ජනතාවට සත්‍ය දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් තොරතුරු දැනගැනීමේ පනත දින 100 තුළ සම්මත කරගැනීමට බලාපොරොත්තුවන බව ජන මාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කියයි.
පසුගිය සමයේ රාජ්‍ය මාධ්‍ය නින්දිත අයුරින් කටයුතු කිරීම නිසා ඇතිවූ ප්‍රතිඵල ගැනද කී ඒ මහතා රාජ්‍ය මාධ්‍ය ජනතාවට සමීප කිරීමට කටයුතු කරන බවත් කීවේය.
හිංසනයට ලක්වූ හා අතුරුදන්වූ මාධ්‍යවේදීන් ගැන වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් සුදුවෑන්වලින් මාධ්‍යවේදීන් පැහැරගෙන යාමේ සංස්කෘතියට තිත තබන බවද ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය වල කළමනාකරණය සඳහා ස්වාධීන, කොන්ද පණ අැති පුද්ගලයින් පත්කරන්න. ඊළඟ මැතිවරණය දිනන්න පුලුවන් එතකොට (නි)
මේක තමා වෙන්න ඕන.....රටක නිදහස්,,, මාධ්‍ය කියන්නේ ඉතාම වැදගත් තැනක්...ගන්නවා... අපි සල්ලි දීල පත්තර අරගන්නේ රටේ තොටේ විස්තර දැන ගන්න නේ.....නැත්නම් පර්ස් වල සල්ලි තියාගන ඉන්න බැරිකමට නොවේනේ ....(බ)
දැන් ඉතින් අපි ලියන ඒවා ඔක්කොම පලකරවී...නේ....මොකද පහු ගිය දවස් වල ලියපුවා වැඩි හරියක් බලදාරිය විසින් කැප සරිනන ලදී නේ....නේද......(අ)
දැනටමත් මෙම පනත සකසා ඇති බැවින් දින 100 නොව , දින 10 කින් ගෙන එන්නට කියා ඉල්ලා සිටිනවා. එවිට දින 100 වැඩසටහන සිදුවෙන අකාරය පක්ෂග්‍රාහී නොවී දැනගැනීමට ජනතාවට හැකිවෙනවා. (බ)
ඇමතිතුමනි, රාජ්‍ය මාධය සීමාව ඉක්මවා ප්‍රශස්ති ගායන කරන රැවටිලිකාර ක්‍රියා මාර්ගයෙන් බැහැර කරවන්න. මහ ජනයා මීහරක් රංචුවක් නොව බුද්ධිමත් ජන සමූහයක් බව සිතා දැන්වත් කටයුතු කල යුතුය. (අ)
ඡන්දෙ ගන්න කලින් කිව්වෙ දින 100 ඇතුලත අනිවාර්යයෙන්ම ඔය පණත ගේනවා කියලානේ. දැන් කියනවා සම්මත කරගැනීමට බළාපොරොත්තු වෙනවා කියලා! (නදී)
යහපාලනයක් සඳහා මාධ්‍ය නිදහස පමණක් මදි.බොහෝ දියුණු රටවල කරනවා වගේ කිසියම් නිශ්චිත වටිනාකමකට වඩා වැඩි සියලුම ගිවිසුම් අත්සන් කිරීමට සති දෙකකට පෙර ප්‍රසිද්ධ ගිවිසුම පුවත්පතක හෝ පළකිරීමත් එම ගිවිසුමට තෝරාගත් සුදුසුකම් සහ අයදුම්කළ අනෙකුත් අය නුසුදුසු වුණ හේතුව සාරාංශ ලෙස හෝ සඳහන් කිරීමත් මඟින් විනිවිදභාවය නිසා වංචා දුෂණ අවම කිරීමට හේතුවේ.මේවා ව්‍යවස්ථාගත කිරීම මඟින් යහපාලනය ගෙනෙනවා මිස බිලියන ගණන් වංචා සිදුකරන්නට ඉඩ හැර වසර ගණන් ඇදෙන කොමිසම් පත්කිරීම පනින රිළවුන්ට ඉනිමං බඳිනවා වැනි වැඩකි. (නි)
සුදු වැන් වලින් කීදෙනෙක් අරන් ගිහින් තියනවද කියල අපි දින 100න අහන්නේ කාගෙන්ද? කොහොමද? (අ)
රජයට පක්ෂපාතී අය දැනටමත් රාජ්‍ය මාධ්‍ය වලට පත් කරඇති නිසා මොන පනත ගෙනාවත් වැඩක් වෙන්නෙ නැහැ.හැමදාමත් වුනා වගේ පැරදුන පැත්තේ සත්‍ය තොරතුරු දැන ගන්නනම් හැකිවේවි. ගයන්ත මහත්තයෝ හැම ආණ්ඩුවක්ම මේ වැඩේ පටන් ගත්තේ අගින් ඹබ තුමාවත් මේක මුලින් පටන් ගන්න. (අ)