(ඩී.ජී.සුගතපාල)

මාතර, තලල්ල, නාඔටුන්න මුහුද සහ වෙරළ ප්‍රදේශයේදී අද (24) පෙරවරුවේ සොයාගත් මත් කුඩුවල වීදි වටිනාකම රුපියල් කෝටි 450කට අධික බව පොලිසිය කියයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ මෙම මෙහෙයුමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සිය බාරයට ගෙන ඇත.

එම මත්ද්‍රව්‍ය තොගයෙහි අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 275 අධික ප්‍රමාණයක්  ඇති බවට තහවුරු විය.

මත් ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ යාත්‍රාව පෙරළී තිබි ඇති අතර එහි ධීවරයන් පළාගොස් ඇතැයි ද පොලිසිය සැකකරයි.