(සුමිත් පොතුපිටිය)

පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැමීමට පැමිණ පොලිසියේ ලාච්චුවක තිබූ කාන්තා කොස්තාපල්වරියකට අයත් මුදල් පසුම්බිය සොරාගෙන ගිය අඹුසැම් යුවළක් අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව කුරේ මාවතේ පදිංචි අඹුසැමි යුවළක් බව පොලිසිය කීය.

අඹුසැම් යුවළ පැමිණිල්ලක් සටහන් කිරීම සදහා වාද්දුව පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණ සිට ඇති අතර, ඊට යාබදව පිහිටි ළමා හා කාන්තා කාර්යාංශයේ මේස ලාච්චුවක තිබූ කාන්තා කොස්තාපල් දුලීකා යන නිලධාරිනියට අයත් මුදල් පසුම්බිය සොරාගෙන ගොස් ඇති බව පොලිසිය කීය.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.