ත්‍රිකුනාමල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආරියපාල වල්පිටගම මහතා කොළඹ නාරාහම්පිට පෞද්ගලික රෝහලකදී අභාවප්ප්‍රාප්ත විය.
1997 අගෝස්තුවේදී එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු පසුව රජයට එක් විය. 2000 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළ ඔහු සේරුවිල ආසනයේ සංවිධානය සංවිධායකද විය.
දේහය නුගේගොඩ ජයපාර නඩුකාර වත්තේ අංක 92/8 දරණ නිවසේ තැන්පත් කර ඇත. අවසන්කටයුතු බොරැල්ල කනත්තේදී බදාදා (24) සවස 5ට සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට නිවන් සුව ලැබේවා! (නි)
ඔබතුමාට නිවන් සුව ලැබේවා!(නදී)
ශෝකජනක පුවතක්. (නි)
ආරියපාල වල්පිටගම මහතා සිංහල,දෙමල,ඉංග්‍රීසි භාෂාවන් චතුරව කතා කරන කාගේත් හිත දිනාගැනීමේ ශක්තියක් සහජයෙන්ම තිබුන කෙනෙක්. තනතුරු නිලතල,බලතල වලින් හිස ඉදීමුවා නොගත්, කා සමගත් විහිළුවෙන්,හිනාවෙන් ඉතාමත් සැහැල්ලු ජීවිතයක් ගතකළ නිහතමානී චරිතයක්. එතුමාට නිවන් සුව අත්වේවා! (නි)