අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් පහත දැමීමට රජය තීරණය කොට ඇත. ඒ අනුව පෙට්‍රල් (92 ඔක්ටේන්) ලීටරයක නව මිල රුපියල් 117 ක් ද පෙට්‍රල් (95 ඔක්ටේන්) 128 ක්ද ඩීසල් රුපියල් 95 ක් ද සුපිරි ඩීසල් 110 ක් ද හා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 65 ක් දක්වාද අඩු කර ඇත.
පෙර පැවති මිල ගණන් අනුව රුපියල් 33 කින් පෙට්‍රල් මිල පහත දමා ඇති අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් පහත දමා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමු බලමු මේ දේවල් කොච්චර කල් පවතීවිද කියලා (දිල්)
දකුණු පළාතේ සමහර තැන් වල තෙල් මිල අඩු කරලා නැතිලු. ඒ පැත්තේ රාජ උෂ්නේ වැඩි නිසා තවම මීටරේ කැරකවෙන්නේ අනිත් පැත්තට වෙන්න ඇති (නදී)
බස් ගාස්තුව රුපියලකින් අඩු කරනවා කියල තියෙනවා .තෙල් මිල 16 කින් අඩු කලාම බස් ගාස්තුව රුපියල් 5.00 කරන්න පුළුවන් නේද (දිල්)
වඩා අඩුවිය යුත්තේ ඩීසල් මිස පෙට්‍රල් නොවේ. එවිටයි සමස්තයකට ප්‍රතිලාබ ලැබෙන්නේ. කරන අය ඒවා කරවී ඩීසල් මිල අඩු කළයි කියලා නැග්ග බඩුමිල අඩුවන්නේ නැත. (දිල්)
ඩීසල්, පෙට්‍රල් මිල වැඩි වෙද්දී ඉක්මනින්ම ගාස්තු වැඩි කරපු බස් හිමියන්න්ගේ සංගමය අනෙකුත් ව්‍යාපාරිකයන්ගෙත් මිල අඩු කරා නම් තමයි හොද....(දිල්)
ඡන්දෙන් පස්සෙත් ඩීසල් බොරතෙල් මිල අඩු උනා. ඒ අනුව ඩීසල් 50 කින් හා පෙට්‍රල් 80 කින් අඩුවිය යුතුයි. මේ ජනතාව රැවටීමක්. චම්පිකගේ විද්වත් සමුළුවේ කතාව බලන්න (නදී)
චම්පික විද්වත් සමුළුවේ පැවසුව විදියට පෙට්‍රල් 60 ක්ද ඩීසල් 50 ක් පමණ අඩු කල හැක. මෙය ජනතාව මුලා කිරිමකි (නදී)
ඡන්ද වේදිකාවේ "ත්‍රී විල් මල්ලිලා " කියලා අපිට කතා කළා. පැට්‍රල් මිල අඩු කරනවා කිව්වා. ලොකු අයියා අඩු කරලා තියෙන්නේ පොඩ්ඩනේ. (නදී)
මම මේ නොදන්න නිසා අහන්නෙ හිටං,යහ පාලනේ බේරෙනවා,කොටින්ට රට යනවා,අප්ප්ච්චි අප්පච්චී කිය කිය හිටපු අයත් හෙට ඉඳන් 117ට ද පෙට්‍රල් ගහන්නේ? විලි ලැජ්ජයි! එහෙම බැහැ හරිය (බ)
බස් ගාස්තු අඩුකරමු නේද දැන්වත්? (නි)
හැබැයී කිව්වෙ නම් පෙට්‍රල් මිල අනූව කරනවා කියලා (නදී)
වඩා අඩුවිය යුතේ ඩීසල් මිස පෙට්‍රල් නොවේ. එවිටයි සමස්තයකට ප්‍රතිලාබ ලැබෙන්නේ. (ර)
පිවිතුරු ඉපදිලත් නැතුව ඇති අපි සත 35 ටත් පාන් කාලා තියෙනවා.(දිල්)
කිව්ව තරම් නම් අඩු කලේ නැ වගේ. (දිල්)
ජනතාවට ලොකු සහනයක්. ජයවේවා! වක‍්‍ර ප්‍රතිලාභත් ලැබෙන ක‍්‍රමයක් සැකසීම වැදගත් (නි)
දින 100 ට පසුවත් මෙය මෙසේම තිබෙනවා නම් හොඳයි (නි)
ජයවේවා! මේ සමඟම අනෙක් භාණ්ඩත් පැහැදිලිලෙසම අඩුවිය යුතුය. අඩුම තරමේ අපිට ගෙයක් දොරක් හදාගන්නවත් ලැබේවා! (නි)
ලෝක වෙළද පොලේ බොර තෙල් අඩු වෙලා තියන හැටියට නව පෙට්‍රල් (92 ඔක්ටේන්) ලීටරයක මිල විය යුත්තේ රුපියල් 68 යි සත 64 ලාබත් එක්ක. අනිත් ආසියාවේ රටවල් බොහොමයක් ලීටරය දැන් විකුනන්නේ රුපියල් 70 කටත් අඩු මුදලකට. මෙහෙම වත් අඩු වුන එක ලොකු දෙයක්. අනිත් අත්‍යවශ්‍ය බඩුත් මේ සමග අඩු කිරීමට පියවර ගත යුතුයි. නැත්නම් දින 100 යෙන් පස්සේ අනිත් පැත්ත අායිත්. (නදී)
සතුටුයි ..සතුටුයි..අලුත ආපු ලේලි ඔහොම තමයි..යහ ගුණදම් බේරෙනවා..ටිකක් අත පය දිග ඇරගන්න කොට තමයි ලේලිගේ රගේ තේරෙන්නේ.ඔහොම යන් ..ඔහොම යන්,,අපි 3.50 ට පානුත් කාපු කාලයක් තුබුනනේ...(අ)
උන්න හැටියට මලා මදැයි කියන්න ඔය හොඳටම ඇති මේ වෙලාවේ. හෙමිහිට ආර්ථිකය පන ගහල එනකොට තව ටිකක් බලමු. බඩු මිල අඩු කරලා දෙන්න මිනිස්සුන්ට ටිකක් දැනෙන විදිහට. (අ)