ව්‍යාජ වීසා භාවිතා කරමින් මලයාසියාව බලා යාමට උත්සහ කළ තවත් බංගලිදේශ ජාතිකයෝ 9 දෛනක් අද අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
පසුගිය 20 වෙනිදාද මේ අයුරින් මලයාසියාව බලා යාමට පැමිණි බංගලිජාතිකයෝ 6 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම පිරිස පසුගිය 14,15,16 යන දිනයන්හි තම නීත්‍යානුකූල ගුවන් ගමන් බලපත් භාවිතාකරමින් බංගලි දේශයේ සිට ශ්‍රී ලාංකාවට පැමිණ මීගමුව ප්‍රදේශයේ නවාතැන් ගෙන සිට ඇති බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
මොවුහු ඊයේ අළුයම ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 318 දරණ ගුවනයානයෙන් මලයාසියාව බලා යාමට ගුවන්තොටුපොළට පැමිණ ගුවන් ප්‍රවේශ පත් කවුළු වෙත තම ගුවන්ගමන් බලපත් ඇතුළු ලියකියවිලි ඉදිරිපත් කර ඇත. එම අවස්ථාවේ ඔවුන්ගේ වීසා ව්‍යාජ බව දැනගත් ගුවන් සේවා කාර්්‍ය මන්ඩල නිලධාරීන් විසින් මෙම පිරිස ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කරන ලද විමර්ශණවලින් අනතුරුව මෙම කණ්ඩායම මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd