පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙරප්පෙරුම විසින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු දණගස්වා අගලවත්තේ දී ප්‍රසිද්ධියේ පහර දුන්නැයි කියන සිද්ධිය ගැන විමර්ශනය කර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාට උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අය තමයි ජනතාවට ආණ්ඩු අප්පිරියා කරන්නේ. හැම ආණ්ඩුවකටම මේ වගේ මකුණෝ එකෙක් දෙන්නෙක් ඉන්නවා. උන් එලවන්න ඕනා (නදී)
කිසිම සමාවක් දෙන්න එපා. මෛත්‍රී ජනාදිපතිතුමාට කඩේ ගිය කෙනෙක් හැටියටයි මෙහෙම කියන්නේ. යහපාලනයේ මෙවැනි දේවල් අපිට අවශ්‍ය නැහැ. නීතිය අකුරටම ක්‍රීයාත්මක විය යුතුයි. (නදී)
තෙවරප්පෙරුම මහතා කුමනාකාරයේ කෙනෙක්ද යන්න මීට කලින් පක්ෂය තුළ හැසිරීමේදී මනාව ඔප්පුකළ අයෙක්. තවත් සමාවදිය නොහැකි චරිතයක්. පක්ෂයේ ගෞරවය ආරක්ෂා කරගැනීම සහ යහපාලනය වෙනුවෙන් තීරණයක් ගතයුතුයි. (නි)
ජනාධිපතිතුමාට අපේ ගෞරවය! මේවා එතුමා කියන්න ඕනෑ දේවල් නොවේ. වීඩියෝ ටික බැලුවහම කෙළින්ම නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. බලපෑම් නොකරන හොඳ නායකයෙක් ඉන්න නිසා පොලිසිය සාධාරන කෙළින් තීරණ ගන්න ඕනෑ. (නි)
බොහොම හොඳයි. නීතිය අතට ගත් අයට තරාතිරම පක්ෂ පාට බේද නොසළකා දඬුවම් කරන්න ඕනෑ. (නි)
තෙවරක් නොසිතා යහපාලනය ඔතනින් පටන්ගන්න (නි)
අන්න නිර්භීත එඩිතර කොන්ද පණ ඇති නායකත්වය! (නි)
මම නම් කියන්නේ මෙවැන්නන් පක්ෂයෙනුත් මන්ත්‍රීකමෙනුත් ඉවත්කරන්න කියලයි (නි)
හැකි ඉක්මනින් මෙම පරීක්ෂණ අවසන් කර දඬුවම් ලබාදෙන්න (නි)
කිරිකළයට ගොම වට්ටන ඔය වගේ පුද්ගලයින් මහජන නියෝජිතයින් වශයෙන් සළකන්න බැහැ. (නි)
මේ වගේ තව දෙන්නෙක් හිටියා නම් මුළු රටම ඉවරයි. රනිල් මහත්තයෝ , මෛත්‍රී මහත්තයෝ, ඔබතුමාලා මැදිහත්වෙලා මේකට මොනවාහරි කරන්න. නැත්නම් ඔබතුමාලා ගැන ඡන්ද දුන් මිනිස්සුත් කළකිරෙනවා. අපි ඔබතුමාලා බලයට පත්කළේ මේවගේ මැරකම් කරන්නවත් මිනිසුන්ට ගහන්නවත් නෙමෙයි. ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වගේ වැඩ නොකර ඒක විසඳන විදියක් බලන්න. (නි)
ආඩම්බරයි අපේ චණ්ඩි මල්ලිනෙ තෙවරප්පෙරුම (බ)
හපෝ කෑව නේද නයා. රවි ගොඩම ගොඩ. දින 100 පස්සේ ගෙදර ගියත් අවුලක් නැහැ එයාට (නදී)
මර්වින් -සිල්වා මහින්ද මහත්තයගේ මුනේ දැලි ගෑවා. පාලිත තෙවරප්පෙරුම මුලු රජයේම දැලි ගානවා. (නදී)