IMG-LOGO

තිරික්කලෙන්ද ආවෙ?

2016-07-30-ent-03අපිට සමාජෙ විවිධාකර මිනිස්සු හම්බවෙනවනෙ. කලා ලෝකයෙත් ඉන්නෙ මිනිස්සු නිසා අපට එහෙදිත් නා නා විධ මිනිසුස් මුණගැහෙනවා. ඔන්න එක්තරා රංගන ශිල්පියෙක් ඉන්නවා, ඔහුගේ වැඩේම කාටහරි බණින එක තමයි. ඒ නිසාම ඔහුව කිසිම වැඩකට සම්බන්ධ කරගන්නත් කවුරැත් කැමති නැහැ.

ඔහු එක එක කාලවලදි බණින්න කාවහරි තෝරගන්නවා.

එක කාලෙක ඔහු බණින්නෙ රූපවාහිනී නාලිකාවලට. තවත් කාලෙක බණින්නෙ ගායකයින්ට. පත්තරවලට, මාධ්‍යවේදීන්ට, ඇමෙරිකාවට, ඉන්දියාවට, සිනමාවේදීන්, නළු නිළියන්ට... බණින්න, දොස් කියන්න ඔහු විවිධ කාලවකවානු තෝරගන්නවා. ඔන්න ඔහු දැන් පටන් අරං තියෙන්නෙ මැදපෙරදිග තෙල් නිපදවන රටවල්වලට බණින්න. තැනකට ආවාම අවට ඉන්න කලාකාරයො කන් දෙක වහගන්නවා. මේ බරබරේ ඉවසන්න බැරිකමට.

ඒත් එක්තරා ගායකයෙක් මේකට නියම විසඳුමක් හොයාගත්තා

"හරි අයියා දැන් ඔයා ඔය කියන රටවල්වලට දොස් කියනවනෙ. ඔයා අද ආවෙ තිරික්කලෙන්ද? නෑනෙ. ඒ රටවල්වල හදන තෙල් ගහලානෙ ඔයා කාර් එකේ ආවෙ. ඔයා ඔය විදිහට බණිනවනම් ප්‍රතිපත්තිගරුක වෙන්න ඕනෙ හරිද?* කියලා ඔහුට කිව්වම ඔහුගේ මූණ පුංචි වෙලා රතු වුණාලු.

එදායින් පස්සෙ එයා ඉන්න තැනක කවුරු හරි "තිරික්කලෙන්ද ආවෙ?" කියලා අහපු ගමන් අර භූමිතෙල් ගඳට මිසිං වෙන ගැරඬියා වගේ මොහුත් ක්ෂණිකව මිසිං වෙලා යනවලු.

 

DESHAYA



අදහස් (0)

තිරික්කලෙන්ද ආවෙ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 372 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site