(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තෙඹුවන පොලිසියේ සැරයන්වරයකු අත්අඩංගුවට ගත් වැලි ලොරිය ස්ථානාධිපතිවරයා නිදහස් කිරීම හා එම සැරයන්වරයා සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට විශේෂ පොලිස් කණ්ඩායමක් අද (08) තෙඹුවනට පිටත් කර හැරිය බව පොලිස් විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතා පැවසීය.
ඉකුත් 03 වැනි දින සිදු වූ එම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලබා දුන් උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී කිංස්ලි ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් ඒ සඳහා පිටත් කළ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙබුවන පොලිසියේ සාජන් මහත්මයා... රටට වගේම පොලිසියට හොඳ පාඩමක් ඉගැන්නුවේ.. ගන්න පඩියට සියයට 100ක් අවංකව වැඩ කරන්න කියලා.
මෙතැනදී කවුරු හරි කවුරුද වැරදි කියා සෙවීම ඉතා වැදගත්... ඒ වගේම කවුරුහරි හිතාමතා වැරදි ක්‍රියාමාර්ගයකට අවතිර්ණය වෙලා තියනවා නම් ඔහුට රටේ නීතිය අනුව... උපරිම දඬුවම් පැමිණීමට පොලිසිය කටයුතු කළ යුතුයි.
ඔය සාජන් මහත්තයා 100% නීතියට වැඩ කරන නිලධාරියෙක්. පගාව ගන්නේ නැති අවංක නිලධාරියෙක්.මේ රටේ අවංක නිලධාරීන්ට නීතියක් නැති බව ගස් ගල් පවා දන්නවා. ඒ නිසා මොන කණ්ඩායම් ඇරියත් අන්තිමේදී මෙම නිලධාරියා වැරදිකරු වේවි. ඕක තමයි රටේ තත්වය. මොකද වැලි ලොරියේ අයිතිකරුවා දේශපාලුවෙක්. මොන නීතිය ක්‍රියාත්මක කරලා හරි දේශපාලුවගේ පැත්ත හරිය කියාවි අන්තිමට.