙවි පිහිටයි (ස)
මෙයා දෙමළ දොස්තර වරයෙක් (ස)
මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි. වෛද්‍යවරයානෙනි මගේ උපරිම ගෞරවය සහ ස්තූතිය ඔබට හිමිවේ.(ස)
හිල්මි, ඉතින් ඔයා මොකද්ද කියන්න උත්සාහ කරන්නේ ...ජාතිවාදය මෙතනට වැඩක් නෑ නේද ? (ස)
සම්පත් , හිතේ පහත් අදහස් තිබ්බට නිතරම ඒවා එළියට පෙන්වන්න එපා..මොන දොස්තරද මේ වගේ වෙලාවක වර්ජන කරන්නේ.(ස)
වතුරට වහ දාන දොස්තරලා බෙහෙත් ගෙන්වන කම්පැනි වල මුදලින් වසරකට වතාවක් පිට රට සවාරි ගහන දොස්තරලා තම පසු පස කොටසින් හරි අඩක් පමණක් පුටුවේ රැඳෙන සේ ඉඳගෙන ඉතා ඉක්මනින් ලෙඩා පරික්ෂා කර අනෙක් චැනල් සෙන්ටර් එකට හනිකට යන්න දඟලන දොස්තරලා. ලෙඩ්ඩු ගැන අබමල් රේණුවක් ගැන හෝ නොතකා පුංච් කාමරයක ප්‍රශ්නයකට පවා වැඩ වර්ජනය කරන දොස්තරලා. අතර ඔබ වැනි දොස්තරලා රටට වාසනාවක්. ඔබට ජය...(ස)
ඉතාම අගය කලයුතු වෛද්‍යවරයෙක්. මිනිසත්කමින් පිරුන ඔබට දළඳා සමිදු පිහිටයි.(ස)
බස් අනතුර සිදුවන අවස්‌ථාවේ තම පෞද්ගලික මෝටර් රථයෙන් හැටන් නිවස බලා ගමන් කරමින් සිට ඇති මෙම වෛද්‍යවරයා අනතුර සියෑසින් දුටු අයෙකි. ඔහු ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචි තරුණ වෛද්‍යවරයෙකි. මෙම වෛද්‍යවරයා බස් රථය පෙරළෙනවාත් සමගම ඔහුගේ මෝටර් රථය ප්‍රධාන මාර්ගය පසෙක නවතා වටවල පොලිසියේ ස්‌ථානාධිපති මහතා ඇතුළු නිලධාරීන් හා ප්‍රදේශවාසීන් සමග බස් රථය පෙරළී නැවතී තිබුණ ප්‍රපාතයට ගොස් තුවාලකරුවන් වටවල රෝහල වෙත ගෙන යැමටත් බස් රථයට යටවී සිටි බරපතළ ලෙස තුවාල ලබා සිටි මගියෙක් ඉතා ආරක්‍ෂාකාරී ලෙස පිටතට ගෙන ප්‍රතිකාර කටයුතු සැලසීමට පෞද්ගලිකව දක්‌වා ඇති ශ්‍රම දායකත්වය ගැන පොලිස් නිලධාරීන් හා ප්‍රදේශයේ ජනතාව පවසන්නේ මෙවැනි ජීවකවරුන් තවමත් අප අතර සිටීම අදහාගත නොහැකි බවයි. (නි)
ශුවර් එකටම මේ මහත්තයානම් වර්ජන කරන කෙනෙක් නෙමෙයි වෙන්න ඇති (ස)
මෙතුමාට උපහාර උත්සවයක් පවත්වන්න ඕනි (ස)
නියම මනුස්සයෙක් (ස)