IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


තෙල් මිල පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් පහත දැමීමට රජය තීරණය කොට ඇත. ඒ අනුව පෙට්‍රල් (92 ඔක්ටේන්) ලීටරයක නව මිල රුපියල් 117 ක් ද පෙට්‍රල් (95 ඔක්ටේන්) 128 ක්ද ඩීසල් රුපියල් 95 ක් ද සුපිරි ඩීසල් 110 ක් ද හා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 65 ක්  දක්වාද අඩු කර ඇත.

පෙර පැවති මිල ගණන් අනුව රුපියල් 33 කින් පෙට්‍රල් මිල පහත දමා ඇති අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් පහත දමා ඇත.

 

 

 



අදහස් (0)

තෙල් මිල පහළට

බමුණු Thursday, 22 January 2015 11:22 AM

බලමු බලමු මේ දේවල් කොච්චර කල් පවතීවිද කියලා (දිල්)

:       2       0

ගිහාන් Thursday, 22 January 2015 05:22 AM

දකුණු පළාතේ සමහර තැන් වල තෙල් මිල අඩු කරලා නැතිලු. ඒ පැත්තේ රාජ උෂ්නේ වැඩි නිසා තවම මීටරේ කැරකවෙන්නේ අනිත් පැත්තට වෙන්න ඇති (නදී)

:       0       0

ලක්ෂ්මන් Thursday, 22 January 2015 11:26 AM

බස් ගාස්තුව රුපියලකින් අඩු කරනවා කියල තියෙනවා .තෙල් මිල 16 කින් අඩු කලාම බස් ගාස්තුව රුපියල් 5.00 කරන්න පුළුවන් නේද (දිල්)

:       0       0

බමුණු Thursday, 22 January 2015 11:26 AM

වඩා අඩුවිය යුත්තේ ඩීසල් මිස පෙට්‍රල් නොවේ. එවිටයි සමස්තයකට ප්‍රතිලාබ ලැබෙන්නේ. කරන අය ඒවා කරවී ඩීසල් මිල අඩු කළයි කියලා නැග්ග බඩුමිල අඩුවන්නේ නැත. (දිල්)

:       0       0

චමිල-පානදුර Thursday, 22 January 2015 05:33 AM

ඩීසල්, පෙට්‍රල් මිල වැඩි වෙද්දී ඉක්මනින්ම ගාස්තු වැඩි කරපු බස් හිමියන්න්ගේ සංගමය අනෙකුත් ව්‍යාපාරිකයන්ගෙත් මිල අඩු කරා නම් තමයි හොද....(දිල්)

:       0       0

ටිරෝන් Thursday, 22 January 2015 06:02 AM

ඡන්දෙන් පස්සෙත් ඩීසල් බොරතෙල් මිල අඩු උනා. ඒ අනුව ඩීසල් 50 කින් හා පෙට්‍රල් 80 කින් අඩුවිය යුතුයි. මේ ජනතාව රැවටීමක්. චම්පිකගේ විද්වත් සමුළුවේ කතාව බලන්න (නදී)

:       1       0

ටිරෝන් Thursday, 22 January 2015 06:06 AM

චම්පික විද්වත් සමුළුවේ පැවසුව විදියට පෙට්‍රල් 60 ක්ද ඩීසල් 50 ක් පමණ අඩු කල හැක. මෙය ජනතාව මුලා කිරිමකි (නදී)

:       1       0

සුපුන් Thursday, 22 January 2015 06:08 AM

ඡන්ද වේදිකාවේ "ත්‍රී විල් මල්ලිලා " කියලා අපිට කතා කළා. පැට්‍රල් මිල අඩු කරනවා කිව්වා. ලොකු අයියා අඩු කරලා තියෙන්නේ පොඩ්ඩනේ. (නදී)

:       1       0

හර්ෂණ Thursday, 22 January 2015 06:19 AM

මම මේ නොදන්න නිසා අහන්නෙ හිටං,යහ පාලනේ බේරෙනවා,කොටින්ට රට යනවා,අප්ප්ච්චි අප්පච්චී කිය කිය හිටපු අයත් හෙට ඉඳන් 117ට ද පෙට්‍රල් ගහන්නේ? විලි ලැජ්ජයි! එහෙම බැහැ හරිය (බ)

:       1       3

රන්ජිත් Wednesday, 21 January 2015 06:01 PM

බස් ගාස්තු අඩුකරමු නේද දැන්වත්? (නි)

:       0       2

ධර්මේ Thursday, 22 January 2015 06:49 AM

හැබැයී කිව්වෙ නම් පෙට්‍රල් මිල අනූව කරනවා කියලා (නදී)

:       0       1

අරුණ Thursday, 22 January 2015 08:07 AM

වඩා අඩුවිය යුතේ ඩීසල් මිස පෙට්‍රල් නොවේ. එවිටයි සමස්තයකට ප්‍රතිලාබ ලැබෙන්නේ. (ර)

:       0       0

දකුණේ සිල්වා Friday, 23 January 2015 09:51 AM

පිවිතුරු ඉපදිලත් නැතුව ඇති අපි සත 35 ටත් පාන් කාලා තියෙනවා.(දිල්)

:       0       0

විජයබාහු Thursday, 22 January 2015 09:21 AM

කිව්ව තරම් නම් අඩු කලේ නැ වගේ. (දිල්)

:       0       0

තිලක් Thursday, 22 January 2015 02:26 AM

ජනතාවට ලොකු සහනයක්. ජයවේවා! වක‍්‍ර ප්‍රතිලාභත් ලැබෙන ක‍්‍ර‍මයක් සැකසීම වැදගත් (නි)

:       0       0

කරුණාතිලක Thursday, 22 January 2015 03:06 AM

දින 100 ට පසුවත් මෙය මෙසේම තිබෙනවා නම් හොඳයි (නි)

:       0       0

වජිර Thursday, 22 January 2015 03:08 AM

ජයවේවා! මේ සමඟම අනෙක් භාණ්ඩත් පැහැදිලිලෙසම අඩුවිය යුතුය. අඩුම තරමේ අපිට ගෙයක් දොරක් හදාගන්නවත් ලැබේවා! (නි)

:       0       0

ඇසළ Thursday, 22 January 2015 10:45 AM

ලෝක වෙළද පොලේ බොර තෙල් අඩු වෙලා තියන හැටියට නව පෙට්‍රල් (92 ඔක්ටේන්) ලීටරයක මිල විය යුත්තේ රුපියල් 68 යි සත 64 ලාබත් එක්ක. අනිත් ආසියාවේ රටවල් බොහොමයක් ලීටරය දැන් විකුනන්නේ රුපියල් 70 කටත් අඩු මුදලකට. මෙහෙම වත් අඩු වුන එක ලොකු දෙයක්. අනිත් අත්‍යවශ්‍ය බඩුත් මේ සමග අඩු කිරීමට පියවර ගත යුතුයි. නැත්නම් දින 100 යෙන් පස්සේ අනිත් පැත්ත අායිත්. (නදී)

:       0       0

පිවිතුරු Thursday, 22 January 2015 10:55 AM

සතුටුයි ..සතුටුයි..අලුත ආපු ලේලි ඔහොම තමයි..යහ ගුණදම් බේරෙනවා..ටිකක් අත පය දිග ඇරගන්න කොට තමයි ලේලිගේ රගේ තේරෙන්නේ.ඔහොම යන් ..ඔහොම යන්,,අපි 3.50 ට පානුත් කාපු කාලයක් තුබුනනේ...(අ)

:       2       0

පාලිත Thursday, 22 January 2015 10:59 AM

උන්න හැටියට මලා මදැයි කියන්න ඔය හොඳටම ඇති මේ වෙලාවේ. හෙමිහිට ආර්ථිකය පන ගහල එනකොට තව ටිකක් බලමු. බඩු මිල අඩු කරලා දෙන්න මිනිස්සුන්ට ටිකක් දැනෙන විදිහට. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site