යාපනයේ දැරිය කෙලෙසා මරා දැමීමට එරෙහිව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අද (22) බොහෝ පාසල් සිසුහු පාසල් නොපැමිණියහ.
සිවිල් සංවිධාන හා කාන්තා සංවිධාන මගින් පෙරදින කළ ඉල්ලීමක් අනුව සිසුන් පාසල් නොපැමිණි බව වාර්තාවේ.
මේ අතර මඩකලපුවේද අද කඩසාප්පු බොහොමයක් වසා තිබුණි.
දැරියගේ දූෂකයන්ට එරෙහිව මේ පියවර ගත් බව මඩකලපු වැසියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය ක්‍රියාත්මකවෙද්දීත් මේ කරන්නේ වෙනම දෙයක් කියලයි මට හිතෙන්නේ (නි)
මෙය ඉතාම දුක්මුසු පුවතක්. මලක් වැනි දියනියක් විනාශ කළ වරදට මේ අමනුස්ස කුරිරු මිනිසුන්ට දැඩි දඬුවම් හා වදහිංසා දිය යුතුයි. මේ වෙනුවෙන් විරෝධය පලකිරීමට දකුණේ ජනතාවද පෙළ ගැසිය යුතුයි. (ස)
2014 ජනවාරියේ යාපනයේ පලාලි පාරේ කුඹුරක ගැහැණු ළමයෙක් දුෂණය කරලා මරල තිබුන...ඊට පස්සේ කට්ටිය අව ඕක බලන්න.. අනේ අපොයි කියල ගියා විතරයි..මෙච්චර හර්තාල් නම් මොකුත් කලේ නෑ..මේකේ අරමුණ වෙනස් (ම)
මෙම අවාසනාවන්ත සිදුවීම වන්නේ යාපනයේ පැවැත්වෙන බෞද්ධ සම්මන්ත්‍රණයට සමගාමීව. එතකොට එවැන්නක් සැලසුම් කරනවිට මෙත්තා, කරුණා මුදිතා, උපෙක්කා වගේ බෞද්ධ මූල ධර්ම ගැන දැනුවත් කිරීමක් ගැඹුරින් සමාජගත විය යුතුව තිබිණ. ප්‍රචාරණයට තියන්නන් වාලේ තිබීම විතරයි. බිඳුණු හදවත් එක්කරන්න පටු දේශපාලන අරමුණු වලට බැහැ. තිස්වසරක් ඍජුව යුද්ධයේ පීඩනයට නතු වූ අයට ගැඹුරු මානසික උපදේශනයන් තිබිය යුතු වෙනවා. දිගු කාලීනව. සමාජ තුවාල සුවනොවී තියෙන තාක් අපගේ පාලනයට යටත් නැති සන්විදිත මැස්සන්ට තව තවත් තුවාලය කුණු කරන්න පුළුවන්. එම තත්වයේ පෙරනිමිති තමා මේ තියෙන්නේ. වල දුටුකල කල පුරවා ගැනීම.! (ස)
ඔව් ලක්ෂ්මන්, හරිනම් ශිෂ්ට සමාජයක් හැටියට, මිය ගියේ යාපනයේ ලඳක් කියා නොසිතා අපරාධයට ලක් උනේ අපේ දියණියක් කියා සිතා මුළු ලංකාවේම ජනතාව මෙවැනි දේවලට විරුද්ධව නැගී සිට එවැනි පාපතරයින්ට විරුද්ධව දැඩි ( අනතුරු ඇඟවීමක් ) පණිවිඩයක් දිය යුතුයි. (ස)
නිශාඩ් ඔය කියන්නේ දකුණේත් පොලිසි වලට ගහල උසාවි කුඩු කරලා එහෙමද ? (ම)
දකුණේ අය සමහර දූෂකයන්ව නිදහස් කරන්න කියල කඩේ ගිය හැටිත් අපට මතකයි. (ස)
දූෂණ සිද්ධිය පිටුපස තිබෙන අනෙකුත් බලවේග හඳුනා ගන්න. කරුවලේ අත පත ගාල දැන් අත පිච්චීගෙන එන බව අමතක කරන්න එපා. යලි බෝම්බ නොපිරේවයි ප්‍රාර්ථනා කරනවා. (ස)