යාත්‍රා මගින් ඕසට්‍රේලියාව බලා යන්නට ආ 61 දෙනකු නැගෙනහිර මුහුදේදී අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමල නාවුක ජැටියට රගෙන ආ බව නාවුක හමුදාව කියයි.
උතුරු නැගෙනහිර දමිළයන් හැට දෙනෙකු හා පොළොන්නරුවේ සිංහලයෙකු ද සිටින මේ පිරිස අද රහස් පොලීසියට බාර දිමට නියමිතය.
තැරැව්කරුවනට රුපියල් ලක්ෂ තුන හතරක් හෝ ඊට වැඩියෙන් ගෙවා ඕස්ට්‍රේලියාවට සරණාගතයන් ලෙස ගොස් දහසකට වැඩි පිරිසක් මෑතදී එරටින් පිටුවහල් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් මහා පිස්සුවක්. බෝට්ටු වල නැගල එනවා, ලංකාව පාවා දීල ගොඩ යන්න බලාගෙන. මෙහෙන් ආපහු ලංකාවට පිටුවහල් කරනවා, නැත්තම් පාලු ගෝත්‍රික දූපතක රැදවුම් කඳවුරකට යවනවා. මේ ගොල්ලන්ට තියා උගත් මිනිස්සුන්ටත් මෙහෙ රස්සා හොයා ගන්න අමාරුයි. ඒ තරම් තරඟයක් තියෙන්නේ. මේවා මෙහෙයවන අයව ඉවරයක් කරනකල් ලංකාව ලෝකය ඉදිරියේ හෑල්ලූ වෙනවා. (නි)
වැඩක් නැහැ කතා කරලා. මේවට අදහස් දැම්මම කියන්නේ දියුණු වෙනවට ඉරිසියාවලු කුහකකමලු. ඕකම තමා ඉතින් රටේ හොරකම් කරලා දියුණු වෙන කෙනෙක්ට වැරද්දක් කිව්වත් අහගන්න වෙන්නේ. මෙහෙවු මිනිස්සුත් එක්ක ඉන්නවට වඩා හොඳයි බෝට්ටුවක නැගලා යනවා ඉතියෝපියාවට (නි)
අමිලගේ කතාව ඇත්ත. මේ වැඩේ 99%ක් කරන්නේ උතුරේ දමිල ජනතාව. එකපාරක් ප්‍රභාකරන් එක්ක එකතුවෙලා රට පාවලා දෙන්න හැදුවා. දැන් ඒ පාර රටේ නම විකුණලා ජීවත් වෙන්න හදනවා. (නි)
මේ මිනිස්සුන්ට මුදල් පාලනය කරන හැටි ඉගැන්නුන්වනම් මිනිස්සු ලක්ෂ ගණන් දීල මේවගේ අවදානම් ගමන් යන්නේ නැහැ එතකොට ඒ සල්ලි රටේම අායෝජනය වෙනවා. (ස)
මීට කලින් ඕස්ට්‍රේලියාවට පැනපු දෙමල ජාතිකයන් පිරිසක් රදවාගෙන ඔවුන් ප්‍රචණ්ඩ ක්‍රියා වලටද සම්බන්ධවූවන් නිසා සමාජගත කිරීමෙන් රටේ ආරක්ෂාවට තර්ජනයක් බව ඕස්ට්‍රේලියානු ආරක්ෂක ඔත්තු සේවාව නිර්දේශ කිරීම නිසා තවමත් රදවාගෙන තමයි ඉන්නේ. බලන්න අපි ලොකු කොටිත් සමාජගත කරලා, අපිට තර්ජනයක් නොවේද? මේ අයම නේද ලොකු පොඩි සියළු කොටි සමාජගත කරන්න කියලා අපෙන් ඉල්ලන්නේ. මේක අපේ ආරක්ෂාවට තර්ජනයක් කියලා පියවර ගන්න අපට ඉඩ නැහැ. ජිනීවා වුණත් යයි මේවාට, ඒ අයට වෙනම නීතියක් දෙබිඩි පිළිවතක්. (නි)
මේ පොකුරු පිටින් යන්නේ අපේ රට ගිනිතියන්න. එයාලට විරුද්ධව දැඩි නීති ක්‍රියාත්මක කළ යුතුයි. (නි)
පාලකයිනේ, මොවුන්ට ජිවන මාර්ගයක් හදා දෙන්න. පාසල් දෙන්න.ගෙවල් දෙන්න. විදුලිය දෙන්න. ඡන්ද ගුණ්ඩු දෙන එක නවත්තන්න. ප්‍රශ්න වලට කඩිනම් විසදුම් දෙන්න (නි)
නමයි පදිංචියයි මාරු කරගත්තු සිංහලයෝ කියක් ඔතන ඉන්නවද? මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට උත්තර නොදී ගියාම ද්‍රෝහියෝ ද්‍රෝහියෝ කියනවා. (නි)