තරිඳු ජයවර්ධන සහ ඉන්දිකා රාමනායක
මහනුවර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට සහ ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් 10 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත් ඒ අනුව එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් මහනුවරට පරීක්ෂණ ආරම්භ කළ බවත් එම විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් දස දෙනා අත්අඩංගුවට ගත් බවත් ගුණසේකර මහතා පවසයි.
මෙම ක්‍රියාවන්ට සම්බන්ධ ප්‍රධාන සැකකරු විදාන පතිරණගේ අජිත් ජීවන් වීරසිංහ බවත් අනිත් ප්‍රධාන සැකකරු සුරේද සුරවිර බවත් අත්අඩංගුවට ගත්තවුන් අතර මේ දෙදෙනාද සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි.
මෙම සැකකරුවන් දිගන හා පූජාපිටිය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් අට දෙනකුම මහනුවර දිස්ත්‍රික්කයෙන් පිට පදිංචිකරුවන් බව පොලිසිය කියයි. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙය සැලසුම් කළ ආකාරය ගැන අනාවරණය වෙමින් පවතින බවත්, එම තොරතුරු අනුව මීට සම්බන්ධ සෙසු සියලු සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් එක් ප්‍රධාන සැකකරුවකු ගිංතොට කළබලය අවස්ථාවේ එම ප්‍රදේශයේ විහාරස්ථානයකට ගොස් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන ආකාරය ප්‍රදේශයේ තරුණයන්ට කියා දී ඇතැයි ද, ඔහු ගැන එදිනම පොලිසියට දැනුම්දී ඇතැයි ද දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 5 කට වත් හිරේ ඇරියානම් හරි.. අනිත් අයට උණ හොඳ වෙන්නත් එක්ක...
ජාතිවාදය අවුස්සන ඔක්කොම ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනේ...
බොලේ නීතිය නවනවා කියන්නේ මේවටනේ... දැන් එතකොට සිංහල අය විතරයිද වැරදි. එතකොට නැගෙනහිර පැත්තේ ඉඳන් ගියා කියන මුස්ලිම් ජාතිකයින් ඕක බලන්නද ගිහින් තියෙන්නේ...
තරාතිරම නොබලා උපරිම දඩුවම් දෙන්න, අපේ දරුවන්ට ලස්සන රටක් ඕනේ, ලෝකේ කොන් වෙච්ච රටක් නැතුව
නැවත 83 මෙන් සිදුවීම් ඇති නොවීමට මෙම සිද්ධියට සම්බන්ධ වූ මෙම පිරිසේ ප්‍රජා අයිතිය අහෝසිකර, ඔවුන්ගේ දේපළ සියල්ල රාජසන්තකකර මරණ දඬුවම ලබාදෙන්න. (තේරුමක් නෑ මෙවැනි කඩාකප්පල්කාරී පුද්ගලයන් මහජන මුදලින් නඩත්තු කරකර සිරගෙවල් වල තබාගැනීම). ඒ වගේම සිදුවූ අලාභ හානිවලට රටේ මහජන මුදල්වලින් නොව මෙසේ මෙම කලකෝලාහලයට සහභාගී වූවන්ගේ දේපළවලින් ලැබෙන මුදල් භාවිතා කරන්න. ඒ වගේම මෙවැනි පුද්ගලයින්ට මෙසේ හැසිරීමට අනුබල දුන් යම් දේශපාලන නායකත්වයක් තිබේ නම් ඔවුන්ටද දඬුවම් දී අවසන් කර දැමිය යුතුය. එසේ නොවන්නාට මේවා යලි යලිත් ඇතිවීමට තිබෙන ඉඩ ඉතාම වැඩියි.
එතකොට අබතැන්න, පූජා පිටිය පන්සල් විනාශ කල අයට...!!!
කලබල කල අය විතරක් නොවේ.. එසේ කලබල කරන්න ඉඩදීලා බලා සිටිය අය (විශේෂයෙන්ම පොලිසියේ) ගැනත් සොයා බැලිය යුතුයි. එවැනි රාජ්‍ය නිලධාරීන් සිටියි නම් ඔවුන් වහාම තනතුරුවලින් නෙරපා හැරිය යුතුයි. චූදිතයින්ට විශේෂිත අධිකරණයක් හරහා ඉක්මණින් නඩු විභාග කර වැරදිකරුවන්ට හදිසි නීතිය යටතේ උපරිම දඬුවම් නියම ලෙසට නීතිපති දෙපාර්තුමේන්තුව හරහා අධිකරණයට දැන්විය යුතුවන අතර මේ සියල්ලෙම අර්ථය විය යුත්තේ නැවත මේ රටේ මෙවැනි ජාතිවාදී කළකෝලාහල ඇතිවීම වැළැක්වීම හා එවැනි අධම ක්‍රියාවන්ගේ නිරත වන අයට උපරීම දඬුවම් හිමිවන බවට අවබෝධ කරවීමයි.
මුස්ලිම් මිනිස්සු අතට බෝම්බ ගියේ කොහොමද? ආයුධ අතට ගන්නවා කියපු ඇමතිලා වහාම අත්අඩංගුවට ගන්න. මෙවන් අන්තවාදී ඇමතිවරු වහාම සිරගත කල යුතුයි.
මේ ප්‍රශ්නය දෙස වගකිවයුත්තන් මැදිහත් මනසකින් කටයුතු නොකිරීම හා බොරු සංහිඳියාවකට මුවාවී සීතල කාමරවල සිට ගන්නාලද අනුවණ තීරණ නිසා අද මේ රටේ පුරවැසියන් කා කොටා ගන්නා තත්ත්වයට පත්ව ඇත. ආණ්ඩුව විසින් ගෙනයන කෘතිම සංහිඳියා ප්‍රෝඩාව නිසා මේ ගැටළු වඩාත් තීව්‍රවී ඇත. අන්තවාදීන් කවුරුන් වුවද එක නීතියක් ක්‍රියාත්මක කරනවා වෙනුවට ආණ්ඩුව මේ මොහොතේද දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීමෙන් සිදුවන්නේ තවදුරටත් මහජනයා අතර වෛරය වැඩිකිරීමම නොවේද?