ඕස්ට්‍රේලියාවේ නාවුරු දූපතේ රදවා සිටි තවත් ශ්‍රී ලාංකිකයෝ 39 දෙනෙක් අද සවස විශේෂ ගුවන්යානයකින් මෙහි ගෙන එනු ලැබූහ. එරට රැදී සිටීමට අවශ්‍ය ලියිකියවිලි ඔවුන් අත නොතිබීම මත ඔවුන් මෙලෙස පිටුවහල් කර ඇත.
පැමිණි සිටි පිරිස අතර ද්‍රවිඩ ජාතිකයෝ 31 සහ සිංහල ජාතිකයෝ 08 දෙනෙක් වූහ. මේ අතර කාන්තාවන් 03 ක් සහ පිරිමින් 36 ක් ද වෙති.
මොවුහු ත්‍රිකුණාමලය, යාපනය, මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි යන පෙදෙස් වල පදිංචිකරුවෝ වෙති.
මෙම පිරිස රාජ්‍ය බුද්ධි සේවා තොරතුරු අංශයෙන් සහ ගුවන්තොටුපොළ අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තු විමර්ශන වලින් අනතුරුව හෙට මීගමුව අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහමඩ් රිස්වාන්, සමරේ, ඔහේලා දන්න දේ තමා ඔය. අපි මෙහේ ආවේ කෝටි ගණන් වියදම් කරලා. අපේ ලංකාවේ කීර්ති නාමයත් රැකගෙන උගත් විදියට රස්සාවක් කරන්න. ඔහේලා හිතාගෙන ඉන්නේ බෝට්ටු කාරයොත් මෙහෙ එන්නේ එහෙම කියලද? රටේ නම විකුණලා, ගහනවා, මරනවා කියලා, අපිව බේරගන්න කියලා, රටේ නම විනසකරලා, පිනට කකා ඉන්න තමා මෙහෙ එන්නේ. අපිට පාරේ යන්න බැහැ මිනිස්සු අහනවා බෝට්ටුවේද ආවේ කියලා. (නි)
මානිගේ කතාව හරි. මෙහෙ ඉන්න අය තමා ඒක දන්නේ. දැන් ඉපදුනේ ලංකාවේ කිවුවොත් අහන්නේ බෝට්ටුවේද ආවේ කියලා. (නි)
මොහොමඩ්, ඔයා කියන්නේ නීති විරෝධී වැඩ කරන එක හරි කියලද? ඇත්ත කතා කරන එක ඊර්ෂ්‍යාව නෙවේ (නි)
මානි, ඔයාලා වගේ අය ගැන ලාංකික අපිට ලැජ්ජා හිතෙනවා (නි)
ලංකාවේ ඉන්නන අයගේ හිතේ මේක අනුකම්පා කළ යුතු දෙයක් හැටියට. ඒත් අපි දන්නවා මේ අය මෙහෙට බෝට්ටුවෙන් ඇවිත් කියන්නේ ලංකාව ගැන හොද දේවල් නෙමෙයි. මේ කට්ටිය වෙනුවෙන් හඬ නගන සංවිධාන වල යටි අරමුණ ලංකාවේ නම කැත කිරීම. ලංකාව පාවා දීලා ගොඩ යන්න හදන මේ අයව පිටුවහල් කරලා මදි. නීත්‍යනුකුලව ලංකාවෙන් එන අයව අපි සාදරයෙන් පිලිගන්නවා! (නි)
ලංකාවේ දැන් යුද්ධයක් නැහැනේ. බෝට්ටු වලින් ගියාට බාරගන්නේ නැහැ. මෙහෙට එන්න පිළිවෙලක් තියෙනවා. අනෙක් රටවල වගේ නෙමෙයි. නියම පිළිවෙලට සුදුස්සෝ පමණි බාරගන්නේ. සුදුසුකම් තියෙන කට්ටියටත් රැකියාවක් ලබන්නේ හොඳ සටනක් දෙන්න වෙනවා. එහෙම එකේ කිසිම සුදුසුකමක් නැතුව යන අයට කවර කතාද. මේකෙන් වෙන්නේ රටට ඇජ්ජා කිරීම විතරයි. (නි)
නීත්‍යනුකුලව යන කට්ටියට රැකියාවක් ලැබෙනකන් ජීවත්වෙන්න කොටි ගානක් ගේන්න කියනවා. ගේනවද බලනවා. එහෙව් රටකට යනවට වඩා හොඳ නැද්ද පුළුවන් රටකට යන එක. සරණාගතයෝ විදියට ගිය අයත් දැන් යුද්දේ නැති නිසා ආපහු අරිනවනේ. (නදී)
සෙනරත්, මොහොමඩ් , චතුර, හරි ක්‍රමේකින් ආවා නම් ප්‍රශ්නයක් නැහැ. බෝට්ටුවෙන් ඇවිත් මුකුත් කරන්ඩ බැහැ. ඉතාලිය , මැදපෙරදිග රටවල් වගේ නෙමෙයි. අනික ඒගොල්ලෝ කරන වැඩ.... යන්නේ ලංකාවේ නමට. මේ ලඟදි ලංකාවෙන් බෝට්ටුවේ ආව එක්කෙනෙක් ගර්ල් කෙනෙක්ව දුෂණය කරලා. නිවුස් වල යන්නේ ශ්‍රී ලංකන් කෙනෙක් කියලා. කාටද ලැජ්ජාව. (නි)
http://www.youtube.com/watch?v=S1Oiru3kb-w (නි)
මංජු, ඇයි ඇහුවේ නැත්තේ ඒ අයගෙන්, ඔයගොල්ලෝ කොහොමද ආවේ කියලා? දන්නේ නැත්නම් අහන්න කියන්න ඒ අයගේ ආච්චිලාගෙන්, සීයලාගෙන්. (නි)
මම ඉන්නෙත් මෙහේ. ඔය බෝට්ටු වලින් එන හැමෝම මෙහෙට ඇවිල්ලා කියන්නේ ලංකාවේ නැති වැරදිමයි. මේ මිනිස්සු හිතන්නේ නැහැ. ශ්‍රී ලංකා කියන උතුම් නාමය කොච්චර කැතකරලද කිව්වොත් තමන්ගේ අම්මා පාවල දෙන වැඩක් මේ මිනිස්සු කරන්නේ. හොයන්න හරි විදියක් මෙහෙට එන්න, තමන්ගේ ඉපදුනු රට පාවා නොදී (නි)
මේ අය කරන මේ වැඩෙන් වෙන්නේ හරි මාර්ග වලින් එන අයටත් එන්න බැරිවෙන එක සහ අපේ රටේ නම කැතවෙන එකයි. (නි)
මමනම් ඉන්නේ ලංකාවේ. එත් මමත් කියන්නේ මානි කියන කතාව හරි. මොන දේ කලත් රටේ නම කැත වෙනවනම් ඉතින් වැඩක් නැනේ. (නදී)
බෝට්ටුවලින් ඇවිත් අපේ රට ගැන බොරු කියලා, ඒ රටේ පදිංචි වෙන්න හදන එක මම අනුමත නොකරමි. නමුත්, ඒ ගැන කියලා අපේ ලාංකිකයන්ට, ඔස්ට්‍රේලියානුවෝ අපහාස කරනවානම් ඒ අයට කියන්න, කරුණාකරලා තමන්ගේ රටේ ඉතිහාසය ඉගෙන ගන්න කියලා. මොකද, ඒ අය ඔය පොළොවට පය ගැහුවේ තවත් රටකින් නෙරපපු අපරාධකාරයෝ හැටියට.(නදී)
නිත්‍යානුකුල නොවන ක්‍රමවලින් විදෙස් ගතවෙලා ලංකාව විකුණගෙන කන අය පිටුවහල් කිරීම ඉතා හොද වැඩක්. ඔවුන් ලංකාවට පැමිණි පසුව නිසි දඩුවම් දිය යුතුයි. (නි)
මම ආවෙත් බෝට්ටුවෙන්. දැන් මම සතුටින් මෙහෙ ඉන්නවා. ඒ තරම් හොඳ රටක් මේක. සල්ලි සාගරයක්. එන්න පුළුවන් නම් එන්න, අපි බලාගන්නම් .(නදී)
මානි කියන දේ හරි. මෙතන ලැජ්ජාව තියෙන්නේ බෝට්ටුවෙන් එන එක නෙමේ. නිත්‍යානුකුල නොවන විදිහට එන එක නිසයි. බෝට්ටුවෙන් බැරිනම් පිනගෙන ආවත් කමක් නෑ එන්නේ අවශ්‍ය නිතයනුකුල ලියකිවිලි ඇතිව නම්. මේ අය ඇවිල්ලා ලංකාව ගැන කියන ඒවා ඇහුවහම මාර දුකයි. (නදී)
පුලුවන්නම් ඔක්කොම ආවත් කමක් නැහැ. ලංකාවේ නම කැත කරන්නේ නැතුව.(නදී)
සේනත් ලංකාව පාවා දීල ගොඩ ගිය කෙනෙක් වගෙයි. ඒ කාලේ ඔය බොරු වලට රැවටුනා. දැන් නම් ඔය සුරංඟනා කතා කියලා මේ ආණ්ඩුව රවට්ටන්න බැහැ. දැන් දන්නවා ලංකාවෙන් එන බෝට්ටු අයියලා කවුද කියලා.(නදී)
මානි,බෝපගේ , ඔබලා හරි. අපි කාටවත් ඊර්ෂ්‍යා කරනවා නෙමෙයි. මේ රටට එන්න පිළිගත් ක්‍රමයක් තියෙනවා. ක්‍රමේට එන්න කියලයි අපි කියන්නේ. නැතුව හොරෙන් ඇවිත් මේ රටෙන් සල්ලි වලට තමන් ඉපදුන හැදුන රට පාවා දෙන්න එපා කියලා අපි බොභෝම ආදරෙන් කියනවා (නි)
මෙහෙ ඉන්න අපට හරි ලැජ්ජයි මේ බෝට්ටුවලින් එන අය නිසා..!(නු)
අනේ ඇත්තද මානි ...ප්ලේන් එක එන්න සල්ලි නැති නිසි අපි බෝට්ටුවෙන් එන්නේ . එහෙනම් කාර් දෙක තුනක් එවනවද ? (නදී)
මානි ලජ්ජා වෙන්නේ මොකටද. ඔයත් ශ්‍රී ලාංකිකයෙක් නේද. ඔයා ඉන්නේ කොහොමද? අනිත් මිනිස්සුත් දියුනු වෙන්න බලාගෙන එහෙට එන්නේ. ඊර්ෂියා කරන්න එපා.(නදී)
මානි, කවුද ඔයාට මානි කියලා නම දැම්මෙ? මෝහිණී කියලා දාන්න තිබුනෙ. එයා විතරක් නෙමෙයි එහෙ ඉන්න ඔක්කොම කැමති නැහැ දුප්පත් කෙනෙක් කකුල් දෙකෙන් හිටගෙන ඉන්නවට. (නි)
මානි, ඔබටම ගැලපෙන නම. ලැජ්ජා විය යුත්තේ ඒ අය නොව ඔබ වගේ අයයි. මොකද ඔබ ආපු ක්‍රමය කෙසේවෙතත් ඔබට ඇත්තේ සියුම් ඊර්ෂ්‍යාවකි, උමතු මාන්නයකි. (නි)
සමරේ, රිස්වාන්, මානි කියන්නේ රට යන්න ඕනෑ නැහැ කියල නෙමෙයි. ලංකාවට ලැජ්ජා කරන්න එපා කියලා. රටකට යන්න හරි ක්‍රමයක් සොයා ගන්න. බෝට්ටුවෙන් ගිහින් දැන් ඔය කරගෙන තියෙන්නේ... ඔය මිනිස්සුන්ට කරන්න රස්සාවල් මේ රටේ නැහැ. කබලෙන් ලිපට වැටෙනවා. (නි)
මානි , ඔයා හරි. මෙහෙට එන්න ඕනෑ නම් ඒකට පිළිවෙලක් තියෙනවා. ඒ විදියට එන්න ඕනෑ. මිනිස්සුන්ට දියුණු වෙන්න ඕනෑ නම් මහන්සිවෙලා යමක් කරන්න ඕනෑ. හොර වැඩ කරලා හරියන්නේ නැහැ. ලංකාවේ කට්ටියට ඕනෑ බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න. (නි)
අනේ, මානි. එහෙමනම්, ඕස්ට්‍රේලියානු ජාතිකයා කොහොම ලැජ්ජා වෙන්න ඕනෑද? මොකද ඒගොල්ලොත් ආවේ මුහුදින් තමයි. ඒ විතරක්යැ, ආදී වාසින්ව විනාශ කරලා බලෙන් රට අල්ලගත්තනේ. (නි)