ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව අප්‍රසාදයට පත් කිරීම සඳහා දේශීය කුමන්ත්‍රණකරුවන්, රාජ්‍ය නොවන සංවිධාන හා පිටරට ගැත්තන් ක්‍රියා කරතියි මහින්ද රාජපක්ෂ ජනපති කඩවත දී අද (18) ප්‍රකාශ කෙළේය. කොළඹ පිටත වටරවුමේ අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන අදියරේ වැඩ ආරම්භ කරමින් ජනපති පැවැසුයේ ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල වැඩි වූ නිසා තෙල් මිල වැඩි කළා මිස ජනතාවට බර පැටවීමට රජය එසේ නොකළ බවයි. තෙල්මිල වැඩි කිරීමෙන් අපහසුතාවට පත් සියලු කොටස් වලට දැනටම සහන සලසා ඇතැයි ද ජනපති කීවේය. තෙල් වැඩි කිරීමට එරෙහිව දින කිහිපයක් රටපුරා උද්ඝෝෂණ පැවැතියේය. ජනපති ඒ සම්බන්ධයෙන් කථා කළ මුල්ම අවස්ථාව මෙයයි. ජනපති රටේ ස්ථාවරය ද පැහැදිලි කෙළේය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේවා කාට කියන්නද?
ඔක්කොටම සහන දුන්නලු ඒත් දුප්පත් ජනතාව මොනවද දුන්නේ?
කෝ අපිට සහනාධාර?
පෙට්‍රල් මිල එකට එකක් වැඩිකර - බූමි තෙල් මිල වැඩි නොකර ඉන්න තිබුනා.දුප්පතා ගැන හිතීම සදහා....
මේ කියන ඒවට හිතෙන ඒවා මට මෙතන ලියන්න බෑ.
දැන් වෙන්න ඇති ඇහැරිලා තියෙන්නේ?
මොන රටේ කවදද ගනන් ගියේ?
හැමදාම මෙහෙම මොනවහරි කියල බේරෙන්න හදන්න එපා ජනපති තුමනි. අපි ඡන්දෙ දීලා දැන් දැන් කලකිරිල ඉන්නේ..
ඡන්දෙ දීපු වරද වහගන්න බැරුවයි ඉන්නෙ. අප දන්න අඳුනන හිතවත් විපක්‍ෂිකයො අහන ප්‍රශ්ණ වලට අපට උත්තර නෑ.
තෙල් මිල වැඩිවුණාට අපේ ජනපතිතුමා පලි නැහැ.
බාල තෙල් ගෙනාපු අයට මොකද කළේ?