විනීතා එම් ගමගේ
අන්තවාදී කොටස් විසින් ත්‍රිකුණාමල හා මුලතිව් දිස්ත්‍රික්කවල විනාශ කරමින් සිටින පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන පිළිබඳ සවිස්තර වාර්තාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (12) භාර දුන් බව මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා පැවැසීය.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ බඹරගල, කෝකිලායි, යාන්ඔය හා නාගලන්ද ද මුලතිව්හි උරුඳුමලේ ද වව්නියාවේ වෙඩිත්තින්නරකිලෙයි හි වට්ටමාන විහාරය වෙත ගොස් පරික්ෂා කළ බවත් එහි තිබු පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන විශාල ප්‍රමාණයක් මේ වනවිට විනාශ කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
වසර දහසකටත් වඩා පැරණි නටබුන් සහිත යාන් ඔය පෙදෙසෙහි විජය ආගමනයටත් පෙර ශිෂ්ටාචාරයක නටබුන් විනාශ කරමින් පවතින බවත් තමන් එහි යද්දී විශාල ට්‍රැක්ටර් යොදවා නටබුන් සමතලා කරමින් තිබු බවත් මන්ත්‍රීවරයා කීය.
මෙම විනාශයන් පිළිබඳව බලධාරින් කිහිප විටක් දැනුවත් කළ නමුත් මේ වනතුරුත් කිසිවකුගේ අවදානය යොමු වී නැතැයි කී ගුණසේකර මහතා මේ නිසා තම අධ්‍යයනයේ විස්තර ඡායාරූප සහිත වාර්තාවක් සකස් කර ජනාධිපතිවරයා වෙත ලබාදෙන බව ද කියා සිටියේය.
මීට අමතරව උතුරේ හා නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා ස්ථාන රාශියක් විනාශ කෙරෙමින් පවතින බව පෙන්වා දුන් ගුණසේකර මහතා මුහුදු මහා විහාරය සතුව තිබු අක්කර හත්සියයක පුරාවිද්‍යා භූමියේ දැන් ඇත්තේ අක්කර තුනක ප්‍රමාණය පමණක් යැයි ද පෙන්වා දුන්නේය.
අම්පාර දීඝවාපියේ මාණික්කාවඩු, මඩකලපුව මංගලගම හා කෙවිලියාමඩු වැනි ස්ථාන විශාල ප්‍රමාණයක් මෙසේ විනාශ කෙරෙමින් පවතිතැයි හෙතෙම කියා සිටියේය.
පුරාවිද්‍යා නිලධාරින් මේ පිළිබඳ කිසිදු අවදානයක් යොමු නොකරන බව පෙනී යන්නේ යැයි ද ජනාධිපතිවරයා යම් පියවරක් ගනී යැයි විශ්වාස කරන බව ද ඔහු තවදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරද දුටු තැන එඩිතර තීන්දු තීරණ ගැනීමට නොහැකි යහපාලනය දෝරේ ගලනවිට එයට යට වෙන්නේ අපේ ජාතික උරුමයයි.
මොන වාර්තාද මැතිඳුනි, වරද දුටු තැන පහර දෙනු මිස වරද කරුවට, වාර්තා සක්ස්කර කැඳවා විශ්ලේෂණය කර, ප්රතිලාභ ප්‍රතිඵල විග්රහ කරකර ඉඳලා තීරණය ප්‍රකාශයට පත්කරලා අදාල පරිපාලන රමුවේ සීමාවලින් ගිහින් යනකොට කෙළවෙලා ඉවරයි... ගනු කඩුව දෙනු පහර අවැසි තැනදි අවැසි අයුරින්..
ඉක්මන් පියවරක් නොගතහොත් අනතුරේ... වහාම මෙම ස්ථානවලට ආරක්ෂක අංශවල ආරක්ෂාව දිය යුතුයි. දල ලේඛන මත මෙය කල හැකිය. ඉන්පසු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගැනීම් කල හැකිය. දැනටමත් පරක්කු වැඩිය. ඉතිහාසය මැකීමට ඉඩ නොතැබිය යුතුයි.
මෙතුමාට මෙතෙක් වාර්තා කීයක් නම් දීලා තියෙනවද? එකකටවත් හොඳ තීරණයක් ගත්තද? මේකත් කුණු බක්කියට තමයි.
තවම පුරාවිද්‍යා විෂය තියෙන්නේ මධ්‍යම රජය යටතේ. 20 ආවේ නැනේ.! ආරක්ෂක අංශ තියෙන්නේ ජනාධිපති යටතේ. තීරණයක් ගන්න පුළුවන් සියල්ල සිවිල් ආරක්ෂණ අංශයට භාර දෙන්න. සමහර තැන වල සිවිල් ආරක්ෂකයින් සිටියත් හරියට රාජකාරිය ඉටුවෙන්නේ නැති බවක් කියවෙනවා. වැඩේ භාරදීලා පසුවිපරම් වෙනම කණ්ඩායමකට භාර දිය යුතුයි. හුඟක් ව්‍යාපෘති වල දුර්වලකම පසුවිපරම් නැතිවීම. ඉතිහාසය මකන්නේ සැලසුම් සහිතව.