පස් හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් දින 4 ක් පුරා දුෂණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට දිල්ලි පොලිසිය සමත්ව ඇත.
මේ පුද්ගලයාගේ නිවස ළගින් ගිය කිහිප දෙනෙකුට කුඩා දරුවකුගේ කෑගැසීමක් ඇසී විමසා බැලීමේදී දැරිය සොයාගැනීමට හැකිව තිබේ.ඔවුහු වහාම දැරිය රෝහල කරා ගෙන ගියහ.
දිල්ලිහි ස්වාමි දයානාන්ද් රෝහලේ වෛද්‍යවරුන් පවසන පරිදි දැරිය සිටින්නේ ඉතා අවදානම් තත්ත්වයකය.ඇය ජීවත් වනු ඇත්ද යන්න ගැන නිගමනයකට පැමිණිය හැක්කේ තවත් ප්‍රතිකාර කිරීමෙන් පසුව බව ඔවුහු කියති.දැරියගේ ජනනේන්ද්‍රිය ප්‍රදේශයෙන් බෝතලයක්,ඉටිපන්දම් කිහිපයක්
ශරීරයට ඇතුල් කර තිබී ඇති අතර ඒවා පිටතට ගැනීමට වෛද්‍යවරුන් වෙහෙසෙති.වෛද්‍ය කණ්ඩායම සදහන් කරන ආකාරයට දැරිය අධික වේදනාවෙන් සිටීම නිසා ඇයට ප්‍රතිකාර ලබා දීමද ගැටලූවක් වූ බව පවසයි.‘‘ඇය සිටියේ හොද සිහියෙන් නොවේ‘‘වෛද්‍ය ආර්.කේ බෙන්සාල් කියයි.
දැරියගේ සිරුර පුරා තැලූම් හා තුවාල ඇත.පැහැරගත් දිනයේ පටන් ඇය පහරකෑම් වලටද ලක්ව ඇති බව පෙනෙන්ට ඇතැයි වෛද්‍යවරුන් පවසයි.
පසුගිය සතිය පුරාම දිල්ලි නගරයෙන් කුඩා දැරියන් දුෂණය කිරීමේ සිද්ධී වාර්තා විය.දිල්ලි වැසියන් අතර මේ වන විට ඇත්තේ නොසන්සුන්තාවයකි.රජය දරුවන්ගේ හා කාන්තාවන්ගේ ආරක්ෂාව තකා පියවර ගත යුතුයැයි ඔවුන්ගේ අදහසයි.පොලිස් නිළධාරීන්ගේ අකාර්යක්ෂමතාව හමුවේ ජනතාව නීතිය තමන් අතට ගැනීමේ දිනය වැඩි ඈතක නොවන බව පෙනෙන්නට තිබේ.
දැරියගේ දෙමව්පියන් දැරිය අතුරුදන් වූ දිනයේම පොලිසියට පැමිණිලි කළ බව කියයි.වෙනත් පිරිසක් විසින් තම දරුවා සොයාගෙන පැමිණිලි කරන තෙක් ඔවුන් නිකම් සිටි බවට දෙමව්පියන් චෝදනා කරයි.දැරිය සොයාගත් තැන පොලිස් නිළධාරියෙක් සිය නිවසට පැමිණ රුපියල් 2000 කොළයක් දිගු කර මේ සිද්ධිය අමතක කර දමන ලෙසත්,දුෂණයක් ලෙස නොසළකන ලෙසත් පැවසූ බව දැරියගේ පියා පවසයි.
මේ චෝදනා දිල්ලි පොලිසිය බැහැර කරයි.ඔත්තුවක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවත් ප්‍රශ්න කිරීමේ කටයුතු සිදුකරගෙන යන බවත් පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ! හෙනම වැදියන් මේ මිනිහට. (නි)
බුදුන් ඉපදිච්ච රට. දැන් ඉන්දියාවත් ලංකාව වගේ වෙලා. දරුවෙකුටවත් පාරේ යන්න බැහැ. (නි)
මට මෙයාව හම්බවුනොත් මගේ ආගම පොඩ්ඩකට අමතක කරනවා.(නදී)
සෙන්තිල්, ඔයාට හොඳට සිංහල පුළුවන් නේ? (නි)
සෙන්තිල් කියන කෙනාට ජයලලිතලා ගැන කැක්කුමක් තියෙන බව අපි දන්නවා (නි)
සෙන්තිල්, අපි දන්නවා ලලිතා තමිල්නාඩු කියලා. එතකොට එයා ලංකාවේ ඒවාට කෑගහන්නේ ඇයි?(නදී)
මූව තියන්න වටිනවද? (නි)
මේ දේවල් අහන්නට සිදුවීම පවා මිනිසත්කමට ලැජ්ජාවක්. ප්‍රසිද්ධියේ දඩුවම් කළයුතුයි. එවිටවත් අමන තිරුසනුන්ගෙන් දරුවන්ට කරදරයක් නැතුව ඉන්න පුළුවන් වේවි (නි)
ඇයි මේ තිරිසන්නු රකින්න පොලිසිය උත්සාහ කරන්නේ? (නි)
ඒ වුණාට මහා ලොකුවට ආසියාවේ සුපිරි බලවතාලු. (නි)
දැන් දැන් ඉන්දියාවේ ඉන්නේ වනචර මිනුස්සු. මෙයාලම නේද අපිට උපදෙස් දෙන්න එන්නේ ? (නි)
ජයලලිතලා මේවට කෑගහන්නෙ නැද්ද? (නි)
තමන්ගේ රටේ කුඩා දරුවන්ගේ සහ කාන්තාවන්ගේ මානව හිමිකම් නොව දුෂණයකට ලක්නොවී පාරේ බැහැලා යාමේ අයිතියවත් රැකදෙන්න බැරි ඉන්දියාව අපේ රටේ මානව හිමිකම් රැකදෙන්න කියලා අමෙරිකාවත් එක්ක එකතුවෙලා අපට විරුද්ධව යෝජනා සම්මත කරනවා. හරිම අපුරුයි ආසියාවේ බලවතාගේ වැඩ! (නි)
සැකකරුව අපට බාරදෙන්න. (නි)
අතීතය පිරික්සීමේදී පෙනෙන්නේ ඉන්දියානු සමාජය වෙනස් වී නොමැති බවයි. එසේ වුවද ඔව්හු නිතරම උත්සාහ කරන්නේ අපව නිවැරදි කිරීමටයි (නි)
තියන්න වටින්නෙ නැහැනේ කරපු දේට. (නි)
මහා එපා කරපු රටක්... හැබැයි මහා ලොකුකමක් නම් තියෙනවා!!! (නි)
මේ මිනිහට බනින්න මට වචන නැහැ. මේ වගේ අයට හරි අරාබි නීති තමා. (නි)
අනිත් රටවලට චෝදනා නොකර තමන්ගේ රට ගැන බැලුවොත් හොදයි කියලා දැන අරයට තේරිලා ඇති. (නි)
දැන් දැන් වෙන දේවල් දෙස බලපුවහම අපේ රටත් මීට දෙවැනි නැහැ නේද? (නි)
කවුද කියන්නෙ ඉන්දියාව ආසියාවෙ බලවතා කියලා? ඉන්දියාව ආසියාවෙ බවලතා. අනික ලංකාවෙ සාමාන්‍ය මිනිස්‍සු ඉන්දියාවට කැමැත්‍තක් නැහැ. දේශපාලුවො තමා ඉන්දියාවට පන්දම් අල්ලන්නෙ ලැජ්ජා නැතුව. (නි)
ලංකාවෙ දෙමළ ජනතාව ගැන බොහොම කැක්කුමක් තියෙන අය මේවා ගැන හොයලා බලන්නෙ නැද්ද?(නු)
ඔන්න එළකිරි ඉන්දියාව ...මුන් අපේ මානව කැඩිලා හිමිකම් කැඩිලා කිව්වා නේද කෝ අහිංසක කෙල්ලෙක්ට පාරේ යන්න බෑනේ...(ස)
ලංකාවේ කුඩා දරුවන් සහ කාන්තාවන්ට දුෂණයකට ලක්නොවී පාරේ බැහැලා යාමේ අයිතිය රැකලද? නිදා ඉන්න දරුවන් සහ කාන්තාවන් දුෂණය කරන රට ලංකාව. ඉන්දියාව ලංකාව දෙකම එකයි. දුෂකයෝ එලිපිට කරදරයක් නැතුව ඉන්න පුළුවන් රටවල් (නි)
මෙතන කට්ටිය අදහස් දාන්නේ ලංකාවේ මෙහෙම දේවල් වෙන්නේ නැහැ වගේනේ. එකම වෙනස එයාලා පාරට බැහැලා.... අපි තාමත් ඔහේ ඉන්නවා. (නි)
තමන්ගේ රටේ වෙන දේවල් නවතා ගන්න බැරිව එනවා මෙතන අපට ලොකුකම් පෙන්නන්න. මොනවා වුවත් අප ඒ දැරිවිට ඉක්මනින් සුවය පතනවා. (නි)
සැකකරුට නිසි දඩුවම් ලබා දෙන්න.. දැරිය ඉක්මන් සුවය ලැබේවා..!(නු)
ඇයි අනේ මෙහෙ ගැබිනියොත් දුෂණය කරන්නේ... ? කවුද ඕවට මෙහෙ පාරට බහින්නේ..? කට්ටිය අද මේවා ඇහුවා වගේනේ කතාව. (නි)
ඉන්දියාවේ රුපියල් 2000 කොළ නොමැත. සැකකරුවා අත් අඩංගුවට ගැනුනේ ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක වන ප්‍ර දේශය හදුනා ගැනීමෙනි..දැරියගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව ඇයට දැනට ප්‍රතිකාර කෙරෙමින් පවතින රෝහල් ප්‍රකාශකයා පැවසීය. ඇයව ශල්යකර්මයකට භාජනය කොට මේ වන විටත් ඇතුලු කොට තිබූ තෙල් බෝතලය සහ ඉටි පන්දම් දෙක ඉවත් කොට ඇත.(නු)
ලංකාව ගැන මහත් සේ වද උන අයට මේවා පේන්නේ නැද්ද?(නු)
සිසිර,ජයලලිතා මේවට කැගහන්න ඕනෑ ඇයි? එයාගේ පාලන ප්‍රදේශය තමිල්නාඩුව. (නි)
ඉන්දියාවේ 2000 කොළ තියෙනවද? (නි)
අනේ මෙහෙමත් මිනිස්සු..!(නු)
ඉන්දියාව අවට රටවල් වලත් ඔය වගේ සිද්ධි නිතරම වෙනවා. (නි)
ඉන්දියාවේ මිනිස්සු දැන් පාරට බැහැලා. අපේ කට්ටිය නිදි... (නි)
ඇයි අපේ රටේ සිද්ධ වෙන්නේ නැද්ද මේ වගේ දේවල්? (නි)
ඔය වගේ අය මට බාර දෙන්න. මම දන්නවා කරන්න ඕනෑ දේ. ප්‍රසිද්ධියේ කියන්න අපහසුයි කරන දේවල් නම්. (නි)
තිරිසනුන්ට ජාති බේද, ආගම් බේද, රටවල් බේද මුකුත් නැහැ (නි)
අපිට ඕනෑ ෂරීයා නීතීය. එතකොට තමයි මේ වගේ දේවල් අඩු කරන්න පුළුවන්. (නි)
මේ මනුස්සයව අර වියට්නාම් කාන්තාවට බාර දෙන්න. (නි)
ලංකාපුත්‍රලා වගේ පුත්‍රයෝ මෙතනත් බලන්නේ අපි උතුම් කියලා පුරාජේරු කියන්න. දෙයියනේ පොලිසියේ වාර්තා කියවලා බලන්න අපේ පාසල් වැන් රියදුරන්ගේ,ඇතැම් ගුරුවරුන්ගේ,ඇතැම් නෑදෑයින්ගේ හපන්කම්. නීතියක් නම් ඉෂ්ටවෙලා නැහැ. (නි)
ආසියාවේ බලවතා චීනේ. කවුරුත් ඉන්දියාවට විරුද්ධ නම් පුරාජේරු කියවන්නේ නැතුව ඉන්දියන් බඩු වර්ජනය කරන්න. ලංකාවේ මුස්ලිම් කඩවල් නෙමෙයි. ඉන්දියාවෙන් තමයි අපට කෑම,ඇදුම්,වාහන,සියල්ල දෙන්නේ. අපි ඡන්දේ නොදෙන එක විතරයි වෙනස. (නි)
ඉතින් ඔහොම කරන මිනිස්සුන්ගේ අවයවයක් කපන එක හොඳද ?නැද්ද? (නි)
දේශපාලකයා තම පුටුව රැකගැනීමට යාමේදී නීතිය වල් වදින එක නවත්වන්න බැහැ. මෙවැනි අපරාධ වෙනුවෙන් දැඩි නීති නොගෙනෙන්නේ ඒ නිසයි. ඒවගේම තමයි අපේ රටෙත් ස්ත්‍රී දුෂකයින්ව රට පාලනය කරන්න යැව්වේ කතිරේ ගහපු ජනතාවම තමයි. (නි)
මිනිස්සු සුනඛයින්ටත් අන්තනේ... (නි)
වනචාරයෝ දැන් හැමතැනම ?? (නි)
මට මූව බාර දුන්නා නම්, තෙල් බෝතලයයි, ඉටි පන්දම් ටිකයි එක්ක, මම දන්නවා කරන්න ඕනෑ දේ. කියන්න අපහසුයි. (නි)
මෙයාව වහාම ලලිතක්කට බාර දෙන්න.(නදී)
කව්ද මේ සෙන්තිල්? කැලේ මාරු වුණාට තාම පිටේ පුල්ලි නේද? (නි)
ලංකාවේ ඉපදුණත් ඉන්දියාවට ආවඩන අයත් ඉන්නවා මෙතන. (නි)
කොහේ වුවත් මෙවන් වැඩ සුනඛයින්ට බාරයි. ශිෂ්ට සම්පන්න බහු ජනයා ඒවා පිළිකුල් කරනවා. මේ කෙනාට ප්‍රසිද්ධියේ අරාබි දඬුවම් දෙන්න ඕනෑ. (නි)
කෙතරම් දියුණු වුවත් ලොව බලවතා... මේ වැනි විපත් සිදු කරයි නම් පලක් නැතා... තිරිසන් උන්ගේ කුමටද තව කරුණු ගොතා... නඩු හබ වැඩක් නැහැ එල්ලිය යුතුය සතා... (නි)
මෙයාට නම් ෂරියා නීතියත් හොඳ වැඩියි. කුඩා දියණියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (නි)
ඔය එකක්, ලංකාවේ ඕනෑ තරම් සිදු වෙනවනේ. ජිවිත කාලයටම බරපතල වැඩ සහිතව හිර කරන්න ඕනෑ. මාස 2-3 නෙන් ඇවිත් ආපහු එකම කරනවා.පව් අසරණ දරුවෝ... (නි)
මෙහෙමත් දේවල් සිදුවෙනවානේ..?(නු)
ඉන්දියාව ඉතාමත් නොදියුණු සහ මම අකමැතිම රටයි. චීනය ලෝකයේ ආර්ථික බලවතාය. ඔවුන් ලෝක ආර්ථිකය හසුරුවයි. ඇමෙරිකාව යුද බලවතා වේ. නමුත් ලංකාවේ ආර්ථික,සමාජීය සහ සංස්කෘතික දියුණුවක් ලැබීමට නම් තිබෙන දේශපාලන ක්‍රමය තුරන් විය යුතුය. මෙය නිවැරදි කල හැකි වරදකි එතකන් බලා සිටිමි. (නි)