කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් 2009 මැයි මාසයේදී ශ්‍රී ලංකා යුද හමුදාවෙන් මරාදැමූ බව සඳහන් වීඩියෝ පටය සත්‍ය බව බි‍්‍රතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය කියයි.
ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් ගැන ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර රටවල සහායෙන් යෝජනාවක් සම්මත කැර ගැනීමට යද්දී නිකුත් කළ මේ දෙවැනි වීඩියෝව බොරුවකියි ශ්‍රී ලංකාව කියයි.
චැනල් 4 රූපවාහිනිය කියනුයේ අධිකරණ වෛද්‍ය විද්‍යාඥයකු වන මහාචාර්ය ඩෙරික් පවුන්ඩර් එම වීඩියෝව පිරික්සා එය සැබෑ වීඩියෝවක් බව පැවැසූ බවයි. මිනිත්තු පනහක මේ වීඩියෝවෙන් යුද අපරාධ ගැන අලූතින් සාක්කි ඉදිරිපත් කරන බව එහි නිෂ්පාදක මැක්රේ පවසයි.
හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය මහතා මෙසේ කියයි.
මානුෂීය මෙහෙයුම අවසන් සමයේ ලංකා රජය බාරයට පත්වූ ප‍්‍රභාකරන්ගේ මව සහ පියාට අප රැකවරණය දුන්නා. කොටි නායකයන් වන සුසෙයිගේ සහ තමිල් සෙල්වන්ගේ දරු පවුල් වලට ලක් රජය දැනටත් රැකවරණය ලබා දෙනවා. චැනල් 4 රූපවාහිනිය පෙරදී කළ අයුරින්ම නැවතත් පදනම් විරහිත චෝදනාවක් කර තිබෙනවා. කොටි නායකයන්ගේ දරු පවුල් වලට තවමත් රැකවරණය දෙන අප ප‍්‍රභාකරන්නේ බාල පුතා මරා දැමීමට ඇති පදනම කුමක්ද? එය යුද්ධයේදී වු දෙයක් මිස හිතා මතා කළ දෙයක් නොවේ. මෙම වීඩියෝවේ අලූත් දෙයක් නැහැ. හෝද හෝදා මඬේ දැමීමක් පමණයි.
2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තව වීඩියෝවකින් ලංකාවට ලෙඩ දමයි