සරල සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද ත්‍රිපිටක ග්‍රන්ථ 03 ක් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පිළිගැන්වීම ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදන මණ්ඩලයේ සභාපති දවුල්දෙන ඥානීස්සර ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහ නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදන මණ්ඩලය විසින් මෙම ග්‍රන්ථ සම්පාදනය කර තිඛෙන අතර බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය පරිවෙනාධිපති බළංගොඩ සෝභිත නාහිමි, මහාචාර්ය වෑගම පියරතන, ත්‍රිකුණාමලයේ ආනන්ද යන හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයද බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, බෞද්ධ කටයුතු කොමසාරිස් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනියතං කියන වචනෙ අර්ථය අනිච්ච කියන වචනයට දීලා තියෙනවා. “ජීවිතං අනියතං මරණං නියතං”. ජීවිතය ස්ථිර නෑ මරණය ස්ථිරයි. අපි අනිච්ච කියන වචනෙට මේ ස්ථිර නැත්නම් කියලා දෙන වචනෙ වැරදියි. ස්ථිර නැත්නම් කියන ඒකට වචනය අනියත. ඔතන තියෙන්නෙ අනිච්ච. ඉච්ච කියන්නෙ කැමැත්ත(ස්වේච්ඡාවෙන් = ස්ව ඉච්ඡාවෙන් - තම කැමැත්තෙන්, ඉච්චා භංගත්වය = කැමැත්ත ඉටු නොවීමෙන් ඇතිවන සිත් වේදනාව, ඉච්චා බස් = කැමැත්ත දිනා ගැනීමට කියන චාටු කථා, අල්පේච්ඡ = අල්ප ඉච්ච - කැමැත්තෙන් ගොඩගහගන්නා දේවල් අඩු ). අනිච්ච(න ඉච්ච, අන් ඉච්ච) කියන්නෙ කැමැත්තට නෑ. මෙන්න හේතුව. (ර)
සිල්වා මහතාගේ අදහස මදක් නිවැරදි විය යුතුයි.බුදුහිමියන් විනයේ දක්වා ඇත්තේ තම භාෂාවට දහම පරිවර්තනය කරගැනිම වරදක් නොවන බවයි.එහෙත් මාගධී පෙළ සහමුලින්ම අතහැර චිත්‍රකතා භාෂාව මෙන් සිංහලයට පරිවර්තනය කිරීමට අප ද කැමති නැහැ.එවිට දහම හෑල්ලුවට ලක් වනවා. (අ)
මේක හොද වැඩක්, නොතේරෙන භාෂාවකින් ධර්මය තිබ්බාට තේරුම් ගන්න පුලුවන්ද?. මොනවා හරි හොඳ වැඩක් කරපුවහම එක විවේචනය කරන එක හරිම කැත වැඩක්. අපිට ජාතියක් විදිහට දියුණුවක් නැත්තේ එකනේ.(ම)
මෙම උදා හරණ බලන්න. උපන් දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ මෙහි අදහස වෙන්නේ කුමක්ද ? වර්තමාන සමාජය වටහා ගෙන ඉන්නේ කැලණිය එක්වරක් වැන්දොත් සියලු කළ පවු නැතිවෙන බව නැත වරදයි මෙහි හරි තෙරුමවන්නේ වන්නේ මාර්ග පල ලබපු පුද්ගලයා නොහොත් ඔබගේ කල්‍යාන මිත්‍රය වරක් දෙපා වඳපු විට ඔබටද මාර්ග ඵල ලබා ගැනීමට පහසු වෙනවා මොකද ඔහුගේ ශරීරය තුලින් පිටවන කිරණය තුලින් ඔබගේ බුද්ධිය අවදි කරනවා එවිට ඔබගේ කල්‍යාන මිත්‍රය දෙසන ධර්මය ඉමණින් වැටහෙනවා. වර්තමාන සමාජය වටහාගෙන තිබෙන්නේ කැලණිය යනුවෙන් නමුත් නිවැරදි තේරුම ඉහත මම සදහන් කර ඇත බුදුන්ගේ නිසි ධර්මය වෙනත් භාෂාවට පෙරලීම තුලින් මෙවැනි විකුර්ති තේරුම් සමාජ ගතවේ. (අ)
" හිත නිවෙන බුදු බන" 1,2,3,4,5,6,7, කොටස් හතකින් අන්තර්ජාලය ඔස්සේ නිවැරදි බුදුබණ ඔබ සැමට ශ්‍රවනය කලහැක මා සැමට කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මෙම දෙසා එක්වරක් හෝ ශ්‍රවනය කරන ලෙස. (අ)
කවද විතර පොත් වහන්සේලා සාමාන්‍ය ජනතාවට ලැබේවිද? පීඩිඑෆ් ගොනුවක් තිබේනම් වඩාත්ම හොඳයි. පොඩි කාලේ පාලි ඉගන ගත්තේ නැති එකේ අඩුව දැන් හොදටම දැනෙනවා. (බ)
කොහොම වුණත් 'හිත නිවෙන බුදු බණ' මෛත්‍රී සමාජයක් බිහිකරන්න කදිම ආදර්ශයක්. (නි)
හොද වැඩක් (අ)
බුදුන්වහන්සේ ධර්මය දේශනා කර ඇත්තේ මගාදි බසින් එයට සමාන එකම බස හෙළ බස පමණයි නමුත් බුදුන් වහන්සේ ගේ නිර්මල ධර්ම දෙසනවා පරිවර්තනය කිරීම තුලින් හරිම තේරුම නැතිවී යන බව මම අසා ඇත. බුදුන් වහන්සේද පවසා ඇත්තේ මගේ මේ ධරමය වෙනත් බසකට හෝ ගන්ථාරූඩ නොකරන ලෙසයි ඒ තුලින් නිවැරදි ධර්මයට හානියක් වෙන බවයි. (අ)
සිල්වා මහතාගේ අදහස 100% ක්ම නිවැරදියි. දැන් බලන්න ධර්මාවබෝධයට තේරුම් ගතයුතු මූලිකම බුද්ධ දේශනාව වන"යදනිච්චං තං දුක්ඛං යං දුක්ඛං තදනත්ථා" කියන තිලකුණ සිංහලට පරිවර්තනය කිරීම තුළින් නිවන් මග වහලා තියෙන හැටි. යමක් අනිත්‍යනම් ඒක දුකයි. යමක් අනිත්‍යනම් දුක නම් ඒක අනාත්මයි. අද හැම තැනම තෝරන්නෙ ඔහොම නේද?.“යදනිච්චං තං දුක්ඛං” කියන පාලි පෙළ දහම එහෙම වැරදි නැහැ. සර්ව සම්පූර්ණයෙන් හරි. නමුත් සිංහල තේරුමත් පෙළ දහමද? නෑ, ඒක ආචාර්‍ය වාදයක් පමණයි. දැන් යමක් කිව්වහම, මේ ලෝකෙ පවතින කිසි දේකින්, ඉතුරු වෙච්ච අත් හැරිච්ච එකක් තියෙනවද? ඔක්කොම අහුවෙලා නේද යමක් කියන එකට? .යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි. ඔහොමනෙ අද තෝරන්නෙ. අපි හිතමුකො අංශභාගය අයිති මොකටද? යමක් කියන එකට අයිති නැද්ද? පිළිකාවත් අයිතියි නේද? අනිත්‍යයි කියන්නෙ ස්ථිර නෑ කියල ගත්තොත් යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි. ස්ථිර නම් සැපයි. විය යුත්තෙ ඒකනෙ. ඒ කියන්නෙ අංශභාගෙ පිළිකාව ස්ථිර නැත්නම් දුකද? ස්ථිර නම් සැපද? (ර)
සැබැ දිනුම කොතනද බව ජනපතිට වැටහී ද (බ)