තොරතුරු දැන ගැනීමේ මූලික අයිතිවාසිකම් පනත් කෙටුම්පතට කථානායක කරු ජයසූරිය මහතා අත්සන් යෙදීමත් සමග බ්‍රහස්පතින්දා (04) සිට නීතියක් බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
කථානායක නිල නිවසේදී එම කටයුතු සිදු වූ බව ද එම අමාත්‍යාංශය සදහන් කරයි.
තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත පසුගිය ජුනි 24 සම්මත කැරිණි. පනතට කථානායකවරයා අත්සන් තැබීම ප්‍රමාද කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ පසුගිය දිනවල ආණ්ඩුව දිගින් දිගටම චෝදනා කළහ. තොරතුරු දැන ගැනීමේ මූලික අයිතිවාසකම් පනත ගෙන එන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන ප්‍රතිපත්තියේ ප්‍රධාන පොරොන්දුවක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම සන්තෝෂයි (නි)