
(අංජුල මහික වීරරත්න)
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මෙවර මහ කන්නයට වී වගා කිරීමට ගොවිබිම් සූදානම් කර ඇති ගොවීන්ට වී ගොවිතැන් නොකරන ලෙස ඇතැම් ගොවි සංවිධානවලින් බලපෑම් එල්ලවීඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
රජය රසායනික පොහොර ලබා දෙනතුරු වී ගොවිතැන නොකළ යුතු බවට අදාල ගොවි සංවිධාන වලින් ගොවීන්ට බලපෑම් කර ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
ගොවි සංවිධානවල උපදෙස් නොතකන ගොවීන්ගෙන් රුපියල් 5000ක දඩ මුදලක් අය කරන බවට ගොවි සංවිධාන ගොවීන්ට දන්වා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇතැයිද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ගොවීන්ටගේ පැමිණිලි පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බව කී අමාත්‍යවරයා කාබනික පොහොර යොදා කරන ගොවිතැන පාඩු වුණොත් වන්දි ගෙවනවාට අතිරේකව ලැබෙන වී අස්වනු කිලෝව රුපියල් 70 බැගින් මිලදී ගන්නට රජය තීරණය කර ඇති බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්