සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය හෙට (28) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දිවා/රාත‍්‍රි තරගයක් ලෙස පැවැත්වේ. තරගය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය. සූරියවැවදී පැවැති තරග දෙක එක බැගින් ජය ලබමින් තරගාවලිය 1-1 ක් ලෙස සමව පැවතීම නිසා තරගාවලියේ ඉදිරියට යෑමට දෙරටම මෙම තරගය වැදගත් වේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ උප නායක ඇන්ජලෝ මැතිව්ස් අද (27) කොළඹදී පැවැති මාධ්‍යහමුවකදී අදහස් දක්වමින් පවසා සිටියේ පසුගිය දින දෙකේදී ඉතාමත් හො`දින් පුහුණුවීම් කළ බවත් දෙවැනි තරගයට ක‍්‍රීඩා කළ කණ්ඩායමේ විශාල වෙනසක් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත්ය. තෙවැනි තරගයේ සූදානම පිළිබ`දව මාධ්‍යයට අදහස් දැක්වූ ඉන්දීය ආරම්භක පිතිකරු ගෞතම් ගාම්බීර් පැවසුවේ තරගාවලිය සම තත්ත්වයේ පැවතීම නිසා තම කණ්ඩායම ඉදිරියට යෑමට හො`ද සූදානමින් සිටින බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රීලංකා කණ්ඩායමට උණුසුම් සුභ පැතුම් (දී)
සුභ පැතුම් සිරි ලංකා සිංහ පැටවුන්ට ...... (ස)
අපිට දිනන්න පුළුවන්.. (ස)
සිංහ පැටවුනේ ඔබලාට ජය වේවා!! (ස)