IMG-LOGO

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා


තිලාන් අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා ප‍්‍රවීණ ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩක තිලාන් සමරවීර අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. තිලාන්, අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීම නිලවශයෙන් දැනුම් දෙමින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට අද (05) පස්වරුවේ ලිපියක් බාර දුන්නේය.

තිලාන් ටෙස්ට් තරග 81 කදී ශතක 14 ක් සහ අර්ධ ශතක 30 ක් සමගින් ලකුණු 5,462 ක් රැස්කර ඇති අතර ඔහුගේ ඉනිමක ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය 48.76 කි. පිට දඟ පන්දුයවන තිලාන් ටෙස්ට් කඩුලූ 15 ක් ද දවාගෙන තිබේ.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ තාක්‍ෂණයෙන් පිරිපුන් පිතිකරුවකු ලෙස පිළිගැනෙන තිලාන් එක්දින තරග 53 කදී ශතක දෙකක් සමගින් ලකුණු 1,244 ක් රැස්කර තිබේ.
කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයකු වන 36 හැවිරිදි තිලාන් 2001 වසරේ අගෝස්තු මස ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් ලැබීය.

ශ්‍රී ලංකාවේදී මේ මස 8 වැනිදා ආරම්භ වන බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට නම් කළ පළමු සංචිතයේ තිලාන්ට ස්ථානය අහිමිවූ අතර මහේල ආබාධයකට ලක්වීමෙන් පසුව නැවතත් තිලාන් සංචිතයට කැදවීය. නමුත් ඊයේ (04) නම් කළ අවසන් සංචිතයට තිලාන් ඇතුළත් නොවීය.



අදහස් (0)

තිලාන් අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියට සමුදෙයි

සම්පත් Wednesday, 06 March 2013 09:28 AM

ඔබ සැමදා අපගේ හදවත් තුළ රැදෙනු ඇත. (නි)

:       0       0

හරින් මාලදිවයික Wednesday, 06 March 2013 09:29 AM

තිලාන් යන එක හොදයි. හිටියට හරියට ගැහුවෙත් නැහැ.(නදී)

:       0       0

අසින්ත Tuesday, 05 March 2013 09:34 PM

සමන්, ඔටා කියන දේට මම සියයට සියයක් එකගයි.. මෙයාලා ආණ්ඩුවෙන් මෙයාලාගේ පවුල්වලට තව මොනවා අරන් දෙන්න කියයිද දන්නෙ නැහැ.!(නු)

:       0       0

යොහාන් Tuesday, 05 March 2013 03:38 PM

ස්තූතියි (ස)

:       0       0

මනෝජ් Tuesday, 05 March 2013 03:55 PM

සමුගැනීමට තීරණයක් ලබා දෙන්න , තිලාන් ඔබට ජය (ස)

:       0       0

ජොන් Tuesday, 05 March 2013 03:59 PM

බොහොම හොදයි.ඔය ඉන්න ඔක්කොම ගියත් ජනතාව සතුටුයි.මුදල් පස්සෙ නොයන විනයක් තියෙන තරුන කන්ඩායමක් හදා ගන්න පුලුවන් (ස)

:       0       0

නදීප් Tuesday, 05 March 2013 04:09 PM

මෙයා හොඳ කෙනෙක්. සුබ පැතුම් යාලුවා (ස)

:       0       0

මොහොමඩ් Wednesday, 06 March 2013 10:03 AM

ඉතාමත් වටිනා ක්‍රීඩකයෙක්. ඔබ කළ සේවය අපි අගයමු. ඔබට දෙවි පිහිටයි! (නි)

:       0       0

ලාල් Tuesday, 05 March 2013 04:18 PM

විශිෂ්ට ක්‍රීඩකයෙක්. සුබ පැතුම් !!!!!!!!!!! (ස)

:       0       0

විරාජ් Tuesday, 05 March 2013 10:25 PM

තීරණය හොදයි. පුද්ගලයත් හොදයි. (නි)

:       0       0

අශාන්ති Tuesday, 05 March 2013 04:34 PM

ඔබ දක්ෂ ක්‍රීඩකයෙක්. (දී)

:       0       0

කුමාර Tuesday, 05 March 2013 04:36 PM

ඔබට සුභපැතුම් (දී)

:       0       0

තිලකගේ Tuesday, 05 March 2013 10:32 PM

සමන්ගේ අදහසට මමත් එකගයි. (නි)

:       0       0

ඉෂාන් Tuesday, 05 March 2013 10:36 PM

විශිෂ්ටයි තිලා‍න්. (නි)

:       0       0

වරුණ Tuesday, 05 March 2013 04:47 PM

ඔබේ සමු ගැනීම අපට ලොකු පාඩුවක් (දී)

:       0       0

මදුර Tuesday, 05 March 2013 04:47 PM

ඔබේ ඉදිරි ජීවිතයට සුබ පැතුම් (දී)

:       0       0

නලීන් Tuesday, 05 March 2013 11:25 PM

ක්‍රීඩකයනට ගෙවන ගණන් ගැන කුහකවෙන්න නරකයි. ඒවා ඔවුන්ට අයිති දේවල්. (නි)

:       0       0

රෝහිත Tuesday, 05 March 2013 05:19 PM

ඒක හොද තීරණයක්. (නි)

:       0       0

මේනුක Tuesday, 05 March 2013 05:23 PM

තිලාන්, ඔබට ජය! (නි)

:       0       0

සිල්වා Tuesday, 05 March 2013 05:21 PM

නවක ක්‍රීඩකයන්ට තැන දීලා ඔබගත් තීරණය හොදයි. (නි)

:       0       0

මංජු Tuesday, 05 March 2013 05:31 PM

අන්න ක්‍රීඩකයෝ, බොරුවට උද්දච්ච නැහැ (දී)

:       0       0

අජිත් Wednesday, 06 March 2013 12:52 PM

ටෙස්ට් වලින් අයින් වෙනවාද (දී)

:       0       0

දිසානායක. Tuesday, 05 March 2013 06:57 PM

විනීත ක්‍රීඩකයෙක්. (නි)

:       0       0

දිසානායක. Tuesday, 05 March 2013 06:52 PM

විනීත ක්‍රීඩකයෙක්..!(නු)

:       0       0

ඉන්දික Wednesday, 06 March 2013 12:55 PM

ඔබ අපිට අවශ්‍ය නියම ක්‍රීඩකයෙක් (දී)

:       0       0

ශිරාස් Tuesday, 05 March 2013 06:59 PM

අපි ක්‍රිකට්වලට ආදරෙයි කවදාත්.. ඒත් ක්‍රීඩකයන්ට ආදරේ නැහැ.. ක්‍රීඩකයෝ අපිට කළේ බොරුවක්..!(නු)

:       0       0

ප්‍රසන්න Wednesday, 06 March 2013 08:04 AM

සමන් ඔබේ අදහස සම්පුර්ණයෙන්ම නිවැරදි නැහැ. ක්‍රීඩකයෝ ඉල්ලන්නේ තමන් උපයන මුදලින් ඉතාම පොඩි ප්‍රමාණයක්. මාලිංගගේ තියෙන්නේ පැමිණි තැනේ වරද . (නි)

:       0       0

සමන් දන්මර්ක් සිට. Tuesday, 05 March 2013 08:02 PM

අනි වාර්යෙන්ම ලංකාවේ මුළු ක්‍රිකට් කණ්ඩායම අයින් කල යුතුයි හේතුව මේ අයට ලක්ෂ 40 වැනි විශාල මුදලක්‌ මාස් පතා ගෙවලත් සතුටටට පත් නොවීම ගැන මා අති ශෛන්ම කණගාටුවට පත් වෙනවා. දැන් මට හිතෙනවා ලංකාවේ ක්‍රිකට් කන්ඩායම සල්ලි පස්සේ කෑදර කමින් දුවනවා කියලා. දැන් මට හිතෙනවා ලෝක කුසලානය දෙපාරක් පැරදුනේ සල්ලි වලට තරගය පවා දුන් නිසා බව. ඒ අය තමුන්ගේ රටට ආදරයක් නැති බව ඒ න් හොදටම පහැදිලි. මම ඉන්නේ ඩෙන්මාර්ක් වල. මේහේ සහ ලංකාව අතර වෙනස පැය 4 හමාරක්. එහෙත් මම ක්‍රිකට් මැච් බැලුවේ ලංකාවට තියෙන ආදරය නිසා. ලංකාවේ කණ්ඩායම මේ ලෙස සල්ලි පස්සෙ හාබ යනකොට ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම ගැන කල කිරෙනවා. ලක්‍ෂ 40 ත් විශාල මුදලක්. ලංකාව වගේ දුපත් රටකට එය දරා ගන්න අමාරු කාර්යක්. එහෙත් මොන අමාරු කම් තිබුනත් ක්‍රිකෙට් වලට තියෙන ආසාව නිසා ඔවුන්ට ඒ මුදල ලබා දුන්නා. ඒ අය එකට ස්තුති කරන්න ඕනේ. ලංකාවේ මිනුසුන්ගේ මාසික පඩිය 20 000 වත් නැහැ. එහෙත් ක්‍රිකට් කණ්ඩායමට මාසිකව රුපියල් ලකෂ 40 ගෙවනවා. මොන අපරාදයක්ද. මිනිස්සු මේක දැන් වත් තේරුම් ගත යුතු යි. දුප්පත් පාසල්වලට කොපමණ අඩුපාඩු කම් තියෙනවද . හරියට බෝලයක් නැහැ පිත්තක් නැහැ ඒ වගේම ක්‍රීඩා කරන්න පිටනියක්. ඒ තරම් දුපත් කමින් ඇති ගම්වල ළමයි දුක් විදිනව. බලධාරීන් මේ ගැන අවදානය යොමුකරලා කණ්ඩායමට ඕන විදිහට වැඩ කරන්න ඉඩ දෙන න එපා . එහෙම වුනොත් වැඩි කල් නොගොස් ලංකාවේ ක්‍රිකට් බලන් න ප්‍රේක්ෂකයෝ නැති වෙනවා. ඒ තුලින් ලංකාවේ ක්‍රිකෙට් නැති වෙනවා. ගමේ ඕනේ තරම් දක්‍ෂ ළමයි ඉන්නවා . මේ කණ්ඩායම ඉවත් කරලා ඒ දුප්පත් දක්‍ෂ ළමඉන්ව බන්දව ගන්න. ලසිත් මාලිංගගේ හැසිරීම ඉතාමත් කණගාටු දායකයි. විනය ඕනෑම මනුෂ්‍යයෙකුටම ඉතාමත් උවම නා දෙයක් . සල්ලී කොපමණ තිබුනත් විනයක් නැති නම් ඉන් පලක් නැත. ඒ අයට කොපමණ සල්ලි තියෙනවද තමන්ගේ භාර්යවට ටිකෙට් එකක් ගන් න . එකත් ආණ්ඩුවෙන් ඉල්ලනවා . මොන ලජ්ජා නැති දෙයක් ද . මම හිතනවා මේ ලිපිය ගැන කවුරුත් හිත යොමූ කරයි කියලා.(නු)

:       0       0

මාලිංග Wednesday, 06 March 2013 02:51 PM

ඔබට සුභපැතුම් (දී)

:       0       0

රොශාන් Tuesday, 05 March 2013 03:28 PM

හොඳ වැඩක් ,දැන් තරුණ අය ඉන්නවා. සුබ අනාගතයක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රිට එරෙහිව අල්ලසට පැමිණිල්ලක්
2024 මැයි මස 16 113 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.


රාජ්‍ය ඇමැති ෂෙහාන්ට මරණ තර්ජන
2024 මැයි මස 16 224 0

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඝාතනය කර පුළුස්සා දමන බවට නාඳුනන පුද්ගලයකු සිදුකරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය මගින් විමර්ශන ආ


තුන් නිවුන් දරුවන් නිසා ගමටම වාසනාව
2024 මැයි මස 16 247 0

අනුරාධපුර, හබරණ, පුවක්පිටිය මහා වන කටු මැටි ගැසූ පැලක ජිවත් වූ තරුණ මවක බිහිකළ දරු තිදෙනා ගේ පුවත ලංකාදීප වෙබ් අඩවියේ අනාවරණයෙන් පසු ගම්මානයට වැඩම කළ ග


’’රටින් එන ලූනුවලට බදු ගහන්න’’
2024 මැයි මස 16 139 1

දේශීය ලොකු ලූනු ගොවීන් ආරක්ෂා කිරීම සඳහා ආනයනික ලොකු ලූනු සඳහා බද්දක් පනවන්නැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කෘෂිකර්ම අමාත්


පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා චූලානන්ද
2024 මැයි මස 16 235 0

ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස මෙරට පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණිධාරි විශ්‍රාමික නිලධාරියෙක් වන ඩබ්ලිව්. ඒ. චූලානන්ද ප


විජයදාසට එරෙහිව යළිත් නඩුවක්
2024 මැයි මස 16 384 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 726 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2263 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1935 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site