තමා තවමත් අග විනිසුරුවරිය බවත්, තමාට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නීත්‍යනුකූලව තීරණයකින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ තීන්දුව අත්හිටුවා ඇති බවත්, එහෙයින් ශ්‍රේෂ්ඨාධිකරණ නොතීසි අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී නොසිටින බවත් ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද දන්වා සිටියාය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ රජ නව කට්ටුවක් හමුවට ඇගේ නීතීඥයන් වන නීලකන්දන් හා නීලකන්දන් නීතීඥ සමාගම මගින් ඇය මේ මෝසම ඉදිරිපත් කළාය.
අභියාචනාධිකරණය තම පෙත්සම අනුව නිවැරදි තීන්දුවක් දී ඇති හෙයින් ඊට එරෙහි පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට නොයන බව ඇගේ මෝසමේ සඳහන් වෙයි.
රජ නව කට්ටුවේ සභාපතිනි ශිරාණි තිලකවර්ධන විනිසුරුවරිය පැවසූයේ එස් අයි ඉමාම් විනිසුරුතුමා විශ්‍රාම ගොස් ඇති බවයි. මෙම පෙත්සම් විභාගයට අගවිනිසුරු හැර සෙසු සියලු විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිශ්ච මණ්ඩලයක් පත් කළ යුතු හෙයින් එම පුරප්පාඩුව පිරවීමෙන් පසු පමණක් එවැනි විනිශ්චය මණ්ඩලයක් පත් කළ හැකි බවයි.
මේ අතර එල්මෝ පෙරේරා, මහින්ද ජයසිංහ, ජානක අධිකාරී සහ චන්ද්‍රගුප්ත තේනුවර ගේ පෙත්සම් ඉල්ලා අස්කරගන්නා බව ඔවුන් වෙනුවෙන් පෙනීසිටි නීතිවේදී එම් ඒ සුමන්තිරන් මහතා දැන්වීය.
කොග්ගල බන්දුල වෙල්ලාල නීතීඥවරයාද අතරමැදි පෙත්සම්කරුවකු ලෙස ඉදිරිපත් වීමට අවසර පැතීය. මේ කරුණු සියල්ල සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ලබන ජූනි 11 නැවත රැස්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් ඔය දේවල් හිතින් අයින් කර ගන්න (දී)
ඔබ තුමියට ජයවේවා (දී)
ඔබ තුමිය රටට නිවරදි තීන්දු තීරණ දුන්නා. උගත් බුද්ධිමත් ඔබව පිලිගන්න පිරිස වැඩියි.(නදී)
අගවිනිසුරු තුමා මොනවා කියයිද (දී)
කුමාර, ඔයා දන්න දෙයක් ගැන කතාකරනවද? (නි)
මේවා කාට කියන්නද? (දී)
මොනවා කරන්නද ඕකට පුතිකාර කරන්න හිටපු හොදම දොස්තරත් දැන් නැතිකොට.(නදී)
අධිකරණ තීන්දුවකින් පාර්ලිමේන්තු කමිටුව අත් හිටුවලා තියෙන බව සමහරු දන්නෙ නැති පාටයි. එම නිසා දෝෂාභියෝගය වලංගු නැහැ. එම නිසා තවමත් මෙතුමියයි අගවිනිසුරු. ඒක ෆොන්සේකාට සමාන කරන්න බැහැ. (නි)
දැන් ඉතින් සෙල්ලම් ඔක්කොම ඉවරයි (දී)
අනේ පව් (දී)
අයියෝ සල්ලි මම හිතුවේ වැඩේ ඉවරයි කියලා (දී)
ඔබතුමිය ගැළපෙන පක්ෂයක් හදලා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බලන්න. (නි)
මැඩම්, ඔබ පරිස්සමින් ඉන්න. (නි)
වර්තමාන ලෝකේ ජීවත්වෙන්න,. පවතින සත්‍යයට මුහුන දෙන්න. (නි)
ඔබතුමිය වෙනස් වෙලා නැහැ (නි)
ඔබතුමිය සමග සිටි සියල්ලෝම ඔබ අතහැර ගිහින් බව තේරුම්ගන්න. (නි)
අපේ අයගේ දැනුමේ බුද්ධියේ තරම තේරෙනවා සමහර අදහස් දැක්කහමම. (නි)
මෙතුමියයි, ෆොන්සේකා මහතායි විවේචනය කරන අයගෙන් මම දැනගන්න කැමතියි කවුද මේ දෙන්නාව මෙම තනතුරු වලට පත්කළේ කියලා. (නි)
රකිත්, වැටයි නියරයි ගොයම් කෑව කියන්නේ ගොනා නොවෙයි ගොනාගේ අයිතිකාරයා . අපිත් ඉතින් ඕව අහ අහා මැරෙන්නේ කවද්ද කියා කියා බලන් ඉන්නවා. (දී)
චතුර ! අඳුරේ අතපත ගාන බොහෝ දෙනෙකුට ඔබගේ වචන පහන් ටැඹක් වේවා! (දී)
මොනවද මේ කියන්නේ? (නි)
විය හැකියි, නමුත් නීතියට අනුව ඔබ නොවෙයි (දී)
මම මොනවා කියන්නද ඉතින් (දී)
ඇත්තද (දී)
"විනාශ කාලේ විපරීත බුද්ධි!!" කියල තියෙන්නෙ කට කහනවට නෙමෙයිනේ ! (ස)
මෙතන දාලා තියෙන අදහස් දැක්කහම මට පුදුමත් හිතෙනවා. (නි)
අනේ මන්දා (දී)
කෙනෙක් තරගයකින් පැරදීම සහ නිතරගයෙන් දිනීම අතර විශාල වෙනසක් තියෙනව බව කවුරුත් හොදින් තේරුම් ගත යුතුයි..!(නු)
දුකයි තමයි. ඒත් මොනවා කරන්නද? (නි)
සිහිබුද්දියෙන් ඇසීම අපේ වගකීමක් (දී)
දේශපාලනය තුලින් ඔබට දිගු ගන්මනක් යා හැකියි. ඔබට තෙරුවන් සරණයි (දී)
දෙයියනේ (දී)
නිතියට අනුව ඔබ වැරදි (දී)
කොහොමද එහෙම වෙන්නේ (දී)
මැඩම් දාන්න නඩුවක්.. එපමණයි දැං අඩු..!(නු)
ඔබතුමිය දීපු තීන්දුත් අපට මතකයි..!(නු)
ඔබ තුමිය දීපු තීන්දුත් අපට මතකයි..!(නු)
පොන්සේකා කළ දේම තමයි ශිරානි නෝනත් කරන්නෙ..!(නු)
සදාම් එල්ලනකල්ම කිවුවේ ඉරාකයේ ජනාධිපති තමන් කියල.(නු)
මැඩම් ඕවා කියලා වැඩක් නැහැ..!(නු)
භාහිර ලෝකය මේවා දිහා බලලා හිනා වෙනවා.. (නු)
ෆොන්සේකා මහත්තයාත් ජනාධිපතිවරණයෙන් පස්සේ ඔයවගේ කතා කිව්වා..!(නු)
ආයෙත් කවුරුහරි ගිහිං මැඩම්ව අවුස්සලා තියෙනවා..!(නු)
මොනවාද මේ කියන්නේ..!(නු)
ගෑස්, කිරිපිටිථ පෙට්‍රල් වගේ දේවල් තවත් මේ අස්සෙම ඉහළ යයි. (ත)
අගවිනිසුරුවරිය ඔබයි කියලා රටේ ජනතාව දන්නවා.. නමුත් අපියි කියලා මොනවා කරන්නද?(නු)
සිංහල ජාතියට කුමන්ත්‍රණ තියෙන මේ වෙලාවේ රට ගැන හිතලා කොහොම හරි අපේ ජාතිය බේරාගන්න බලන්න..!(නු)
ඕක හැමෝටම තියෙනවා.. චන්ද්‍රිකා මැඩම්ටත් තිබුණා.. පොන්සේකා මහත්තයා පැරදුනාට පස්සෙත් කිව්වේ ජනාධිපති කියලා.. ලොකු තැනක ඉදලා පහළට වැටුනාම ඒක දරාගන්න අමාරුයි..!(නු)
ඔබතුමිය සමග සිටි සියල්ලෝම අතහැර ගිය බව අපි දනිමු..!(නු)
යුක්තිය උදෙසා...!(නු)
ඔහොම බැහැ මැඩම් හොද හඩක් දෙන්න ඕන..!(නු)
ඔබේ තීරණ ලංකාවටම ආඩම්බරයක්..!(නු)
ඔයවගේ විහිළු කතා තමයි ජනතාවට කියන්නේ. 2014 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න මගක් හොයනවා වගෙයි. (නදී)
කළ කම් වෙලාව, අවේලාවේ පලදෙයි. එතකන් නිහඩව හිටින්න.
සදාම් හුසේන්ව එල්ලුවේ ඇමෙරිකාව බව බොහෝ දෙනෙක් නොදන්නා බවයි පෙනෙන්නේ.(නදී)
කිහිපදෙනෙකු හැරෙන්නට මෙහි අදහස් දක්වා ඇති බහුතරයට ගැළපෙන රටක් දැන් මෙහි නිර්මාණය වී ඇත. (නි)
ඒ ප්‍රශ්නය තවම ඉවරයක්වී නැහැ නේද (දී)
නීතියට අනුව ඔබ වත්මන් අගවිනිසුරු වරිය නොවෙයි (දී)
ඡායා, ඔයා නම් හරියටම හරි. වෛද්‍ය හරිස්චන්ද්‍ර නැති වුන එක මේ වෙලාවේ හරිම පාඩුවක්.(නදී)
අනේ මෙහෙමත් කෝලන්.(නදී)
සදාම් හුසේන් කිව්වෙත් ඕකම තමයි.. එයා තමයි ඉරාකයේ ජනාධිපති කියලා.!(නු)
මනෝ වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා නැති අඩුව දැන්නම් හොඳටම දැනෙනවා .(නු)
වසරේ හොදම විහිළුව..!(නු)
මොනවා කරන්නද මැඩම්..!(නු)
සත්තකින්ම එය අපිත් පිලිගන්නවා. (නු)
කොහොමද එහෙම වෙන්නෙ..?(නු)
චන්ද්‍රිකා මැඩම් වගේ නෙ..!(නු)
කොහොමද එහෙම කියන්නේ (දී)