IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


තවත් පිරමීඩ ලොක්කෙක් මාට්ටු

(රෝෂන් තුෂාර සහ ඉන්දිකා රාමනායක)

"ට්‍රෙරෙඩ්වින් "නමින් පිරමීඩ ආකාරයේ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මුදල් තැන්පත්කරුවන්ගෙන් රුපියල් කෝටී පන්සීයකට අධික මුදලක්  ජාවාරම් කර ජනතා මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ සැකයට තවත් "සක්විත්තෙක්"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත විමර්ශන ඒකකය මගින් අද අත්අඩංගුවට ගැනිණි.

මෙසේ අත්අඩංගුවට පත් වූයේ වසර තුනක් සැඟව සිටි ගලින්බිඳුණුවැව ප්‍රදේශයේ  පදිංචිකරුවෙකි.

සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ජාලගත විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය.

සැකකරු උපාධිධාරියු, ගුරුවරයකු ලෙස කටයුතු කර ඇති සැකකරු දකුණු පළාතේ ප්‍රධාන ප්‍රසිද්ධ විහාරස්ථානයක බස්නායක නිලමේවරයා ලෙසද කටයුතු කර ඇත.

එම කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවී මත පොලිස් අධිකාරි අනුරපේමරත්න,ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව විජේසේන,ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් වීරසේකර,උප පොලිස් පරීක්ෂක තිවංක සනත් ඉදිරිසිංහ සහ පොලිස් කොස්තාපල් ( 93012) ලහිරු,පොලිස් කොස්තාපල් ජයරත්න,රණසිංහ,බණ්ඩාර සහ මහෝදා නිලධාරිනීන් මෙම මෙහෙයුමට එක් වී ඇත.

මොහුගේ පිරමීඩ ජාවාරමේ මුදල් ආයෝජනය කළ තැන්පත්කරුවන් වෙතොත් ඒ එම පුද්ගලයන්ට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ජාලගත විමර්ශන ඒකකය දැනුම් දී සිටින අතර ඔවුන්ගේ රහස්‍යභාවය රැකීමට ද එම කොට්ඨාසය පියවර ගැනීමට සූදානම් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. 



අදහස් (9)

තවත් පිරමීඩ ලොක්කෙක් මාට්ටු

Ruwan Saturday, 27 January 2024 04:15 PM

අනිත් වංචාකාරයො තමයි ප්ලාන්ටේශන් කාරයෝ. සමහර ප්ලාන්ටේශන්ස් තියනවා, ඔවුන් වැනිලා වගාවට අරගෙන තියන ආයෝජන දිහා බැලුවහම මැඩගස්කරයටත් වඩා ශ්‍රී ලංකාවේ වැනිල වගා කරල තියෙන්න ඕනේ. මේ වංචාවන් ඉක්මනින්ම හොයල බලන්න ඕනේ... තව විශාල මිනිසුන් ප්‍රමාණයක් මේ වංචාවට අහුවෙන්න කලින්...!

:       0       52

Manoj Manjula Bibulawela Saturday, 27 January 2024 06:03 PM

නොවටින ඉඩමක ඔප්පුවක් ඇපයට තියා, වගා කටයුතු සඳහා යැයි මුදල් ආයෝජන ලබා ගන්නා තක්කඩි සමාගම් ද රාශියක් ඇත.

:       0       29

නදිනි ගනේගොඩ Sunday, 28 January 2024 01:26 AM

ලංකාවේ මෙහෙම දේවල් නිතරම වෙනබව මිනිස්සු දන්නා නමුත්.. නිතරම වන්චා වලට අහුවෙන එක තමා පුදුමේ...!

:       0       1

හේරත් Sunday, 28 January 2024 08:40 AM

අසරණ මිනිස්සුන්ව රවටන මේ වගේ හොරුන්ට නම් සමාවක් දෙන්නම හොඳ නෑ. මිනිස්සු කොච්චර අසරණ වෙනවාද මේ වැඩ නිසා. කෝටි 500 ක් විතර හොරකම් කරනකන් මේගැන හොයාබලීමක් කරලා නෑනේ...

:       0       3

Nimal Sunday, 28 January 2024 09:01 AM

රැවටී සුවහසක් බොරුකාරයින් හට... පාඩම් ලබා නැහැ යුග යුග ගණන් සිට... තවමත් පාඩම් ඉගෙන ගෙන නැහැ. එන එන බොරු කාරයින්ට රැවටෙනවා. මේ අයගේ ක්‍රියාමාර්ග බොහෝදුරට සමානයි. පසුව එන තැන්පත්කරුවන්ගේ මුදල්වලින් මුල් අයගේ පොලිය ගෙවනවා. මාස කීපයක් යනවිට පොලිය ගෙවන්න ක්‍රමයක් නෑ... එවිට පැනලා යනවා.

:       0       2

nimal Sunday, 28 January 2024 11:06 AM

තණ්හාය ජායතී සෝකෝ එයාට මුකුත් වෙන්නේ නෑ. ඔහු ටික කලකට පසු හිරෙන් නිදහස් වනු ඇත. සල්ලි තැන්පත් කරපු මිනිස්සු දුක් වින්දා. රජයේ පොලීසියට හෝ රටේ නීති පද්ධතියට දොස් පැවරීමෙන් ඵලක් නැත. තණ්හාව පුද්ගලයාටත්, සමාජයටත් දුක් උපදවයි. නොයෙක් කරදර, හිරිහැර පමුණුවයි. මෙම තණ්හාව නිසාම රැස් කරගත් ධනය ඇතැමුන් ආරක්ෂා කරනුයේ නිධානයක් රකින නාගයන් සේය. ඔවුහු වස්තුව තමාගේවත්, අනුන්ගේවත් යහපත සඳහා යොදා නොගනිති. කොපමණ ලැබුණත්තෘප්තියකට පත් නොවෙති.

:       0       4

Nandana Sunday, 28 January 2024 02:01 PM

හොර හැත්ත... මේ අය තමයි පැජරෝ, ප්‍රාඩෝ, වී8, ලෑන්ඩ් රෝවර් වගේ වාහනවල යන්නේ...

:       0       2

රොෂාන් Sunday, 28 January 2024 03:56 PM

ඔව් ඔය ගියේ v8 එකේ එක්කෙනෙක්...

:       1       1

හසිනි Wednesday, 20 March 2024 08:55 PM

අනේ මේ වගේ තව අය ඉන්නවා.කවුරුත් උදව් කරන්නැහැ. සමහරක් ආදරෙ පාවිච්ච් කරලා සල්ලි කඩගන්නවා.ඊටපස්සෙ බ්ලොක් කරනවා.ජීවිතය තිත්තයි අවංක වෙලා අහු වුණාම

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අරාබියේ හිරගෙවල්වල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව
2024 මැයි මස 03 174 0

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇත


‘මුහුදු රළ ගැන අවධානයෙන් ඉන්න‘
2024 මැයි මස 03 104 0

මෙරට ඇතැමි ප්‍රදේශවල මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවධානය යොමු කරන ලෙස දන්වමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් ක


පුදුකුඩිඉරිප්පුවට ඊශ්‍රායල් රැකියා
2024 මැයි මස 03 242 0

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන පුදුකුඩිඉරිප්පුවේ දී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක


නිලධාරී හිඟයෙන් පුරාවිද්‍යාව කොට උඩ
2024 මැයි මස 03 89 0

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 1576 දෙනකුගේ උග්‍ර හිඟයක් පවතින බව වාර්තාවේ.


පදවාගෙන යමින් සිටි ත්‍රිරෝද රියක් හිටි හැටියේ ගිනි ගනී
2024 මැයි මස 03 166 0

තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ගමන් කරමින් තිබු ත්‍රී රෝද රථයක් නානුඔය, තැපැල් කාර්යාලය ඉදිරිපිටදී අද (03) ගිනි ගැනීමකට ලක්ව සම්පුර්ණයෙන් විනාශයට පත්ව ගොස් ඇ


දමිතාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
2024 මැයි මස 03 246 0

නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් සිය මානව හිමිකම් කඩවූයේ යැයි ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අද (3) පැම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 467 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1897 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1681 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site