IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


තව 28ක් එංගලන්තයෙන් පිටුවහල්

එංගලන්තයේ රැකවරණ පතා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙක් එරටින් පිටුවහල් කරනු ලැබ විශේෂ ගුවන් යානයකින් අද කටුනායකට රැගෙන එනු ලැබූහ. දෙමළ ජාතිකයෝ 14 දෙනෙක් ද, සිංහල නව දෙනෙක් ද, මුස්ලිම්වරු පස් දෙනෙක් ද ඒ පිරිසට අයත්වූහ. එක් අයකුට දෙදෙනා බැගින් ආරක්ෂකයෝ ද වූහ. එම පිරිස වසරේ සිට වසර හය දක්වා එංගලන්තයේ සිට සරණාගත තත්ත්වය හිමිකැර ගැනීමට ගත් සියලූ උත්සාහයන් අසාර්ථක වූවෝ වෙති.



අදහස් (0)

තව 28ක් එංගලන්තයෙන් පිටුවහල්

වරුණ Wednesday, 24 October 2012 01:48 PM

පුරවැසිකම ගන්න මේ ගොල්ලෝ ලංකාවේ නැති දේවල් මවා පෙන්නනවා. හොඳ වැඩේ. (ස)

:       0       0

හිල්මි Wednesday, 24 October 2012 07:32 PM

කමල් කොහොමද මුස්ලිම්වරුන්ට ප්‍රශ්න නැහැ කියලා දන්නේ? (නි)

:       0       0

ලලිත් Wednesday, 24 October 2012 02:23 PM

20ක් නෙවෙයි ඒ ආකාරයෙන් සරණාගතයන් ලෙස බොරු කියමින් අපේ රටට අපහස කරන සියලු දෙනා කොන්දේසි විරහිතව ආපසු එවිය යුතුයි.රජයද මෙයට මැදිහත්විය යුතුයි. (ස)

:       0       0

තිලින Wednesday, 24 October 2012 02:18 PM

කොහොමද 24 වෙන්නේ (ස)

:       0       0

බිම්සර Wednesday, 24 October 2012 02:55 PM

එකතුව 24 ??? කවුද මේ ගාමිණී....... දෙමළ=14 සිංහල= 9 මුස්ලිම්=5 එකතුව=14+9+5=28 (ස)

:       0       0

වසන්ත Wednesday, 24 October 2012 03:15 PM

ඔය හැම කෙනාම එල්.ටී.ටී. අය වෙන්න ඇති . පරිස්සමින් (ස)

:       0       0

ෂෙරීෆ් Wednesday, 24 October 2012 10:01 PM

ඔබ සැම ලක්මවගේ දරුවන්ය. එන්න, අපි සාදරයෙන් පිළිගනිමු. (නි)

:       0       0

ගලබඩ Wednesday, 24 October 2012 03:53 PM

මේ අය ඔක්කෝම කොටි.මේ අතර දෙමළ අයව ලංකා හමුදාව මරනවා කියපු සිංහල ‍‍කොටිත් ඉන්නවා. (ස)

:       0       0

චූලක Wednesday, 24 October 2012 04:31 PM

සරණාගතයො කිව්වහම මානව හිතවාදියො උදවු කරනවා. ඒත් මේ ගොල්ලන්ට මෙහෙම අසරණ වෙන්න හේතුවක් නැහැ. මේක වංචනික වැඩක්. වහාම මේ අය ගැන සොයා බලන්න අවශ්‍යයි, ජාත්‍යන්තර ජාවාරම් වලට සම්බන්ධද කියලා. (නි)

:       0       0

අශාන් Thursday, 25 October 2012 02:09 AM

දෙමල ජාතිකයෝ / සිංහලයෝ /මුස්ලිම්වරු...? කවුද? (නි)

:       0       0

සඳුනි Wednesday, 24 October 2012 12:29 PM

අපේ රටේ නම කැත කරන්න ගිය මිනිස්සු (ස)

:       0       0

සිල්වා Wednesday, 24 October 2012 12:41 PM

ගිය විදියටමයි ගෙන්නන්න තිබුණෙත් (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 24 October 2012 12:37 PM

දැන් මේ ටිකට රැකවරණය දෙන්නේ කවුද ?? මේක යුධ ගැටුම් නැති රටක් (ස)

:       0       0

කමල් Wednesday, 24 October 2012 12:59 PM

මුස්ලිම්වරුන්ට ලංකාවේ තියේන ප්‍රශ්නය මොකක්ද ?එංගලන්තයේ රැකවරණ පතන්න. ලංකාවේ ඔවුන් තමන්ට ඕනවිදියට ජිවත් වෙන්න නිදහස තියේනවා සිංහල මිනිස්සුන්ගේ තියේන දුර පේනේනා ඥානය නැති නිසා. බලමු සිංහලයන්ට වෙන්නේ මොකක්ද කියලා. (ස)

:       0       0

ජයී තිසර Wednesday, 24 October 2012 01:06 PM

රටෙ නම කැත නොකර බොරු නොකියා ඉඳිතොත් අප හට කමක් නැත ඔබ කොයි දෙවොලෙ ගියත් (ස)

:       0       0

සරත් Wednesday, 24 October 2012 01:01 PM

ඔහොමම තමිල්නාඩු වලට යවමු (ස)

:       0       0

ගාමිණී Wednesday, 24 October 2012 01:18 PM

එකතුව = 24 ????????? (ස)

:       0       0

ජීවන Wednesday, 24 October 2012 01:19 PM

වෙන රටවල්වල ඉන්න ඔක්කෝම දෙමළ මිනිස්සු ටික ලංකාවට එව්වම ඒකත් ලොකු ප්‍රශ්නයක් ඉන්න තැනක හිටපුදෙන්. නැත්නම් තිබ්බට වඩා ප්‍රශ්න වැඩිවේවි. (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 24 October 2012 01:46 PM

ලෝකයේ සීඝ්‍රෙයන් වඳවීයන ජාතීන් තුනකි. ඇස්කිමෝවරු, රතු ඉන්දියන්වරු සහ අපි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site