කොමන්වේල්ත් බැංකු කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇඩිලේඞ් ඕවල් පිටියේදී අද (14) පැවැති තරගයේ ලකුණු සම විය. ජයග‍්‍රහණය සඳහා ලකුණු 237 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දිය පිලට අවසන් ඕවරයේදී ලකුණු 9 ක් ලබාගත යුතුව තිබු අතර ලසිත් මාලිංග විසින් අවසන් ඕවරය යවන ලදී.
මාලිංග ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අවසන් පන්දුවේදී ඉන්දිය පිලට ජයග‍්‍රහණය සඳහා ලකුණු හතරක් ලබාගත යුතු විය. ඉන්දීය පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දුවට පහර දෙමින් ලකුණු තුනක් ලබා ගැනීමත් සමග දෙපිලේම ලකුණු සමවිය.
මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 58 ක් ලබා ගැනීමට සමත්විය. ආරම්භක පිතිකරු ගෞතම් ගම්බිර් ලකුණු 91 ක් ලබා ගනිමින් ඉන්දිය ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය.
ශ්‍රී ලංකාව ඕවර 50 කදී කඩුලූ 9 ට 236
ඉන්දියාව ඕවර 50 කදී කඩුලූ 9 ට 236
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද මාලිංග විශිෂ්ඨ වෙන්නේ? දෙපාරක් බෝලෙ අතඇරියා..
නියමයි..
අපරාදේ......
තරගයේ අවසාන පන්දුවාර දෙකේදි ලකුනු 21ක් ලබා ගැනීමට තිබුනා.එම ඕවර දෙක පන්දු යවූවන් දිනීමට අවශ්‍යනැති බවක් පෙන්නුමිකලා.අවසථා දෙකකදි දෝනි හා විනේකුමාර් දුවනවිට දවාගන්නට තිබූ වුනත් පන්දුව ඇල්ලීමට බැරිවූයෙ මන්ද යයි නොභැගේ.අවසාන පන්දුව පලපුරුදු යෝකරයක් දැමුවානම් දෝනිට ගතහැකි ලකුනු වන්නේ එකකි.එසේනම් ලංකාව ලකුනු තුනෙන් දිනයි.