නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාවට යන්නට හැදූ 98ක් මඩකලපුවෙන් හා හලාවතින් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝසල වර්ණකුලසූරිය මහතා කියයි. ඔවුහු යාපනය, මුලතිව් සහ වව්නියා ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මේ පිරිස වැඩිදුර පරීක්ෂණ සඳහා රහස් පොලීසියට බාර දුන් බව ද වර්ණකුලසූරිය මහතා පවසයි.