ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර පැවති තරුණ විද්‍යාඥයින් සඳහාවූ ඔලිම්පියාඩ් තරඟාවලියෙන් කොළඹ නාලන්ද විද්‍යාලයේ රඛිත මාලේවන සහ රනංජය සුභාෂ් යන සිසුන් දෙදෙනා රන් සම්මාන දෙකක් දිනා ගත්හ.
එච්.අයි.වී ඒඩ්ස් රෝග වෛරසය දාරක සෛල සමග එක්වීම වැලැක්වීමට නැනෝ තාක්ෂණය භාවිතයෙන් සහ ශාක ජාන භාවිතයෙන් ඖෂධයක් නිපදවීම සඳහා විද්‍යාත්මක ක්‍රමයක් රඛිත මාලේවන සිසුවා සොයාගෙන ඇත. රනංජය සුභාෂ් සිසුවා කාබනික ජලයේ ඇති බැර ලෝහ ජීව අවශෝෂණය කිරීමට හැකි මට්ටමට එම ජලයේ ඇති දිලීර උපයේගි කරගත හැකි විද්‍යාත්මක ක්‍රමයක් ඉදිරිපත් කර ඇත.
රටවල් 41 ක් නියෝජනය කරමින් තරඟකරුවන් 183 දෙනකු මීට එක්වී සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාලන්දාවේ නම රැකගන්න මේ පුතුන් දෙදෙනා ඉදිරිපත්වීම ජාතියටම ආඩම්බර වෙන්න පුළුවන් කාරණයක්. (නි)
ඔබ දෙපල ගැන හරිම ආඩම්බරයි. ඔබලා මීට පෙරත් මෙවැනිම ජයග්‍රහණ රාශියක් ලබාගෙන තිබුන බව ආරංචියි. ඔබවන් ලක් පුතුන් අපගේ රටට වාසනාව ගෙන එවි. (හේ)
නාලන්දා පුතුනි, ඔබලා අපගේ රටට වාසනාවක්. ඔබලාට උණුසුම් සුබ පැතුම.! (ර)
රටේ පිනට පහළවෙන දරුවන්, සුබ අනාගතයක්. (ර)
රට හැර දා ගොස් ඉගෙන නැවතත් ලකට පැමිණ සේවය කරන්නට සිත් පහල වේවා ! (ර)
ඔබගේ නිර්මාණ පිළිබදව ආඩම්බරයි.නොනැවතී දිගටම පර්යේෂණ කර තව තවත් නිර්මාණ කිරීමට අනාගතයේදී පුලුවන් වෙිවී.රජයෙන්ද නොමසුරු සහය හිමිවේවායි පතමි. (නි)
උණුසුම් සුබ පැතුම්! (නි)
ඔබ දෙපළට තව ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
අනේ කොල්ලනේ, ඉගෙනගෙන අවසානයේ කොහේ හරි රටකට පලයල්ලා. මේකේ අයගේ බයිලා අහන්න එපා. මමත් ලංකාවේ ඉගෙනගෙන පිටරටක ලොකු පඩියකට වැඩකරලා ඒක දාලා ලංකාවට ආවේ. දැන් ආපසු පිටරට (නි)
ගොඩක් ආඩම්බරයි පුතේ ඔබලා ගැන. (බ)
මගේ සුබ පැතුම්. නමුත් බොහොම මහන්සියෙන් දැඩි කැපවීම් කරලා මේ දරුවන් දෙදෙනා ඉදිරිපත් කල නව සොයා ගැනීම් වෙන කාටවත් හොරකම් කරන්ට ඉඩ තියන්ට එපා. එහෙම කූට පුද්ගලයොත් මේ ලෝකේ ඉන්නවා. (ස)
අපිට ගොඩක් සතුටයි නාලන්දියන් හැටියට ඔබ දෙපලගේ දක්ෂතාවය ගැන සුබ පැතුම් ඔබට (ම)