(අජන්ත කුමාර අගලකඩ)
ඉන්ධන මිල ඉහළ දමන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (24) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී අවසන් තීරණයක් ගනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. ඉන්ධන මිල තීරණය කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් සකස් කරන ලද මිල සූත්‍රය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා අද ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ අනුව ඉන්ධන මිල ඉහළ දමන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අද අවසන් තීරණයක් ගනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
ඉන්දියන් තෙල් සමාගම පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් ලංකා ඛණිජ තෙල් සංස්ථාව දිනකට රුපියල් මිලියන 39 ක පමණ අතිරේක පාඩුවක් ලබන බව ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
මේ තත්ත්වය තුළ සංස්ථාවේ කටයුතු පවත්වාගෙන යාම බරපතළ ගැටලුවක් බැවින් විසඳුමක් ලබාදෙන්නැයි ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා මුදල් අමාත්‍යාංශයෙන්ද ඉල්ලීමක් කර තිබිණි.
එම ඉල්ලීම් සම්බන්ධයෙන් අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තීරණයකට එළැඹෙනු ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
අලුත් අවුරුද්දෙන් පසුව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (24) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සාකච්චා ඔක්කොම කරන්නේ තෙල් මිල ඉහල දාන්න බව කව්රුත් දන්නවා. එහෙම නැතිව ආණ්ඩුවට සුර සැප විදින්න සල්ලි කෝ ??
රටේ ජනතාව ඉතාම අමාරුවෙන් ජීවත්වන මොහොතක තෙල්මිල ඉහල දැමීමෙන් රටේ බඩුමිල තවත් වටයකින් ඉහල ගොස් ජනතාව දැඩි අසීරුතාවයට ලක්වෙනවා. ඒ නිසා ඉන්ධන සදහා පනවා ඇති අධික බදු මුදල් අඩු කිරිම හෝ මහා භාණ්ඩාගාරය විසින් එම මුදල් ප්‍රති පූර්ණය කිරිම කලයුතුයී.
අපි හරි අමාරුවන් ජීත්වන්න ඒ හින්ද ඉන්ධන වැඩිකරන්න මොකද පාර්ලිමේන්තුව අලුත්වැඩියා කරන්නත් සල්ලි ඕනනේ
මතකද ඉන්දියන් තෙල් සමාගම එදා මිල ඉහල දැම්ම අවස්ථාවේ අර්ජුන රණතුංග ඇමතිතුමා කිව්වා ඉන්දියන් තෙල් සමාගම මිල ඉහල දැම්මද, ලංකා ඛණිජ තෙල් සංස්ථාව කිසිසේත්ම ඉහල දමන්න නැහැ කියලා. ඒ මොහොතේ මම මෙම පිටුවේ සඳහන් කළා උපරිම සති දෙකකින් හෝ මාසයක්තුල තෙල් සංස්ථාවත් තමන්ට පාඩු කියමින් ඉහල දාවි කියලා. ඕක තමයි මේ රටේ සිරිත.
අපට ඉස්කෝලෙදි ආර්ථික විද්‍යාව උගන්නපු සර් කිව්වේ අපුර්ණ තරඟයකදී කෙනෙක් මිල ඉහල දානකොට එයාගේ ඉල්ලුම අඩුවෙනවා, එතකොට ඒ වෙළෙන්දාගේ පාරිභෝගිකයෝ අනික් සැපයුම් කරු වෙතට යොමුවෙනවා කියලා. දැන් ඉන්දියන්කාරයෝ මිල ඉහල දැම්මහම වාහන හිමියෝ සංස්ථාව වෙතට යොමුවෙන්නේ නැද්ද, එතකොට සංස්ථාවේ ඉල්ලුම වැඩිවෙලා වැඩි ආදායමක් ලැබෙන්නේ නැද්ද? එහෙම නම් මේ ඉන්දියන් කාරයෝ මිල ඉහල දැම්මහම අපට පාඩුයි කියල සංස්ථාව අඬන්නේ ඇයි? මං නොදන්නා හින්දයි මේ අහන්නේ?
සංස්ථාවේ කටයුතු පවත්වාගෙන යාම බරපතළ ගැටලුවක් නම් ඕක වහල දාන්න, සුදුසුකම් ඇති අය වෙන රස්සා හොයගනී , මැති ඇමති හෙන්චයියල පාරට වැටෙයි
අනේ වැඩි කරන්න ඕවා මහජනතාවට ප්‍රස්නයක් නෙවේ. 62% ජනතාව මහා බැංකුව කැඩීමත් අනුමත කලානේ. ඔක්කොටම විසදුම පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ තෙල් නිකුතුව අඩු කලා නම් හොඳයි. වාහනත් අඩු කරන්න ඕන.
ඉන්දියන් තෙල් සමාගම මිල ඉහල දැම්ම හේතුවෙන් ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ විකුණුම් ප්‍රමාණය වැඩි විය යුතුය. ඒසේනම් ඛණිජ තෙල් සංස්ථාව පාඩු ලබන්නේ කෙසේද?.
සත්‍යපාල, පිස්සු කතා කරන්න එපා. බදු නොගහ කොහොමද ඇමතිවරුන්, මන්ත්රිවරුන් නඩත්තු කරන්නේ? ඒ අයට සුපිරි වාහන ගන්නේ? අලුත් මැතිවරණ ක්‍රමයෙන් හැටහුටහමාරක් වෙනකන් වැඩිකරපු පළාත් පාලන සභාකයන් නඩත්තු කරන්නේ? අලුත් මැතිවරණ ක්‍රමයෙන් ළඟදීම ඩබල් වෙන පළාත් සබැ මන්ත්රිවරුන් නඩත්තු කරන්නේ? අ මේ උතුමන්ලව නඩත්තු කරන්න බදු වැඩි කරන්නයි ඕනේ - අඩු කරලා කොහොමද?
සත්‍යපාල, බදු නොගහ කොහොමද මහා බැංකුවේ මංකොල්ලේ පාඩුව පියව ගන්නේ? ඩොලර් බිලියන ගණන් ණය පිට ණය අරන් කිසි සංවර්ධනයක් නොකර ඒ ණය නිකන් නැති නාස්ති කරලා දාන ඒවායේ පොලිය (ඇහැට නොපෙනෙන සංවර්ධනේලුනේ), ණය වාරික ගෙවන්නේ?
තෙල් මිල ඉහළ නැංවීමට උත්සාහ නොකරන්න