රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩී.පී කුමාරගේ මහතා කතරගම දේවාල භූමියට ආසන්නයේ තිබු බෙහෙත් වත්ත නමින් හඳුන්වන භූමියක් ඉන්දියාවේ තිරුපති දේවාලයට ලබා දීමට එලි පෙහෙළි කළැයි කතරගම (15) විරෝධයක් පැවැත්විණි.
කතරගම නාගහ වීදිය ආසන්නයේ ඇති මෙම ඉඩම බස්නායක නිළමේ වරයා මිට සතියකට පෙර ඩෝසර් කළේය.
මෙම ඉඩම භෞතික සැලසුම් දෙපාර්තෙමින්තුවට අයත් ඉඩමකි.
ඉන්දියාවේ තිරුපති දේවාලයට අනුබද්ධ දේවාලයක් ඉදිකිරීමේ අරමුණින් අක්කර 30 ක් පමණ වන මෙම බිම යොදා ගන්නට යතියි කියති.
කතරගම නගරයේ ජනතාවද නාගහවීදිය, ගමිණීපුර, ගෝතමීගම ජනතාව විරෝධතා පූවරු රැගෙන පූජා භූමියට පැමිණ දේවාලයටද ගොස් පොල්ගසා බස්නායක නිළමේ කාර්යාලයට ගොස් එහි බළධාරියෙකු මුණගැසී මෙම වන විනාශය නතර කරන ලෙස ඉල්ලා සිටියහ. ඔවූහු කතරගම නගරයේ බස්නැවතුම්පොළට ද ගොස් ගොස් සිය විරෝධතා පූවරුද රැුගෙන මාර්ගයේ වාඩිවී විරෝධතාවයක නිරත වූහ.
කතරගම කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප‍්‍රධාන සංඝනායක කොබවක ධමිමින්ද හිමි, කපුගම සරණතිස්ස හිමි, දෙටගමුව ජයසුමනාරාමධිධිපති නවිමණ නාලක හිමි, කතරගම මල්ලිකාරාමාධිපති මාඳුගොඩ ඤාණමෝලි, වල්ලිමාතාගම වල්ලිකන්දාරාමවිහාරධිපති ලත්පඳුරේ විපුල භද්‍ර හිමි හා කතරගම පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයෝ ද එක්ව සිටියහ.
කතරගම බස්නායක නිළමේ ඩී.පී. කුමාරගේ මහතා පැවසූයේ මෙම කාරණයට සම්බන්ධ ඉඩම් කොටසේ ලඳු කොටස පොල් පැළ සහ සඳුන් පැළ සිටුවීම පිණිස එළි පෙහෙළි කළ බවයි. මෙම ස්ථානයේ කිසිඳු දේවාලයකට, පුද්ගලයෙකුට හෝ ආයතනයකට බාර දීමට ක්‍රියා කර නොමැති බවත් යම් හෙයකින් මෙම ස්ථානය දේවාලයක් සෑදීම සඳහා ලබා දීමට සැළසුමක් අනුමත කර ඇත්නම් හෝ ලියවිල්ලක් වෙත්නම් ඔප්පුකර පෙන්වන ලෙසත් එසේ ඔප්පු කළහොත් බස්නායක නිළමේ තනතුරෙන් ඉවත් වන බවත් ඔහු කීවේය.
(ඡායාරූප - කේ.ඩී. දේවප්‍රිය)





COMMENTS
මේ අය කරොත් කරන්නේ ඔය වගේ වැඩ තමයි.(හේ)
හැම සතියකම උද්ඝෝෂණ හෝ විරෝධතා එකක් දෙකක් තියෙනවාමයි. මේවා නිතරම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුලින් ප්‍රදර්ශනයවේ. මේවා තුලින් එම සංවිධායකයින් ලොකු හපන්කමක් කළා , ජයග්‍රහණයක් ලැබුවා කියා චිත්තප්‍රීතියට පත්වනවා වියහැක. මේවා කියවන, නරඹන , දකින , විදේශිකයින් අපේ රටේ අය ගැන කුමන අකාරයේ තක්සේරුවකින් ආපසු යනවාද , ජාත්‍යන්තරයේ අප ගැන තක්සේරුව කෙබඳුවේද යන්න කවුරුත් සිතන්නේ නැති බවයි පෙනෙන්නේ. අපේ රටේ අනාගත දියුණුවට මේවා කොතෙක් බලපානවා ඇත්ද ? කෝවිල් ගැන කියනවා නොවෙයි , රටේ ආර්ථික වර්ධනය සඳහා අපේක්ෂිත විදේශ ආයෝජකයින්ගේ අවධානය කොයි පැත්තට යොමුවෙනු ඇත්ද ?(හේ)
රටම ඉන්දියවටයි අමෙරිකවටය දෙන්නද හදන්නේ.(හේ)
ඉන්දියාවම මෙහේ ගෙනඑන්න වගෙයි හදන්නේ (නි)
ඉතින් කතරගම ඉන්න විෂ්ණු දෙවියොත් ඉන්දියාවේ වැඩියෙන් අදහන දෙවි කෙනෙක්නේ. ඒ හින්දා තිරුපති දේවාලයක් හදන එක ගැළපෙනවා කියලයි මම නම් හිතන්නේ (නි)
ධම්ම මහතා කියනදේත් ඇත්තක් තියෙනවා බලාගෙන යනකොට (නි)
ධම්ම වගේ පුද්ගලයන් නිසා තමා ලංකාවට පරදේශක්කාරයන්ට යටත් වෙන්න සිදුවුණේ (නි)
ඔන්න දෙවියන්ටත් ඒ ගමන දුෂ්කර මාරුවක් දෙන්නයි යන්නේ (නි)
අනේ මන්දා මෙහෙම ගියොත් ඉදිරියට මොනවා වෙයිද කියලා (නි)
ඔය බෙහෙත්වත්ත හදන්න වෙච්ච මහන්සිය දන්නේ අපි. දැන් කතරගම ආවහම ලොකුවෙලා තියෙන බෙහෙත් පැළෑටි දැක්කහම දැනෙන්නේ පුදුම සතුටක්. අනේ ඒක නම් විනාශ කරන්න එපා. බස්නායක නිළමේ බාරකරු මිස අයිතිකරු නොවෙයි. (නි)
ඉන්දියාවේ කෝවිල් කොච්චර තියනවද? මිනිසුන් ඉන්දියාවේ කොච්චර දුක්විඳිනවද? ඔය දේවල් දෙවිවරු මොකටද මෙහෙ ගෙන්වන්නේ? දෙවියන් ඉන්නේ මිනිසුන්ගේ හිතේ. (නි)
හදන්නකො එ්ක මැදමූලනේ. (නි)
මේ යන විදියට නම් දෙවියො බුදුනුත් විකුණාගෙන කන කාලය වැඩි ඈතක නොවනු ඇත (නි)
මේ අය විතරද ඉන්දියාවට ඉල්ලන ඉල්ලන දේ දෙන්නේ? ඉස්සරත් පැට්‍රල් ෂෙඩ් දුන්නා. රාවණා දේවාලයක් හදාගන්න ඉන්දියාවට ඉඩ දුන්නා. දැන් ඉන්න අය පාලම හදාගන්න ඉඩ දෙනවා. (නි)
ඔය කෝවිල් සහ දේවාල හදන්න තියෙන්නේ යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ සහ ඇමෙරිකාවේ. එතකොට ඒ රටවල් දියුණුවෙලා ලෝකයට යහපතක් කරයි (නි)
මේවට රැවටෙන අයත් ලංකාවේ ඉන්නවනේ. දිනපතාම බලන්නේ කාවහරි උසි ගන්නවලා රට අස්ථාවරබාවයට පත්කරලා බලය ලබාගැනීම කියන එක සමහරුන්ට නොතේරෙන එකනේ පුදුමේ (නි)
ඉන්දියාව කියන නම ගෑවෙන කිසිම දෙයක් කරන්න ඉඩදෙන්න එපා. ඉන්දියාව මට නම් අරහං (නි)
මේවා කතරගම දෙවියෝම බලාගනිත්වා! (නි)
අනේ මන්දා, මේ කතා අහලා අපිටත් පිස්සු වගෙයි (නි)
මිනිස්සුත් ඉතින් පොඩ්ඩ ඇත්නම් කලබල වෙනවනේ (නි)
කතරගම දේවාලයට අපේ භක්තිය මොනතරම්ද? අනේ මන්දා මොනවද මේ වෙන්නේ කියලා (නි)
එහෙම තනි මතයට කටයුතු කරන්නේ කොහොමද? (නි)
මම නම් කියන්නේ සැම දෙයකටම හේතුවෙන්නේ තමන්ගේ කර්මයයි. දෙවියන්ටවත් එ්ක වෙනස් කරන්න බැහැ (නි)
අනේ මන්දා , මොන දෙවියා හිටියත් කෝවිල් දේවාල වැඩිවෙන්න වැඩිවෙන්න ඒවට වැඩියෙන් යන්නේ එදාවේල හොයාගන්න බැරි අහිංසකයෝ තමයි. (නි)
ජාතික සන්හින්දියාවේ තවත් එක පියවරක්! ? (හේ)
ඇයි නරකද සහජීවනයට හොඳයි නේ (බ)
රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේගේ වැරදි සෙවීමට පෙර මේ පිරිස තමා නිවැරදි දැයි සිතා බලන්න .(හේ)
තිරුපති කෝවිලක් මෙහෙ හැදුවොත් ලොකු විදේශ විනිමයක් ඉතිරි කරගන්නට පුළුවන්. අර දෙසිය විසිපස් දෙනා කී පාරක් නම් ඉන්දියාවේ යනවද තිරුපති වඳින්න.(හේ)
හැම කෝවිලම මුලාවක් ... (හේ)
රට හැමතැනම අරගල ,උද්ඝෝෂණ ,අහෝ අපේ රටට ගියකලක් .හෙට දවස ගැන බොහෝම කණගාටුයි,අපිටත් වෙන්නේ පිටරට යන්න තමයි.(හේ)
මේ දෙවිවරු බෞද්ධ ආගමට කොහොමද ආවේ? බුද්ධ ධර්මයේ දේව සංකල්පයක් නැනේ එහෙනම් මොකටද දෙවිවරු. (බ)
ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නෑ නේද. (බ)
කොයි දේවාලෙත් ඉන්නේ හොරු. උන් තමයි දෙවිවරු විදියට රඟඟපාන්නේ. මේ වගේ මෝඩ හැතිකරයක් ඉන්නවනේ. මේ මිත්‍යා අවිශ්වාස පිළිගන්න. (බ)
වෙනසකට මුල පුරමුද?(හේ)
කොහොමත් මේක ශ්‍රී ලංකාව නෙවෙයි දැන් ඉන්දියාව කරලා අවසානයි (බ)
තිරුපති මෙහේ හදපුවාම එහේ අයත් මෙහේ එයි.(හේ)
වෙනසකටත් එක්ක හොදයිනේ.(හේ)
දිවිය ලෝකය කරා යන ගමනක්.(හේ)
යහපාලනය දිව්‍ය ලෝක කරා යන ගමනක්ද?(හේ)
තව මොනා මොනා හදන්න යයිද දන්නේ නෑ.(හේ)
මේ තියෙන කෝවිල් මදි වෙලාද?(හේ)