ගාල්ල උණවටුනේදී පුද්ගලික බස්රියක් සහ ත්‍රී රෝද රියක් ගැටී ත්‍රී රෝද රියේ සිටි තිදෙනකු මියගොස් තවත් අයකු රෝහල්ගත කළ බව පොලීසිය කියයි. මියගිය පිරිස තල්පේ පදිංචි එකම පවුලේ නෑයන් බව දැනගන්නට ඇත.