තම නිල ඇඳුමේ ඒප්‍රනයට සමාන ඒප්‍රනයක් සුළු සේවක නිල ඇඳුමේත් ඇතැයි කියමින් රජයේ හෙද නිලධරයන්ගේ සංගමයේ හා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ත්‍රිකුණාමල රෝහලේ හෙද හෙදියෝ 60 දෙනෙක් පමණ වැඩවර්ජනයක් ඇරඹූහ. අත්‍යවශය සේවා හැර අන් සියලු සේවාවලින් බැහැරවී සිටින ඔවුහු විසැඳුමක් දෙන තුරු වර්ජනය කරන බව කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවට ප්‍රශ්න ඇතිකරන්න එපා (නි)
ප්‍රේමදාස මහත්තයාගේ වටිනාකම දැනෙන්නේ මෙන්න මේ වගේ වෙලාවට තමයි. (නි)
මේ අය ලැබෙන ඇඳුමෙ පාටයි, සැම්පලයයි බලනවා. ඔක්කොම එළවලා අලුත් අය ගන්නයි තියෙන්නේ (අ)
ඇදුම නොවෙයි, තමන් කරන වැඩයි වැදගත් වෙන්නේ. (නි)
මේ වගේ හැම දේකටම උද්ඝෝෂණ කරන්න ගත්තහම 'උද්ඝෝෂණ' කියන වචනෙත් වටිනාකමක් නැති වෙනවා. (නි)
මේ වැඩේ හරියට ඇදුම් ඇදගෙන කරන වැඩක් නෙමෙයි වගේනේ. (නි)
මොළයක් නැති අය තමයි ඇදුමකටත් රණ්ඩු වෙන්නේ. (නි)
එල්ලුම් ගහ ගෙනල්ලා මෝඩයන්වද එල්ලිය යුතුයි. (නි)
මේ අයයි සුලු සේවකයනුයි එකතු වෙලා ලෙඩ්ඩුන්ට කරන අසාධාරණකම් වලට අසරණ ලෙඩ්ඩු මොනවා කරන්නද? (නි)
තනතුරු අනුව නිල ඇදුමේ වෙනසක් තිබිය යුතුයි. මෙවැනි සුලු ප්‍රශ්නයකට පවා විසදුම් දීමට බලධාරීන් අසමත්ද? (නි)
ඇදුමේ කෑල්ලකුත් අසරණ ලෙඩෙකුගේ ජීවිතයත් අතර ලොකු වෙනසක් තියෙනවා. මේවා දඩුවම්වලින් විසදන්න බෑ. මේ රටේ මිනිස්සු මෙච්චර අසංවේදී පිරිසක් උනේ නොහොමද. නයිටිංගේල් දියණියන්ගෙන් වැඩි දෙනා බුදුදහම අදහන මහාකරුණාව ගැන උදේ හවස බණ අහන අය. හෙද සේවයේ යෙදෙන මේ පිරිසට නායකත්වය සපයන බුද්ධ පුත්‍රයාගෙන් මේ වගේ දේවල්වලටත් අවසර ලැබෙනවද. පූතිගත්තතිස්ස තෙරුන්වහන්සේට අපරිමිත කරුණාවෙන් උවටැන් කළ බුදු රජාණන්වහන්සේ අද හිටියා නම්.... (ස)
මේවා හරිම විහිළු වැඩ.අපේ අය තවම දන්නේ නැ මේලෝකේ හැම රැකියාවක්ම අපේ පැවැත්ම සදහා ඕන කියල.මොකද ඔයාල බය ඔයාලගේ ඇඳුම ඇඳගෙන සුළු සේවකයෝ රෝගීන්ට බෙහෙත් කරයි කියලද.කරුණාකරලා ඔයාලගේ වගකීම ඉටු කරන්න.අපි කාටවත් අපේ තත්වය පෙන්වන්න ඕන නැ.දන්නා අය දන්නවා.මේවගේ විහිළු කරන්න එපා.අනික ඔයාල දිවුරුම් දෙනවිට මොනවද පොරොන්දු වෙන්නේ.අපි හැමෝම මේ ලෝකේ මිනිස් වර්ගයාගේ පැවැත්මට ඕන.රෝහලක් ගත්තොත් සුළු සේවකයාගේ පටන් උසස්ම නිළධාරියා දක්වා.අපි අවංකවම අපේ සේවය කරන්න හිතට ගත්තොත් මේවගේ බහුබූත හිතට එන්නේ නැ.මට කවුරුහරි හෙදියක් හෝ හෙද නිළධාරී මහත්මයෙක් පහදලා දෙනවද මොකද ඔයාලට ඇඳුම ඔයතරම්ම වැදගත් වෙන්නේ අපේ අසරණ ජනතාව අපහසුතාවයට පත්කරන්න තරම්ම.හිතන්න අපේ ඇඳුමෙන් අපේ තත්වය මනින්න බෑ, එත් ඔයාල කරන ඔයවගේ වැඩ වලින් ඔයාලව හොදාකාරවම මනින්න පුළුවන්.මම මෙහෙම ලියන්නේ ඔයාල සමග තරහින් නොවෙයි, එත් මට දුකයි ඔයාල හැමදාම කරන මේ නිෂ්පල වැඩ ගැන.හිතන්න මේ ඔයාල නිසා අසරණ වෙලා ඉන්නේ හරියට අදින්න, කන්න, නැති අපේම රටේ අපේම මිනිස්සු.අනේ හාමුදුරුවනේ කරුණාකරලා ඔබ වහන්සේට පින් අත්වෙයි බුදුහාමුදුරුවෝ දේශනා කල ධර්මයට අනුව ගිලනුන්ට උපස්ථාන කරන පිළිවෙල මේ අයට තේරුම් කරලා දෙන්න. (ස)
මොනවද මේ වැඩකට නැති ප්‍රශ්න? (නි)
නිල ඇදුමක ප්‍රශ්නයකට මේ අය වර්ජනය කරනවා. වෙන රටවල සුලු සේවකයන් අදින විදිය බලන්න ඕනෑ. (නි)
බක බක බක ගානවා වගෙයි. වැඩි වෙනසක් නැහැ. (නි)
ඊළගට යට ඇදුනුත් වෙනස් කරන්න කියල උද්ඝෝෂණය කරයිද දන්නෙ නැහැ (නි)
අපේ නර්ස් නෝනලා දන්නේ ස්ට්‍රයික් කරන්නේ විතරයි. වැඩ කරන්න දන්නේ නැහැ. රෝහලේ ලොකු දොස්තර මහත්තයගේ ඉඳලා සුළු සේවකයා දක්වා අඳින්නේ කලිසම. මෙයාලට ඒක පෙනෙන්නේ නැත්තෙ ඇස් වලට මොනවා වෙලාද? (ස)
අල්ලස් ගැනීම වැනි බරපතල විනය විරෝධී ක්‍රියාවන්වල යෙදුණු හෙදියන් ගැන අප අසා ඇත්තේම නැති තරම්. ඒ නිසා තම වෘත්තීය ගරුත්වයත්, වෘත්තීය අනන්‍යතාවයත් තබාගෙන රාජකාරි කිරීමට හෙදියන්ට අයිතියක් ඇත. වෙනත් වෘත්තීය කාණ්ඩයක් තම නිල ඇඳුමට සමාන නිල ඇඳුමක් ඇඳීමෙන් එම පිරිස අතින් සිදුවිය හැකි අකටයුතු දේවලටත් හෙදියන්ට වග කියන්නට සිදුවනු ඇත. ඒ නිසා තම නිල ඇඳුම රැක ගැනීමට සටන් කිරීමට ඔවුන්ට අයිතියක් ඇත. එහෙත් ඒ සඳහා වැඩ වර්ජනයක් කිරීම අනුමත කළ නොහැක. සිවිල් ඇඳුමෙන් රාජකාරියට වාර්තා කිරීම, වෛද්‍ය වරුන් මෙන් ඕවර් කෝට් එකක් පැළඳ පැමිණීම වැනි හානිකර නොවන විරෝධය පෑමක් සාධාරණ වන්නට තිබිණි. මේ ගැන හෙදියන්ට පමණක් ඇඟිල්ල දිගු කිරීම කොකළ යුතුය. මෙවන් ප්‍රශ්නයක් උද්ගත වූ පසු එය ඉක්මණින් විසිඳීම පාලකයන්ගේ වගකීමකි. එහෙත් ඒ සඳහා වෙලාව කොහිද? ලංකාවේ වැඩිම ප්‍රමාණයක් කැලෑ පත්තර ගසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බව සෞඛ්‍ය ඇමතිතුමා මෑතකදී පවසා තිබූ බවද සිහිපත් කරමි. නිදුක් වෙත්වා! (නි)
අපේ රජය මෙයාලට හොද වෑඩියි. (නි)
සුළු සේවකයන් බොහෝවිට පත්වන්නේ දේශපාලන හිතවත්කම් මතයි (නි)
මහ නරක මිනිස්සු. (නි)
බලන්නකෝ බෝර්ඩ් උස්සන් ඉන්න උජාරුව. මෙයාලට ගහන්න ඕන මඩු වලිගෙන්. (ස)
ඉතින් ඔය කියන ඒප්‍රන් එක ගලවන්න..අයියෝ.......අයියෝ .!!(ස)
අනේ මෙහෙමත් හෙදියන් ටිකක්..!(නු)
දැං තීරණය කරන්න ඕන මේ අය රස්සාව තියා ගන්නවාද නැත්නම රස්සා නැති අයට රස්සා දෙනවද කියලායි.. මේ අයට දෙන වැටුප් හොදටම ප්‍රමාණවත්..!!(නු)
අහවලා එළවන සටනේදී එකට ඉන්න බැරිවුණු සංගම් දෙක මේ සටනේදී හෝ එකතු වීම අසිරිමත්ය. (නි)
ත්‍රීකුණාමල හෙදියන්ට විතරද මේ ප්‍රශ්නේ....(ස)
මේකේ සභාපති කවුද දන්නේ නැහැ. (නි)
දැන් මේ රටට අවශ්‍ය වෙලා තියෙන්නේ හිට්ලර් වගේ නායකයෙක්. (නි)
අලි මදිවට හරක් (අ)
මෙතන අපි මතුපිටින් බලනවට වැඩිය ප්‍රශ්නයක් තියෙනවා. (නි)
සාරි, ඔසරි ඇන්දුවා නම් හොදයි. වැදගත්කමකුත් තියෙනවා. (නි)
මල් වඩමක් යවන්න...(ස)
අනේ මෙහෙමත් නයිටින්ගේල් දියණියෝ? (නි)
අසාධාරණ වර්ජනයක්. කිසිම සහනයක් දෙන්න එපා. (නි)
ඇත්තටම මේ අයට මොළයක් කියලා දෙයක් නැද්ද? ඉගෙන ගෙන රස්සාවක් ලැබුණහම මෙහෙමද හැසිරෙන්නේ? (නි)
මංගල, මම කලින් හිතුවේ හෙදි නිල නිවාසය ඉදිරිපිට මල් වඩමක් තියලා කියලයි. (නි)
සමහර ඇදුම් නොපෙනෙන නිසා හොදයි. නැත්නම් ඒවත් සමානයි කියලා වර්ජන කරයි. අනේ මෙහෙමත් ජාතියක්! (නි)
මේ වගේ සුළු දෙයකටත් ලෙඩුන් අමාරුවේ දමන උදවිය නම් හෙද සේවයේ යෙදෙන්නේ අපට ඉතින් කොයින්ද අනාගතයක්? සුළු සේවකයෙක් මේ අය අඳින විදියට ඇන්දම මෙහෙම නම්, වෙනත් අයිතිවාසිකමක් දුන්නොත් එහෙම මේ අය මොනවා කරාවිද? .(ස)
මෙහෙමත් රටක්........(ස)
මේ අය සේවය කරන දින ගණනට වඩා වර්ජන කරන දින ගණන වැඩියි. අත්‍යවශ්‍ය සේවයේ යෙදෙන්නන්ට අසාධාරණ වර්ජන කළහොත් නීතිමය පියවර ගන්නා ලෙසට නීති සංශෝධනය විය යුතුයි. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු ඔයවගේ ඇදුමේ ප්‍රශ්නයටත් ස්ට්‍රයික් කරනවද? දිවුරුම් දෙනකොට එක අතක පහන අනිත් අත උස්සගෙන දිවුරුම් දෙන්නේ මෙවටද? මේ වගේ අය ගෙදර යවන්නයි තියෙන්නේ...(ස)
මෙයාල අඳින අනිත් කොටසුත් සුළු සේවකයන් අඳින ඒවාට වඩා ස්පෙශල්ද දන්නෑ...අනේ මෙහෙමත් මහන්තත්ව කමක්...(ස)
මේ අය හිතාගෙන ඉන්නේ මේ රටේම ඉන්න උගතුන් ඒ අයයි කියලා. හෙදියන් සමාජය ඉදිරියේ හැසිරෙන ආකාරය ඔවුන්ට අමුතුවෙන්ම පැහැදිලි කර දිය යුතුයි වගෙයි පෙනෙන්නේ. (නි)
කලිසමක් දුන්නා නම් හරි මේ අයට. මහා අසාධාරණ වර්ජනයක්. (නි)
ඇදුම නැතුවම දෙගොල්ලොම සමානයිනේ..ඒ නිසා ඒ ගැන හිතන්න එපා...(ස)
ඊලගට සුලු සේවකයන් තව කොහේට හරි අදින ඇදුමක පාට ඒ අයටත් ඕනෑ කියලා උද්ඝෝෂණය කරයිද කියලයි මට සැක. (නි)
කෝ, මේ අපේ සුජිත් කොලුවා මේ දවස් වල පේන්න නැත්තේ මොකද? (නි)
තව මොන මොනවා එක වගෙයි කියලා වර්ජන කරයිද දන්නේ නැහැ. (නි)
මෙයාලට ඇදුම් නැතුව ඉන්න කියන්න තමයි වෙන්නේ...(ස)