(නිමන්ති රණසිංහ)
ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ විදුහල්පතිවරයාව සිටියදී 2012 වර්ෂයේ පළමු ශ්‍රේණීයට සුදුසුකම් සැපිරූ දරුවකු එම විද්‍යාලයට ඇතුළත් කර නොගෙන අල්ලස් පනතේ ‘දූෂණය’ නම් වරද කළැයි අල්ලස් චෝදනා ලැබූ තර්ස්ටන් විද්‍යාලීය විදුහල්පතිවරයා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (28) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව අද චෝදනා කියවා දෙනු ලැබීමෙන් පසු තමන් නිවැරදිකරු බවට චුදිත විසින් සදහන් කරනු ලැබූ අතර චුදිත වෙනුවෙන් ජනාධිපති නිතීඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. ඒ අනුව නඩුවේ පළමු සහ දෙවැනි සාක්ෂිකරුවන් වෙත සිතාසි නිකුත් කළ අධිකරණය ලබන පෙබරවාරි මස 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට ඔවුන්ට නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව චූදිතට එරෙහිව චෝදනා දෙකක් යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේදී නඩු පවරනු ලැබුවේ ඉකුත් සැප්තැම්බර් මස 19 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයා ඇතුලත් නොකර ගැනීමට සාධාරන හේතු දෙන්න. මොකද මෙතන අල්ලස් ගත්ත බවක් කියවෙන්නේ නැහැනේ. ඒ නිසානේ නිවැරදිකරු කියා ප්‍රකාශ කරතිබෙන්නේ. පන්තියේ ඉඩ නැතිබව කියන්න.
අල්ලස් ගත්බවක් නොපෙනුනත්, අල්ලසක් ඉල්ලුමත් දඬුවම් ලැබිය හැකි බරපතල වරදකි. චුදිත, අල්ලස් දීමට අපොහොසත් අයගේ ළමයින් ඇතුලත් කර නොගැනීමත් දූෂණය නම් වරද කිරීමකි.
පන්තියේ ඉඩ නැති වෙලා ඇත්තේ නුසුදුසු ළමයින්ගෙන් පන්තිය පුරවා දැමීම නිසා වෙන්ට ඇති. සුදුසුකම් ඇති ළමයින්ට ඒ හේතුව නිසාවෙන් පන්තියේ ඉඩ ලැබෙන්නේ නැහැ. එහෙම වුනාම චෝදනා දෙකක් වෙනවා...
ළමයි බඳවා ගැනීමට විදුහල්පතිවරුන්ට ඇති බලය ඉවත් කරන්න.