ශ්රී ලංකා ටෙස්ට් පිලේ ප‍්‍රවීණ මැද පෙළ පිතිකරු තිලාන් සමරවීර අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය ස්ථිර කර තිබේ. තිලාන් සහ ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුව අතර අද (06) පෙවරුවේ පැවැති සාකච්ඡවේදී තිලාන් අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමේ තීරණය වෙනස් නොකරන බව දැනුම්දී තිබේ.
ශ්‍රී ලංකාවේදී මේ මස 8 වැනිදා ආරම්භ වන බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට නම් කළ පළමු සංචිතයේ තිලාන්ට ස්ථානය අහිමිවූ අතර මහේල ආබාධයකට ලක්වීමෙන් පසුව නැවතත් තිලාන් සංචිතයට කැදවීය. නමුත් 15 දෙනාගේ අවසන් සංචිතයට තිලාන් ඇතුළත් නොවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආඩම්බරයි ඔබ ගැන. ජය වේවා! (නි)
හොද තීරණයක් තිලාන්. නවකයන්ට අවස්ථාවක් දෙන්න. (නි)
ඔබ අප කණ්ඩායමට කල සේවය ඉමහත්ය, ඔබට සුභ පැතුම් (දී)
ඔබට සුබ අනාගතයක් (දී)
ඔබට සුභ පතමි (දී)
ඔබේ සේවයට ස්තුති, ඔබට සුභ (දී)
තරුණ අයට ඉඩ දීලා ඔය වගේ තීරණයක් ගත්තු එක බොහොම වටිනවා... නැත්නම් දැන් ලොකු තැන් වලට ගිහින් ඉන්න ඉස්සර ක්‍රිකට්වල සුපිරි තරු වගේ අපහාසයට ලක්වෙන්න වෙයි..(ස)
ලංකාවේ ක්‍රිකෙට් වලට ඔබ කල සේවය ඉමහත්ය
අනේ වාසනාවන් අපිට ක්‍රිකට් එපා වුනා අර මාලිංග මාධ්‍යට ලොකු කම පේන්න කථා කරපු පිළිවෙල දැකලා, (ස)
මමනම් සතුටුයි ඔබේ ඒ තීරණයට (දී)
ගහනවට වඩා ගෙදර ඉන්න එක සැපයි කියලා හිතෙන්න ඇති (ස)
දක්ෂයින්ට අවස්ථාව සැලසීම සදහා ගත් උසස් තීරණයක්. (නි)
ඔය කැපිලි කෙටිලි අපේ මුලු ක්‍රීඩා ක්ෂේත්‍රයම කෙළෙසනවා. (නි)
මෙහෙම් ගියොත් මේ රට කවදාවත්ම ගොඩ ගන්න පුළුවන් රටක්නම් වෙන්නේ නැහැ.හැමතැනම කැපිල්ල.මුළු ජනසමජයම දැඩි ආකල්පයමය වෙනසකට භාජනය කල යුතුයි.මේ තත්වය රට කරවන බලධාරීන් බාරගත යුතුයි.(ස)
වැඩි දවසක් යන්න ඉස්සර වෙන රටකින් කථා කරයි... (ස)