මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී ඊයේ (27) පස්වරුවේ පැවැති තරගයේදී දෙපිලේ ක‍්‍රීඩකයන් අතර ඇති වූ ගැටුමේදී තුවාල ලබා මහනුවර මහ රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලැබූ ක‍්‍රීඩකයන් අට දෙනා රෝහලෙන් පිටවගොස් ඇතැයි රෝහල් ප‍්‍රකාශකයකු පැවසීය. එම ගැටුමේදී තුවාල ලැබූ පාසල් දෙකේම ක‍්‍රීඩකයෝ 8 දෙනෙක් රෝහල්ගතව සිටියහ.
මේ පිළිබඳව මහනුවර මහ රෝහල් පොලිසියෙන් කළ විමසුමකදී එහි නිලධාරියකු පැවසුවේ අද පෙරවරුවේ එම ක‍්‍රීඩකයන් අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කළ අවස්ථාවේදී ක‍්‍රීඩකයකු පමණක් ඇස්වලට ප‍්‍රතිකාර ලබා ගැනීමට අක්‍ෂි ප‍්‍රතිකාර අංශයට යොමු කළ බවත් සෙසු ක‍්‍රීඩකයන්ට රෝහලෙන් පිටව යෑමට නිර්දේශ කර තිබූ බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd