(ඉන්දිකා රාමනායක, ඩී.ජී.සුගතපාල,සිරංගිකා ලොකුකරවිට, ජේ.ඩබ්ලිව්.කේ ප්‍රේමතිල සහ ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල මාගාල්ල ලාෆ් ඉන්ධන පිරවුම්ලේ පෝලිමේ සිටි දෙපිරිසක් අතර ඊයේ ( 07) රාත්‍රි ඇතිවු ආරවුලකදි එක් අයෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කීය.
මෙසේ මියගොස් ඇත්තේ හබරාදුව වංචාවල යටගල පදිංචිව සිටි 25 හැවිරිදි පුද්ගලයෙකි.
ඊයේ රාත්‍රි ඉන්ධන පෝලිමට පැමිණි බටදුව ප්‍රදේශයේ පුද්ගලයෙකු තම මෝටර් රථය මිතුරෙකුගේ වෙළඳසලක් ඉදිරිපිට ඉඩ තිබු ස්ථානයකින් පෝලිමට ඇතුලු කිරිමට උත්සාහ කළ අවස්ථාවේ පෝලිමේ පිටුපස සිටි පිරිසක් එයට විරෝධය පළකර ඔහු සමග ගැටුමක් ඇතිකරගෙන ඇති අතර පසුව ඔහු ඒ බව තම හිතවතුන් කිහිප දෙනෙකුට පවසා තිබේ.
ඒ සමග පැමිණි පිරිසක් මෝටර් රථයේ රියදුරට හිරිහැර කළ පුද්ගලයින්ට පහරදිමට පටන්ගෙන ඇති අතර එහිදි පෝලිමේ සිටි තිදෙනෙකුද පහරදිමට පැමිණි කණ්ඩායමේ එක් අයෙකුද බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු රාත්‍රි 12.30ට පමණ මෙම පුද්ගලයා මියගොස් ඇති බව පොලිසිය පැවැසීය.
සිද්ධය සම්බන්ධයෙන් ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මයුුර පෙරේරා මහතාගේ උපදෙස් පරිදි සැකකරුවන් අත් අංගුවට ගැනිම සඳහා වරාය පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.


(ඡායාරූප: ජේ.කේ.එල් චාමින්ද)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ලේ මාගාල්ල කියන නම අහපු හැටියේම මැවෙන චිත්‍රය දන්නෝ දනිති . හබරාදුවත් ටිකක් ඒ වගේම තමයි මේකේ කියන්නේ නැහැ ඒ ගම වල ඉන්න ඔක්කොම ඒ වගේ කියල නමුත් අර සරසවි ශිෂ්‍යය ටිකක් කල්පනා කරා නම් ඕක වෙන්නේ නැහැ උනේ සම්පූර්ණ අසාදාරනයක් තමයි නමුත් පිට ගමකින් ඇවිල්ල මොකට මාගාල්ල වගේ ගමක මිනිස්සු එක්ක පැටලෙන්න ගියාද ? තරුණ ජීවිතයක් අපරාදේ මේ ඔක්කොටම වග කියන්න ඕන ගොබ්බසෙන ගොටු අබයා මේ තෙල් පෝලිම් වල මියයන හැම ජීවිතයක හැම ආත්මයකම සාපය තා කරා පැමිණ තාගේ මුළු සංසාර ගමනම සුන්නත් දූවිලි කරනු ඒකාන්තය !!!!එසේම වේවා
පෝලිම් තියෙන්නෙ පැමිණි පිළිවෙළට .එහෙම තියෙද්දි යාලුකමට හිතවත් කමට කකටයුතු කරන්නේනේ නම් බලවත් අසාධාරණයක් වෙනවා මොකද කෙනෙක් දවස් ගණනක් පෝලිමේ ඉන්නවා කෙනෙක් ඇවිත් ක්ෂනිකව තමන්ගෙ වැඩේ කරගන්නවා හරිම අසාධාරණ වැඩක් කරල තියෙන්නෙ .මෙහෙම වුනාම ඕන කෙනෙකුට කේන්තියාම ඇතිවෙනවා .