ශ්රී ලංකා ප‍්‍රවීණ ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩක තිලාන් සමරවීර අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. තිලාන්, අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීම නිලවශයෙන් දැනුම් දෙමින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට අද (05) පස්වරුවේ ලිපියක් බාර දුන්නේය.
තිලාන් ටෙස්ට් තරග 81 කදී ශතක 14 ක් සහ අර්ධ ශතක 30 ක් සමගින් ලකුණු 5,462 ක් රැස්කර ඇති අතර ඔහුගේ ඉනිමක ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය 48.76 කි. පිට දඟ පන්දුයවන තිලාන් ටෙස්ට් කඩුලූ 15 ක් ද දවාගෙන තිබේ.
ශ්‍රී ලංකාවෙන් බිහිවූ තාක්‍ෂණයෙන් පිරිපුන් පිතිකරුවකු ලෙස පිළිගැනෙන තිලාන් එක්දින තරග 53 කදී ශතක දෙකක් සමගින් ලකුණු 1,244 ක් රැස්කර තිබේ.
කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයකු වන 36 හැවිරිදි තිලාන් 2001 වසරේ අගෝස්තු මස ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් ලැබීය.
ශ්‍රී ලංකාවේදී මේ මස 8 වැනිදා ආරම්භ වන බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට නම් කළ පළමු සංචිතයේ තිලාන්ට ස්ථානය අහිමිවූ අතර මහේල ආබාධයකට ලක්වීමෙන් පසුව නැවතත් තිලාන් සංචිතයට කැදවීය. නමුත් ඊයේ (04) නම් කළ අවසන් සංචිතයට තිලාන් ඇතුළත් නොවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනීත ක්‍රීඩකයෙක්..!(නු)
ඔබට සුභපැතුම් (දී)
ඔබ අපිට අවශ්‍ය නියම ක්‍රීඩකයෙක් (දී)
ටෙස්ට් වලින් අයින් වෙනවාද (දී)
ඉතාමත් වටිනා ක්‍රීඩකයෙක්. ඔබ කළ සේවය අපි අගයමු. ඔබට දෙවි පිහිටයි! (නි)
තිලාන් යන එක හොදයි. හිටියට හරියට ගැහුවෙත් නැහැ.(නදී)
ඔබ සැමදා අපගේ හදවත් තුළ රැදෙනු ඇත. (නි)
සමන් ඔබේ අදහස සම්පුර්ණයෙන්ම නිවැරදි නැහැ. ක්‍රීඩකයෝ ඉල්ලන්නේ තමන් උපයන මුදලින් ඉතාම පොඩි ප්‍රමාණයක්. මාලිංගගේ තියෙන්නේ පැමිණි තැනේ වරද . (නි)
ක්‍රීඩකයනට ගෙවන ගණන් ගැන කුහකවෙන්න නරකයි. ඒවා ඔවුන්ට අයිති දේවල්. (නි)
විශිෂ්ටයි තිලාන්. (නි)
සමන්ගේ අදහසට මමත් එකගයි. (නි)
තීරණය හොදයි. පුද්ගලයත් හොදයි. (නි)
සමන්, ඔටා කියන දේට මම සියයට සියයක් එකගයි.. මෙයාලා ආණ්ඩුවෙන් මෙයාලාගේ පවුල්වලට තව මොනවා අරන් දෙන්න කියයිද දන්නෙ නැහැ.!(නු)
අනි වාර්යෙන්ම ලංකාවේ මුළු ක්‍රිකට් කණ්ඩායම අයින් කල යුතුයි හේතුව මේ අයට ලක්ෂ 40 වැනි විශාල මුදලක් මාස් පතා ගෙවලත් සතුටටට පත් නොවීම ගැන මා අති ශෛන්ම කණගාටුවට පත් වෙනවා. දැන් මට හිතෙනවා ලංකාවේ ක්‍රිකට් කන්ඩායම සල්ලි පස්සේ කෑදර කමින් දුවනවා කියලා. දැන් මට හිතෙනවා ලෝක කුසලානය දෙපාරක් පැරදුනේ සල්ලි වලට තරගය පවා දුන් නිසා බව. ඒ අය තමුන්ගේ රටට ආදරයක් නැති බව ඒ න් හොදටම පහැදිලි. මම ඉන්නේ ඩෙන්මාර්ක් වල. මේහේ සහ ලංකාව අතර වෙනස පැය 4 හමාරක්. එහෙත් මම ක්‍රිකට් මැච් බැලුවේ ලංකාවට තියෙන ආදරය නිසා. ලංකාවේ කණ්ඩායම මේ ලෙස සල්ලි පස්සෙ හාබ යනකොට ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම ගැන කල කිරෙනවා. ලක්‍ෂ 40 ත් විශාල මුදලක්. ලංකාව වගේ දුපත් රටකට එය දරා ගන්න අමාරු කාර්යක්. එහෙත් මොන අමාරු කම් තිබුනත් ක්‍රිකෙට් වලට තියෙන ආසාව නිසා ඔවුන්ට ඒ මුදල ලබා දුන්නා. ඒ අය එකට ස්තුති කරන්න ඕනේ. ලංකාවේ මිනුසුන්ගේ මාසික පඩිය 20 000 වත් නැහැ. එහෙත් ක්‍රිකට් කණ්ඩායමට මාසිකව රුපියල් ලකෂ 40 ගෙවනවා. මොන අපරාදයක්ද. මිනිස්සු මේක දැන් වත් තේරුම් ගත යුතු යි. දුප්පත් පාසල්වලට කොපමණ අඩුපාඩු කම් තියෙනවද . හරියට බෝලයක් නැහැ පිත්තක් නැහැ ඒ වගේම ක්‍රීඩා කරන්න පිටනියක්. ඒ තරම් දුපත් කමින් ඇති ගම්වල ළමයි දුක් විදිනව. බලධාරීන් මේ ගැන අවදානය යොමුකරලා කණ්ඩායමට ඕන විදිහට වැඩ කරන්න ඉඩ දෙන න එපා . එහෙම වුනොත් වැඩි කල් නොගොස් ලංකාවේ ක්‍රිකට් බලන් න ප්‍රේක්ෂකයෝ නැති වෙනවා. ඒ තුලින් ලංකාවේ ක්‍රිකෙට් නැති වෙනවා. ගමේ ඕනේ තරම් දක්‍ෂ ළමයි ඉන්නවා . මේ කණ්ඩායම ඉවත් කරලා ඒ දුප්පත් දක්‍ෂ ළමඉන්ව බන්දව ගන්න. ලසිත් මාලිංගගේ හැසිරීම ඉතාමත් කණගාටු දායකයි. විනය ඕනෑම මනුෂ්‍යයෙකුටම ඉතාමත් උවම නා දෙයක් . සල්ලී කොපමණ තිබුනත් විනයක් නැති නම් ඉන් පලක් නැත. ඒ අයට කොපමණ සල්ලි තියෙනවද තමන්ගේ භාර්යවට ටිකෙට් එකක් ගන් න . එකත් ආණ්ඩුවෙන් ඉල්ලනවා . මොන ලජ්ජා නැති දෙයක් ද . මම හිතනවා මේ ලිපිය ගැන කවුරුත් හිත යොමූ කරයි කියලා.(නු)
අපි ක්‍රිකට්වලට ආදරෙයි කවදාත්.. ඒත් ක්‍රීඩකයන්ට ආදරේ නැහැ.. ක්‍රීඩකයෝ අපිට කළේ බොරුවක්..!(නු)
හොඳ වැඩක් ,දැන් තරුණ අය ඉන්නවා. සුබ අනාගතයක් (ස)
විනීත ක්‍රීඩකයෙක්. (නි)
අන්න ක්‍රීඩකයෝ, බොරුවට උද්දච්ච නැහැ (දී)
නවක ක්‍රීඩකයන්ට තැන දීලා ඔබගත් තීරණය හොදයි. (නි)
තිලාන්, ඔබට ජය! (නි)
ඒක හොද තීරණයක්. (නි)
ඔබේ ඉදිරි ජීවිතයට සුබ පැතුම් (දී)
ඔබේ සමු ගැනීම අපට ලොකු පාඩුවක් (දී)
ඔබට සුභපැතුම් (දී)
ඔබ දක්ෂ ක්‍රීඩකයෙක්. (දී)
විශිෂ්ට ක්‍රීඩකයෙක්. සුබ පැතුම් !!!!!!!!!!! (ස)
මෙයා හොඳ කෙනෙක්. සුබ පැතුම් යාලුවා (ස)
බොහොම හොදයි.ඔය ඉන්න ඔක්කොම ගියත් ජනතාව සතුටුයි.මුදල් පස්සෙ නොයන විනයක් තියෙන තරුන කන්ඩායමක් හදා ගන්න පුලුවන් (ස)
සමුගැනීමට තීරණයක් ලබා දෙන්න , තිලාන් ඔබට ජය (ස)
ස්තූතියි (ස)