
(අංජුල මහික වීරරත්න)
තරුණ සංවර්ධනය පිළිබඳ මෙරට පළමු පර්යේෂණ සමුළුව සැප්තැම්බර් මාසයේ දී පවත්වන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවසීය.
ඒ අනුව ඊට අදාල පර්යේෂණ අභිලාෂ කැඳවීම අද(16) ආරම්භ වන බවත්, මැයි 4 වැනිදා තෙක් ඊට අදාල අභිලාෂ පත්‍රිකා යොමු කළ හැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ තරුණ සංවර්ධනය පිළිබඳ පර්යේෂණ සමුළුව පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවේදීය.
තරුණ සංවර්ධනය පිළිබඳව මෙම සමුළුව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය එක්ව සිදු කිරීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.
මූලික පර්යේෂණ කටයුතු සඳහා තරුණ පර්යේෂකකුට රුපියල් 25000ක් ලබාදෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd