‘ ලෝක වෙළඳපොළේ ඛනිජතෙල් මිල පහළ බැස ඇති අවස්ථාවක, ක්ෂණික විසඳුමක් ලෙස ඉන්ධන වලින් රජය අය කරන රුපියල් කෝටි 400 කට අධික බදු ඉවත්කර එම සහනය ජනතාවට ලබාදෙන බවට ජනාධිපතිවරණයට පෙර අපි පොරොන්දුවක් දී තිබුණා. අපි දැන් රුපියල් කෝටි 6500 ක සහනයක් මෙම ඉන්ධන මිල අඩුකිරීමත් සමඟ මහජනතාවට දුන්නා.‘ යි විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා කීවේය.
මේ අනුව ආසන්න වශයෙන් ඛනිජ තෙල් සංස්ථාවට සහ මුදල් අමාත්‍යාංශයට ලැබිමට නියමිත රුපියල් කෝටි 6500ක් අහිමි වෙනවා. අපි බලාපෙරොත්තු වෙනවා මෙම සහනයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයට වගේම බඩු මිලටත් සහනයක් උදා වෙයි කියලා.
මගේ මව්බිම, මම මගේ දරුවන්ට ආදරෙයි කියකියා හිටිය රාජපක්ෂ ආණ්ඩුවෙන් ගෙනගියේ මොනතරම් කෘර පාලනයක්ද කියලා දැන් තේරෙනවා. මේ ඔක්කෝම මුදල් ගියේ භයංකාර දූෂණයන්ට. දූෂිත ව්‍යාපාති වලට. මීට පෙර ආණ්ඩු බදු අය කලා. නමුත් ඒ පොහොසත් සමාගම් වලින්, එහෙමත් නැත්නම් සිගරට් අරක්කු වගේ අහිතකරයැයි හැඅඟෙන දේවල් වලින්. නමුත් රාජපක්ෂ ආණ්ඩුව බදු අය කළේ අත්‍යාවශ්‍යය ආහාර ද්‍රව්‍ය වලින්. ඒකයි රාජපක්ෂ ආණ්ඩුවේ සුවිශේෂිත්වය.
අපි ඉදිරියේදී ඉන්ධන වලට විනිවිද මිල සූත්‍රයක් සකසනවා. ඒ වගේම ලබන ජූලි මස සිට විදුලිය සඳහාද නව මිල ක්‍රමයක් සකසනවා. මෙහිදී දුගී ජනතාව ගැන විශේෂ සහනයක් සැලසෙන ආකාරයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.
පසුගිය කාලයේ ඉන්ධනහල් හිමියන් ඉන්ධන මිලදී නොගෙන ඉඳලා, දැන් ඉන්ධන හිඟයක් මවාපානවා. ඒ වගේම අද සමහර ඉන්ධනහල් වලින් ඉන්ධන නොදෙන බවට වාර්තා වෙනවා. ජනාධිපතිතුමන්, අගමැතිතුමන්, මුදල් අමාත්‍යතුමන් ඇතුළු නව රජය මගින් ලබාදුන් මෙම සහනය, ජනතාවට ලබාදෙන ලෙස මම ඉන්ධනහල් හිමියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.‘
අද ඇමෙරිකාවේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 47 (රුපියල් 6201.17) ක්ද බ්‍රෙන්ට් තෙල් බැරලයක මිල ඩොලර් 49 (6465.05) ක් ද විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"පාරා" ගේ ගෙදර නම් අනිවාර්යෙන්ම අසවල් රජතුමාගේ මුන තියෙන ඔරලෝසුවක් තියෙනවා. "පාරා" සිල් ගන්න යන්නෙත් ඒ ජාතියේ සිල් රෙද්දක් පොරවගෙනමයි. අනුවන මිනිසුනේ සර්ව සම්පුර්ණ අය නැහැ . ඒත් සාධාරණය වෙනුවෙන් පෙනි සිටින මින්සුන්ගේ අසිරු ව්‍යායාමය අගය කරන්න. අපේ රටත් නිතිගරුක, යුක්තිය රජ කරන, වංචාව නැති රටක් කරන්න අත දෙන්න වචනයකින් හරි. (අ)
යා යුතු මඟ දුරයි, මේ ඇරඹුමයි..... යහපාලනයට යන ගමන්මඟ තවත් ආලෝකවත් වේවා! (නි)
රාජපක්ෂලා හොරා කාපුවා අද ඔබලා මිනිස්සුන්ට දුන්නා. මේක ඉතිහාසයේ වැඩිම සහනය (නදී)
සේකර, ඔබතුමා තාමත් කඩේ යන නඩයට නියම පිළිතුර දීලා තියෙනවා. (ර)
රවීන් ඔබට ආර්ථික දැනුම අඩුයි. පෙට්ටි කඩේ ආප්ප මිළ අඩුකරනවා වගේ රටක බඩු මිළ අඩුකරන්න බැහැ (නදී)
චන්ද්‍රලතා නඟා, යුරෝපයේ ඉදන් කියන විහිලු කතා ඇත්තටම. (ර)
බඩු මිල අඩුකරපු එක ගැන සමහර කුහකයෝ කැමති නැති බව පේනවා (නදී)
කලින් අැඬුචා අඩුකළේ නැහැ කියලා. දැන් කට්ටියට දුකයි චගෙයි (නි)
පාඨලී මැතිතුමාට ජය වේවා! (ර)
අපි හැමදාම පාවිච්චි කරන ත්‍රීරෝද අයකරන ගණනුත් අඩුකරන්න කියන්න. (නි)
රවින් ඔබ මේ ලියපු දේ සහතික ඇත්ත. ඔයාල වගේ දැනුම තිබෙන ඇය තමයි මන්ත්‍රීලා වෙන්න ඕනේ. මේ දේ ඇමති පාඨලී චම්පිකටත් පුලුවන්නම් දැනුවත් කරන්න. ඔබට සුබ දවසක්. (නදී)
බස් ගාස්තු නම් අඩුකරන්න අමරුයි. ගැමුණුගේ බුදලේ. (නදී)
හාල් මිල අදත් එහෙමමයි. ඕවා කියන තරම් කෙරෙයිද? අනේ නලවන්න නම් එපා චම්පි, දැන් නැළවිල ඇතිවෙලා මැලවිලා . පනත් නැහැ ඔයාලගේ සුන්දර වදන් අහලා. (නදී)
තෙල් මිල අඩු කලාට ස්තුතියි. නමුත් පසුගිය නොවැම්බර් මාසයේදී ලෝක වෙලඳ පොලේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩොලර් 80 පමණ විය. එය රු 10,888/=.(ඩොලරය රු134) බැරලයකින් තෙල් ලීටර 130 පමණ ලබා ගතහොත් රු 83.75 පමණවේ. (බදු අනෙකුත් වියදම් ලාබය නොසලකා හැර) මේ වන විට එය මිල ඇ.ඩොලර් 50 කටත් වැඩිය අඩු මට්ටමක පවතී. එසේනම්, නව මිල රු 51.55 (50x134 /130) වෙනස රු32.20. බදු සහනය ලබා දුන්නේ නම් පෙට්‍රල් ලීටරයකින් රු 60 ක් වත් අඩුවිය යුතු නොවේද? දේශපාලුවන් සැමදා ජනතාව රවටනවා නොවේද? (නදී)
බලයෙන් මත්වුණ දේශපාලන මඩ ගොහොරුවයක සිට දුක්විඳි සමහරුන්ට අද ඒවා දවස් ගණනින් අමතකවෙලා මැරිලා ඉපදිලා වගේ කතාකරන්නේ. ගෙදරක පාලනයවත් දවසින් දෙකෙන් වෙනස් කරන්න බැහැ වගේ රටක ඔද්දල් වූ පාලනයක් දින ගණනින් සම්පූර්ණයෙන් වෙනස් කරන්න බැහැ. මේ සිදුවේගෙන යන දේ හොඳ නැද්ද? පෙට්‍රල් මිල අඩුවුණ එක කොච්චර හොඳද? දුප්පත් මිනිහට කොච්චර සහනයක්ද? (නි)
මෝටර් බයිසිකල් වල මිළත් අඩු වේවිද ? (නදී)
පාරා, ඇයි මහින්ද නලවපු ඒවා මතක නැද්ද ඔයාලට ? (නදී)
ඩොලර් එක වැඩි වුණොත් වැඩි වෙනවා ඉතින් (දිල්)
පක්ෂපාතීත්වය අතහැර මේ රට ගැන හිතන්නට කාලයයි (නි)
පාරාට පන නැතිව ගියේ යහපාලනය ආවට පස්සේ වෙන්න ඇති. කලින් පාලනේදී බඩු මිල අඩු කරලා අඩුකරලා අන්තිමට ගෑස් කුකර්, රයිස් කුකර් සිල් රෙදි ටකරන් කොමඩ් වගේ දේවල් නොමිලේ දෙන කොට පාරලා හොදට කාලා බිලා ඉන්න ඇති මගේ හිතේ. (නදී)
තෙල් මිල අඩු කලාට මම බොහොම කැමතියි. ඒක මුලින්ම කියන්න ඕනා. තිබුන ආණ්ඩුව මුදල් ඔක්කොම ගසා කැවා කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් මේ බදු මුදල් වලින් තමයි පාරවල් හදනවා වගේ සංවර්දන වැඩ සිද්ද වුනේ. ගිය ආණ්ඩුවෙන් කොයි තරම් පාරවල් හැදුවද කියල අපක්ෂපාතීව හිතල බලන්න. තෙල් මිල අඩු උනාම පාරිභෝජනය අනිවාර්යයෙන්ම වැඩිවෙනවා. එතකොට අපේ සල්ලි වැඩිපුර පිටරටට ගලා යනවා. මේ නිසා රුපියලේ වටිනාකමට බලපෑමක් වෙන්න පුළුවන්. රුපියලේ අගය අඩු වුනොත් ආයිත් තෙල්මිල ඉහළ යන්න පුළුවන්. (නදී)
රවීන්, පසුගිය රජය ගසා කෑව ඒවා එමට ඇත. ලද දෙයින් සතුනු වනු මැන. (නදී)
අනේ රවින්, තෙල් මිල අඩු උන අනුපාතයෙන්ම ලංකාවේ මිල අඩු කරන්න බැහැ. මොකද ස්ථාවර පිරිවැය කියලත් එකක් තියෙනවා. (නදී)
කොහොම හරි ජනතාවට මේ ආන්ඩුවෙන් සහනයක් ලැබුනනේ. ඒක හරි අගයන්න. (නදී)
"තෙල් අඩු කිරීමෙන් බඩු මිලත් අඩු වේවි" පිස්සුද? කොච්චර කාලයකටද ? හිනෙන්ද ? (නදී)
අපේ මිනිස්සුන්ට කොච්චර කළත් හොඳක් අහන්න බැහැ. මහින්ද ආණ්ඩවෙන් අඩු කළේ රුපියල් 5 ක් 6 ක් වගේ සොච්චමක්. ඒත් තවම මේ මිනිස්සු හොඳක් කියන්නේ නැහැ (නදී)
පක්ෂ පාට නැතිව හිතන්න පුරුදුවෙන්න. හොඳ දේ අගයන්න. වැරදි දේ පෙන්නන්න. එතකොට මේ රට තවත් ලස්සන වේවි (නදී)
අලුත ගෙදරකට එන ලේලි ඔහොම තමයි.ශ්‍රියා කාන්තාව වගේ තමයි පෙනෙන්නේ. ටික දවසක ගියාට පස්සේ තමයි ලේලිගේ රඟේ තේරෙන්නේ.එතකොට ප්‍රමාද වැඩියි. (නි)
මම නම් හිතුවේ ඒ දේශපාලනය අවනස්වුණාට පස්සෙවත් මේ අවාසනාවන්ත රට ටිකක් ඔළුව උස්සයි කියලා. ඒත් අවාසනාවක මහත! හොඳ දේ අගයන්න බැරි මන්දබුද්ධික, නූගත්, කුහක හොරුන්ට තාමත් කඩේ යන අය ආරක්ෂා කරන අඳබාලයන් සිටින ලංකාව කවදාවත් හැදෙන්නෙ නැති පාටයි. (නි)
සුරේෂ්, තමන්ට ගෙදර ගිහින් එන්න පාරවල් හැදුවේ, ප්ලේන් එන්නැති එයාර් පෝට් හැදුවේ, නැව් එන්නැති හාබර් හැදුවේ චීනෙට මුළු අනාගත පරම්පාරවම ගිණි පොලියට උගස් කරල ගත්ත සල්ලි වලින්. අපි දහදුක් විඳලා හොයපු සල්ලි සේරම ගියේ හොරුන්ගේ පිටරට සහ ලංකාවේ බැංකු වලට. මේ රටට අවශ්‍ය නැති කාර් රේස්, පුහු සෝබන වැඩ වලට. අපේ බදු වලින් කොරපු සංවර්ධනයක් නෑ (නදී)
දිනාල්ගේ කතාව සහතික ඇත්ත (නි)
හොදයි කියන්න මේ අයගේ දිව නොනැමුනට, මේක ජනතාවට දැනෙන සහනයක්. (නදී)
රවින්, චන්ද්‍රලතා, ඔය මිල හදල තියෙන්නේ තෙල් බැරල් එකට විතරක් නෙමේ. පෙට්‍රෝලියම් එකට නය ගෙවල නැති ඒවත් එක්ක. ඒවා එන්නේ මේ අද ඊයේ ඉඳල නෙවේ ඔය හැම පාලකයම ඉන්න කාලේ ඉඳලා. හොඳම දේ හම්බ වෙන සහනයට ස්තුති කරලා ප්‍රජාතන්ත්‍රවාදයට සහයෝගයෙන් වැඩ කරන එක. (නදී)
රවින් ඔබ හරියටම හරි (නදී)
අලුත ගෙදරකට එන ලේලි ඔහොම තමයි..ශ්‍රියා කාන්තාව වගේ තමයි පෙන්නේ. මාමන්ඩිගේ නැන්දම්මාගේ කැත කුණුත් අත ගාන සයිස් එකෙන් ඉන්නේ..ටික දවසක ගියාට පස්සේ තමයි ලේලිගේ රගේ තේරෙන්නේ..එතකොට පරක්කු වැඩ්යි..නන්දම්මටයි මමන්ඩිටයි ඊට පස්සේ උරුම අගු පිල තමයි..(නදී)
ඔය තෙල් මිල අඩුකරන්න කියන අය පළමුව හෙජින් ගනුදෙනුව ගැන කියවා බලන්න. එතකොට තේරෙනවා ලෝක වෙළදපොළේ මිල අඩුවන තරමටම අපේ රටේ තෙල් මිල අඩුකරන්න බැරි බව.මම නම් කියන්නේ අපි දුක්විඳින දේවල් වලට මුල පහුගිය ආණ්ඩුව ගහපු හෙජින් ගිවිසුම කියලයි. (නි)
ඔව තුසිත, ඔයා හරි. කලින් තිබුනු දූෂිත ආන්ඩුවට තවමත් කඩේ යන්න පුළුවන්ද හිතට එකඟව? මිල අඩු කළාම අනේ ඇත්තටම අඩුකලානේ ඒක හොදයි කියන්න කට්ට්ය නැහැ. කොච්චර කාලෙකටද අහනවා. අනේ මන්ද මෙහෙමත් මිනිස්සු. මේ අය කැමති පාලකයෝ සුරසැප විදිනවා බලන් ඉන්න විතරද? ඒකද මේ තරම් පෙනි පෙනිත් කෝටි ගනන් මාටියා ගහපු අයට තවත් ආවඩන්නේ? (නදී)
බඩු මිල අඩුවෙනවා නම් එච්චරයි! (නි)
රවින්, අනිකුත් වියදම් ඒ විදියටම ගියොත් කලින් 82ක් වුනු (80 *134 /130) පෙට්රල් ලීටර් එකක් දැන් කොහොමත් වෙන්නේ (50*134/130) 51 යි. ලෝක වෙලදපොලේ අඩුවීම තමයි ලැබිල තියෙන්නේ. 82-51 =31යි . මෙතනින් මට පේන්නේ ඒ බදු ඒ විදියටම රජය ගෙනියන බවයි. කොහොම හරි පෙට්රෝල් අඩු කලානේ. ඔහොම යමු (නදී)