රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා බණිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු තවත් රාජ්‍ය ආයතන පහක් ලබන සතියේ දී  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප්) කැඳවීමට  තීරණය කර ඇත.

මේ අතර හෙජින්  ගනුදෙනුව සම්බන්ධයෙන්  කෝප් කමිටුව බණිජ තෙල්  සංස්ථාවෙන්  වාර්තාවක්  කැඳවා  තිබෙන අතර  එම වාර්තාව මාස දෙකක දී  ගැනීමට  නියමිතය.

හෙජින් ගිවිසුමට  පාදක වු කරුණු එහිදී ඇති වු  එකඟතාවන්  ඇතුළු විස්තර  රැසක්  මේ වාර්තාව මගින් ගැනීමට  නියමිතව ඇතැයි  කෝප් කමිටුව පවසයි.

කෝප් කමිටුව විසින්  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන්  සභාව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, වෘත්තිය පුහුණු ආයතනය හා  විදේශ  සේවා  නියුක්ති  කාර්යාංශය යන ආයතනවල ප්‍රධානීන්ගෙන් පසුගිය සතියේ දී ප්‍රශ්න කැරිණි.