ශ්‍රී ලංකාවේ නව තායිලන්ත තානාපති කාර්යයාලය විජේරාම බාන්ස පොදෙසට ගෙන ගොස් ඇති අතර එහි ආරක්ෂක කුටිය හා රථ ගාල සඳහා පදික වේදිකාව භාවිතා කර ඇති නිසා පදික වේදිකාව භාවිතා කරන්නන්ට මහ පාර භාවිතා කිරීමට සිදු වී ඇත.
මෙම පෙදෙස දවසේ කිහිප විටක්ම දැඩි ලෙස කාර්යබහුල වන පෙදෙසකි. පාසල් ළමුන් වැඩි පිරිසක්ද ගැවසෙන පෙදෙසකි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම් හරි. පදික නීතිය කඩකරන සැමට දඩගැසිය යුතුයි (නි)
තානාපති කාර්යාලයේ කටයුත්ත නිවැරදියි කියලා මම කියන්නේ නැහැ. නමුත් මීටවඩා පටු ජනාකීර්ණ මංසන්ධි මැද්දේ ටයර් කඩ වල ටයර් මාරුකරනවා. ගරාජ වල වාහන අලුත්වැඩියා කරන්නේ මහා පාරේ. සමහර කඩවල බඩු ප්‍රදර්ශනය කරන්නේ පදික වේදිකාවේ. සමහර බැංකු, සුපර් මාර්කට් වලට රථ ගාල් ඇත්තෙම නැහැ, වාහන ඔක්කොම පාරේ නවත්වන්නේ (නි)
සෑම් මහත්තයාගේ කතාව හරියට හරි. අපේ රටේ අයට තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලය පෙනෙන්නේ නැහැ, නමුත් අනිත් මිනිහගේ මවිල් ගස ගැන තමයි කතාව (නි)
මේක නීතිවිරෝධී නම් තානාපති කාර්යාලයේ වාහන වලට විරුද්ධව නීත්‍යනුකූලව කටයුතු කළයුතුයි. දැන් තායි වීසා වලදී නීතිය අකුරටම බලනවා. ශ්‍රී ලාංකිකයන්ව හරිම හිරිහැරයට ලක්වන විදියට වීසා සඳහා දැඩි නීති ක්‍රියාත්මක කරලා රස්තියාදු කරනවා. අපෙත් නීතිය අකුරට කරලා දඩ ගහන්න (නි)
ඇමෙරිකාවේ නම් තානාපතිලා කියලා බලන්නේ නැහැ දඩ කොළ සහ දඬුවම් දෙනවා. දැක්කනේ පහුගිය කාලේ ඉන්දියන් තානාපතිව හිරෙත් දැම්මා. කැනඩාවේ හිටපු රුසියන් තානාපති කාර්යාලයේ ලොක්කෙක් එහෙමත් බීලා වාහන එළවලා හිරේ දැම්මා. දියුණු රටවල නීතිය හැමෝටම පොදුයි (නි)
අපේ අයගෙනුත් නීතිය හරියට කරන්න කියලා ඉල්ලා සිටිනවා (නි)
නාමල්, ඔයා හරි (නි)
නාමල්, තායිලන්තය කියන්නෙ ලෝකයේ ජාතීන් විශාල සංඛ්‍යාවකට ඉතා ලේසියෙන් ඇතුළු වෙන්න පුළුවන් රටක්. මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන නොයෙක් ජාවාරම්කරුවන් එහි ක්‍රියාත්මක වෙනවා. ඒ අතර ලංකාවෙ අයත් ඉන්නවා. යුද්දෙ කාලෙදි කොටි එහි සිට ක්‍රියාත්මක වුණා. මෙවැනි දේවල් හින්දා තමයි දැන් වීසා නීති දැඩි කරලා තියෙන්නෙ. (නි)
පොලිසිය මොකුත් පියවරක් ගන්නේ නැද්ද? (නි)
හැමතැනම ඔහොම තමයි. පදික වේදිකාව පෙන්නන්න බැහැ. එක්කෝ ටිකට් විකුණන කූඩුවක් හරි දා ගන්නවා (නි)
නියමයි ලංකාදීප. ඔබට ස්තූතියි! (නි)
සෑම් මහතාගේ කතාව හරි. කරුණාකර පදික වේදිකාව අවහිර කරන ව්‍යාපාර වලට විකල්ප එම ව්‍යාපාර අයිති පුද්ගලයන්ගෙන් ද මුලික කරගෙන සැලසුම් කරන්න. අනික මුළු රටේම එක වර මෙම නිතිය ක්‍රියාත්මක කිරීම ප්‍රයෝගික නොවේ. ප්‍රථමයෙන් නගර වැදගත්කම අනුව කොටස් වලට බෙදා ටික නව සීමා ඇතිකරමින් ටිකෙන් ටික මේ වැඩ කරගෙන යන්න. ප්‍රයෝගික නොවන නීති වැඩි කල් නොපවතී. (බ)
තායිලන්තයේ සමහර පැති වල නම් ඉතින් ඔක්කොම මහපාරේ තමයි. (නි)
එන්න මහනුවරට ත්‍රී වීලර් හැම තැනම. පදිකයින් පාරේ තමා යන්නේ මොන පොලිස්ද (බ)
සහතික ඇත්ත නාමල්ගෙ කථාව. තායි එම්බසිය දැන් වීසා නීති අකුරක් ගානෙ බලන්න අරන්. තායි නැතුව වෙන රටකට යන්න මීට වඩා ලේසියි දැන්. ෆ්ලයි කරන එයා ලයින් එක පවා ප්‍රශ්නයක් කරලා. මාස තුනකට ගන්න ටුවරිස් වීසා එකකට ශ්‍රී ලාංකිකයෝ ලොකු අපහසුතාවයකට පත්කරනවා මෙයාලා දැන්. හරිම කණගාටුයි තායි වගේ මිත්‍ර රටක් දැන් ශ්‍රී ලංකාවට සළකන විදිය ගැන. (නි)